IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගම්මුන්ට ගෙනා ජලය ලැඟුම්හලට මුදා හරින්න හදලා

(රෝහණ සමරවීර)   

සෙවනගල ගම්මාන හතරක ජනතාවට  බෙදා හැරීම සදහා තණමල්විල ප්‍රාදේශීය සභා බවුසරයෙන්  ගෙනා ජලය පීඩාවට පත් ගම්වාසීන්ට  නොදී හුලංකපොල්ල ප්‍රදේශයේ  ලැගුම්හළක පිහිනුම් තටාකයට මුදා හැරීමට එහි රියදුරු පියවර ගත් බව කියමින් ගම්වැසියන් පිරිසක් නොසන්සුන්තාවයට පත්වී  එම ස්ථානය වටලනු ලැබීය.

ප්‍රදේශයේ ජල පාරිභෝගික ගම්මු එහිදී පැවැසුවේ සෙවනගල හුලංකපොල්ල සම්පත්ගම,  නළසිරිගම, වාසනාගම යන ගම්මානවල ජීවත් වන පවුල් 500 ක සාමාජිකයන්ට දින  දොළහක කාලයක් ජලය නොමැතිව සිටින  අවස්ථාවක මෙවැනි දෙයක් සිදුවූ බවකි.

එම අවස්ථාවේ තණමල්විල ප්‍රාදේශීය සභාවේ බවුසරයකින් ජලය තම ගම්මාන වලට ගෙනවිත්  කීප දෙනෙකුගේ   භාජන වලට පමණක්  බවුසරයෙන් ජලය සපයා  ඉතිරි ජලය මුදල් වලට ලැගුම් හලේ පිහිනුම් තටාකයට  මුදා හැරීමට රියදුරු කටයුතු කිරීමට  ගම්මු විරෝධතාවය දැක්වූහ.

ජලය  නොමැතිව දැඩි පීඩාවට පත්වී සිටි ජනතාවගේ එම විරෝධතාවය හමුවේ බවුසරයේ රියදුරු බවුසරය ලැගුම් හල් පරිශ්‍රයේ දමා මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියකට නැගී ආරක්ෂාව පතා ඒ ආසන්නයේ ස්ථාපිත කර ඇති පොලිස් මුරපොලක් වෙත පලා ගියේය.

සෙවනගල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේග  පීග  සමීර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්  එම ස්ථානයට පැමිණ ලැගුම්හළ වෙත ගොස් එය බාරව සිටි පුද්ගලයාට දැඩි ලෙස අවවාද කරමින් පැවැසුවේ  ජලය නොමැතිව දැඩි අසීරුතාවයට පත්වී සිටින ජනතාව දෙස සානුකම්පිතව බලා කටයුතු කරන ලෙසයි.

ජල බවුසරය ලැගුම් හල වෙත ගෙන ආවේ ඇයිදැයි පොලිසිය එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී  ඔහු නිරුත්තර විය. පොලිසිය මැදිහත්ව පොලිස් මාර්ග බාධකයේ රැදී සිටි  රියදුරු එම ස්ථානයෙන් බවුසරය අසලට කැඳවාගෙන පැමිණ විරෝධතාකරුවන් ඉදිරියේ ඔහුට අවවාද කර එවැනි දෙයක් ඉදිරියේදි නොකරන ලෙසයග නැවැත ගම්මුන්ට ජලය බෙදා හරින ලෙසද පොලිසිය  උපදෙස් දෙනු ලැබීය.

පසුව පොලිස් නිලධාරියාගේ ජංගම දුරකතනයෙන් තණමල්විල ප්‍රාදේශීය ලේකම් වරයාට කතා කර එම සංවාදය විරෝධතාකරුවන්ට ඇසෙන්නට සළස්විය. එහිදී ලේකම් වරයා පැවැසුවේ බවුසරයේ රියදුරු ජලය ලැගුම් හළකට මුදා හැරීමට කටයුතු කිරීම වැරුදි ක්‍රියාවක් බවත්  ජල මෝටර් අලුත්වැඩියා කර ජලය නොමැති ගම්මාන වලට ජලය සැපැයීමට ඉදිරි දිනයේදී පියවර ගන්නා බවකි.



අදහස් (1)

ගම්මුන්ට ගෙනා ජලය ලැඟුම්හලට මුදා හරින්න හදලා

බකල ජයා Friday, 20 December 2024 12:51 PM

දැඩිම ලෙස අවවාද කරන්න හොඳේ.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site