වැරදුණු බව දැන නිවැරදි මාවතකට එන්නට අතුරලියේ රතන හිමියන් ගත් තීරණය අගය කරන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
දුක්ඛ සත්‍යය දුටු උන් වහන්සේ ඒ බව එළියට පැමිණ කී බවත් එසේ කළ රතන හිමියන්ගේ අවංක බව හා නිහතමානිකම අගය කරන අතරම ඒ මඟ ගමන් කරන්නැයි අනෙක් අයගෙන් ද ඉල්ලා සිටින බවත් ගම්මන්පිල මහතා කීය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද(17) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි නුඹ වගේ දුරදිග නොබලා කටයුතු කරන එකක් නම් නැහැ (නි)
රතන හිමියන්ගේ තීරණය පාර්ලිමේන්තුවේ සිටින අනික් උදවියටත් හොඳ පාඩමක් (හේ)
හැමෝම එක එක වැඩ කරගෙන ඉන්නවා ජනතාව දුක්විදිනවා. (ර)
සුනිල් මහත්මයා කිව්වා වගේ ඔක්කොම එකම බෝට්ටුවේ. මොවුන්ගේ ගොඩ ලොකු කරගන්නවා ඇරෙන්න රට ගැන කිසිම හැඟීමක් නැහැ (නි)
කරුණාකර ඔබ රට වෙනුවෙන් කළ එක වැඩක් කියන්න බලන්න (නි)
යහපාලනය අගය කරන අය දැන් රතනහිමියන්ට අපහාස කරාවි විවිධ අවලාද කියාවි, එ්ත් මතක තියාගන්න මහින්ද මහත්තයගේ අාණ්ඩුව පෙරලාදමා යහපාලනය පිහිටු වන්න පෙරමුන ගත්තෙත් රතන හාමුදුරැවෝ කියලා. (ර)
යහපාලනයට විරුද්ද වුණා කියන්නෙ රතන හාමුදුරුවන්ටත් එෆ්.සී.අයි.ඩී. එකට යන්න වෙනව කියන එකයි. (ර)
රතනහිමි ඒ පැත්තට නම්මා ගන්නවත්ද.? (ර)
කාගේ කාගේත් රගේ හොඳට අපිට දැනෙනවා දැන්. කවදත් රැවටුනේ ජනතාව පමණි. අපිට කියන්න තියෙන්නේ, උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි කියල ඇරෙන්න වෙන මොනවද? (ර)
රතන හිමි අහුවෙන එකක් නැහැ මගේ හිතේ. (ර)
සමහරුන්ට මේක සතුටට කාරණයක් වුනාට පස්සේ සැහෙන්න දුක් වෙයි. (ර)
දැන්වත් මෙහෙම තීරණයක් ගත්ත එක හොඳයි. (ර)
රතන හිමිගේ වැරදි අඩිපාරේ ගිය අපි වැඩි බදු, ඉහළ බඩු මිල ගෙවාගෙන අමාරුවෙන් ජීවත්වෙනවා. එසේම දිනාගත් සාමයට අවශ්‍ය නැති ජාතිවාදී කතා වලින් උතුරේ ජනතාව එම ප්‍රදේශයේ දේශපාලකයන් විසින් උසිගන්වනවා (නි)
රතන හාමුදුරුවෝ කීව්ව සම්පුර්ණ කතාව ඇහිලා නෑ වගේ ලොක්කට (හේ)
රතන හිමි නැවත හිටපු ඒකාධිපතිගේ පැත්තට යන්නේ නැහැ කියන එක හොදටම විස්වාසයි.(හේ)
ගම්මන්පිල කිඹුල් කඳුළු හෙළයි. අනේ පව්!!! ඉහිරුණු කිරි... (නි)
දැන් එහෙමවත් කරමු.(හේ)
මෙතුමා ඉන්නේ නිවැරදි මාවතකද යන්න අපට ඇති ගැටළුවයි. නිවැරදි මාවතක යන්න සිතන කාටත් මුණ ගැසෙන්නේ ගෙදර යන මාවතක් පමණි. රතන හිමියන්ට වගේම ගම්මන්පිල මහතාටත් මන්ත්‍රී වරම අවශ්‍ය නම් වැරදි මාවතකම යා යුතුව ඇත. මේ දක්වා බලයේ සිටි මේ මාවත් දෙකේ ගිය අපට නම් මුණ ගැසුනේ පට්ට හොරු පමණකි. මේ නිසා ඔය අවංකකම සහ නිවැරදි මාවත් ගැන කතා කිරීම සිනහවට කරුණකි. (බ)
රතන හිමියන් පැහැදිලිවම ප්‍රකාශ කළා දැන් තියන විපක්ෂය වැඩකට ඇති ඒකක් නොවන බව. කිසිම අරමුණක් නැති දේශපාලන කෑගැහිලි වලට රට හදන්න හදන්න බැහැ කියල. ඔබ වහන්සට ජයේන් ජය පතමී! (බ)
බොරුවට ස්වාධීන වෙනවා කියල දැනට දරන නිලතල එහෙමම තියාගෙන ජාතික (අව) ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ඇතුලෙම ඉන්න නැතුව එලියට එන්න. (බ)
රහත්වෙලා ගමන් යන්න බැරුව සුද්දා හදපු සැප වාහන වල යන්න චීවරය දරන අය ගැන අපේ සිත්වල ඇත්තේ කළකිරීමක් (නි)
හිරාන්, අද මේ රට මේ තැනට ඇද දැම්මේ කවුද? ස්වාධීන වුණා කියලා එ්කෙන් රටට ලැබෙන සෙතක් නම් නැහැ. (නි)
සිංහල ජාතියේ හා බෞද්ධයන්ගේ නම විකුණලා, ඔවුන් මුලාකරලා පාර්ලිමේන්තුවට පැමිණි කිසිකෙනෙක් ගැන පොදුජනයා තුළ කිසිම විශ්වාසයක් නැහැ. පුදුම කළකිරීමක් තිබෙන්නේ. ඒ නිසයි ඔයගොල්ලෝ ප්‍රධාන පක්ෂවල වලිගයේ එල්ලිලා ලැජ්ජා නැතුව ඔහොම ඉන්නේ. (නි)
පැවිද්දෙක් වූ පළියට ශීලවන්තයෙක් වෙන්නෙත් නැහැ, පාර්ලිමේන්තුවට ගිය පළියට ජනතා නියෝජිතයෙක් වෙන්නෙත් නැහැ. ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ පලියට ස්වාධීන වෙන්නෙත් නැහැ. මේ සියල්ලටම උත්තර ඇත්තේ ජනතාව ළඟයි. (නි)
දීකිරට බළල්ලුත් සාක්කි කිව්වලු!! (නි)