පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතාගේ බිරිය අද (9) දිල්රුක්ෂි ගම්මන්පිල අද විශේෂ පොලිස් විමර්ශන ඒකකය හමුවේ සාක්කියට කැඳවනු ලැබ සිටී.
ඕස්ට්‍රේලියා ජාතිකයකු සමග ගම්මන්පිල කළැයි කියන ගනුදෙනුවක ඇටර්නි බලපත්‍රයක සාක්කිකාරිය ලෙස අත්සන් කිරීමක් ගැන ඇගෙන් ප්‍රශ්න කිරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චෝදනා ඔප්පුකර පෙන්වනවා නම් අපි පිළිගන්නම් (නි)
අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ ඔන්න (නි)
දැන් කියයිද දන්නෙ නැහැ මේකත් දේශපාලන දඩයමක් කියලා (නි)
ගිය ආණ්ඩු වල ඉදපු මිනිස්සු කරලා තියෙන දේවල් නේද.(ම)
අයියෝ, සාක්කි වලට අත්සන් කරන අයගෙන් ප්‍රශ්න අහල වැඩක් නැහැ. අපි ඕනෑතරම් අයගේ ඔප්පු, ඇග්‍රීමන්ට් වලර සාක්ෂි අත්සන් කරනවා නේ, ඕව කියවන්න යන්නේ නැතිව.(ම)
කෝ දෙයියනේ, අර ඡන්ද කාලවල වේදිකා පුපුරනතුරු කෑගහලා කියපු මහා මෙගා ඩීල් දැම්මා කිවුව අයට නිකමටවත් නඩුවක් නැද්ද? ඒ අය ලංකාවේ ඉන්නවද? සමහරු නම් ලංකාවට ආවා විතරයි දැක්කේ. (නි)
තමන් වැරැද්දක් කර නැත්නම් බයවෙන්න අවශ්‍ය නැහැනේ (නි)
මහත්තයාගේ සාක්කියට අත්සන් කරලා තියෙන්නේ නෝනාද එතකොට? බලාගෙන යනකොට අපි කාවද විශ්වාස කරන්නේ මහත්තයෝ? (නි)
ගම්මන්පිල මහත්තයලා ගැන අපි කොහොමද දෙවියනේ හිතාගෙන හිටියේ? (නි)
මේ රජය කරන්නේ වෛරය වැපිරීම පමණි. (ම)
ප්‍රසන්න මුන් හොරකම් කළානම් දඩුවම් ලබන්න ඕනේ. ඔය ගම්මම්පිලගේ උත්තරක් වුනාට රජය හවුල් කරගන්න එපා. (බ)
මේ කට්ටිය කතා කරන්නේ පිවිතුරු උරුම වුනාට , කරන්නේ හොරාම වැඩ වාගේ , කතාව දෝලාවෙන් ගමන පයින් , (හේ)
මේ බොරු ජෝගි වලින් අන්තිමට තැලෙන්නේ මහජනයම තමා. රටට වෙන කිසිම සෙතක් නැහැ. තව ටික කාලයක් යනකොට ඕව පැහැදිලිව තේරේවි. (ම)
ඕව හින්ද තමා මේගොල්ලෝ මහින්ද මහත්තයාගේ ගාව දැවටී දැවටී ඉන්නේ එතකොට මහින්ද මහත්තය එක්ක ඉන්න අයව රිමාන්ඩ් කරන්න උත්සහ කරනවා කියල විලාප ගහන්න පුළුවන්නේ ...(බ)
මෙයයි අර විමලාවතියි අහවලාට කඩේ ගියපු තරමෙන් ම අපි දැනගත්ත කිල්ලොටේ හුණු ඇති කියල. (බ)
මටනම් තේරෙන්නේ නෑ මේක. (ර)