ඉන්දියාවේ මුම්බායි නුවර විවාහ මංගලෝත්සවයකට සහභාගී වීමට සහ ජපානයේ සම්මේලනයකට සහභාගී වීමට විදේශ ගමන් බලපත්‍රය නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ඉල්ලීම ලබන නව වැනි දා සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.
ඕස්ට්‍රේලියා ජාතිකයකුට රුපියල් කෝටි 11ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින ගම්මන්පිල මහතාගේ විදෙස් ගමන් අධිකරණයේ නියමයෙන් තහනම් කැරිණි.
නොවැම්බර 21 වැනි දා සිට නොවැම්බර 24 වැනි දා මුම්බායිහි විවාහ මංගලෝත්සවයක් ද, දෙසැම්බර නව වැනිදා සිට 20 වැනි දා දක්වා ජපානයේ සම්මන්ත්‍රණයක් ද පැවැත් වෙන බවත්, ඊට සහභාගී වීම සඳහා අවසර ලබා දෙන ලෙසත් ගම්මන්පිල මහතා ඉල්ලීමක් කළේය.
නීතිපතිවරයා එම ඉල්ලීමට විරුද්ධ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට වලට යන්නේ විවාහ උත්සව වලට. එ්කට මොකද ජනතාවගෙන් 100 ගානේ එකතු කරලා ඡන්දෙ කරන්නේ. අමුතුම මිනිස්සු කොට්ඨාශයක් ඉන්න රටක්. (නි)
කථාවෙන් නම් ඉන්දීය විරෝධියෙක් නේද? (නි)
මෙයාට නම් රට යන්න දෙන්න එපා. හැංගිලා ඉඳීද දන්නෙ නැහැ (නි)
අයියෝ, ඉක්මනට යන්න දෙන්න. හැබැයි ආපහු එන්න නොදී ඉන්න තරමට රටට හොඳයි (නි)
ප්‍රංශයේ ඉන්න නන්දලාල් මහත්තයෝ, ඔයාට විතරමද පිටරට නෑදෑයෝ, යාළුවො ඉන්නේ. (නි)
අපි මෙයාගේ විදේශ ගමනටත් රු 100ක ආධාරයක් පටන්ගනිමු. අර්ජුන් මහේන්ද්‍රනුත් ගියේ මඟුල් ගෙයකට නේද? (නි)
අනේ ඔන්න ඔහේ ගිහින් ආපුවාවේ! (නි)
සමහරවිට අතීත රජ කාලේ සිට පැවතෙන නෑදෑ පරපුරක මඟුල් ගෙයක් වෙන්න ඇති. ඇල්වතුරත් නිවලා බොන ජාතියේ අහිංසක මනුස්සයානේ... (නි)
අනේ ඉතින් අපිව බලාගන්න කවුරුත් නැති වෙනවනේ (නි)
ටෙනිසන්, අනේ ඔන්න ඔහේ ගිහින් ආපුවාවේ! ඕන නම් නෑදෑයෝ රංචුව මෙයාව තියාගත්තොත් අපටත් කණක් ඇහිලා ඉන්න පුළුවන් වේවි. යන්න ඉඩ දෙන්න පුළුවන් තරම් ඉක්මනට.(අ)
ගම්මන්පිලටත් එහෙනම් මුම්බායි නුවර විවාහ මංගලෝත්සවයකට සහභාගිවීමට තරම් නෑදෑයෝ, හිතවතුන් ඉන්නවා වගෙයි (නි)