විසි වසරකට පෙර ත්‍රිකුණාමල කුමාරම්පුරම් ගම්මානයේ 24 දෙනකුට වෙඩි තබා ඝාතනය කළැයි අධි චෝදනා ලැබ සිටි යුද හමුදා කෝප්‍රල්වරු හය දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදස් කිරීමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ පැවැති ජූරි සභාව අද තීරණය කළේය.
ඔවුනට එරෙහිව චෝදනා 101 බැගින් ඉදිරිපත් කර තිබිණි.
සැකකරුවන් ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ සිටි අවදියේ ඔවුන්ගේ රාජකාරි ගිනි අවියෙන් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළ බව සාක්කි විභාගයේ දී කියැවිණි.
උතුරුමැද පළාත් බද මහාධිකරණ ඉතිහාසයෙන් විත්තිකරුවකුට එල්ල කළ වැඩිම අධිචෝදනා ගණන වාර්තා වූයේද මේ සිද්ධියේදීය.
විත්තිකාර හමුදා සාමාජිකයන් විසින් මරා දැමුණු බව කී 24 දෙනා අතර මව, පියා, දරුවන් සහ ඥාතීන්ද වූ බව නඩු විභාගයේදී කියැවිණි.
නඩු භාණ්ඩ ලෙස ගිනි අවි, උණ්ඩ, යුද හමුදා පිරිසට අවි නිනුක් කර ඇති ලේඛණය, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා 24ක්, අධිකරණ වෛද්‍ය වාර්තා 25ක් සහ රජයේ රස පරීක්ෂකගේ වාර්තාව ඉදිරිපත් කර තිබිණි.
නඩුවේ සාක්කිකරුවන් ලෙස 107 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලංක, මෙතන මහින්දවාදින් කියලා බේද ඇතිකරන්න එපා. මිනීමරපු මරාගෙන මැරෙන කොටින්ට ජනාධිපති සමාව දුන්නා නම් මේ නඩුවෙන් හමුදා සාමාජිකයින් නිදහස් වීම ගැන සන්තෝෂ වෙන්න. (නි)
මෙහි ප්‍රශ්නයක් පැන නඟිනවා මට. ඒ මිනිසුන් මරණයට පත්කළේ කවුරුන්ද කියා (නි)
දිලන්ක, පොඩ්ඩක් ඔළුව අතගාලා බලන්න අං එනවද කියලා (නි)
රණවිරුවෝ නිදහස්වීම දිලංක වගේ අයට දුක්වීමට හේතුවක්. (නි)
චෝදනා සියල්ල ඔප්පු වී තිබියදීත් ඔවුන් නිදහස් කරලද? එහෙම නැත්නම් මේවා බොරු චෝදනාද? (නි)
මියගිය අය සාමාන්‍ය මිනිසුන් නම් කොහොමද හමුදාවේ අය නිදහස් වුණේ? මම මේ නොදන්නා නිසයි අහන්නේ
සුගත්, සුසිල්, නැහැ මම මේ කියන්නේ දැන් අධිකරණය ස්වාධින නැහැ කියලා අඬන කෑගහන කට්ටිය මේ පිළිබඳ මුනිවත රැකීමයි (නි)
මෙය හොද තීරණයක්.(ම)
පුදුමාකාර දුක් විඳගෙන ජීවත්වුණ මිනිස්සු (නි)
එතකොට කොටින් මරපු කුඩා දරුවන් හාමුදුරු වරුන් ඇතුළු ජනතාව . ඒ අය මරපු අය උසාවියට ගෙනෙන්නේ නැත්ද? (අ)
මේක මහින්ද වාදීන්ට හොද ආරංචියක් නෙමේ. දැක්කේ නැහැ වගේ යනවා. ඕක තමයි ඉතින් ඔවුන්ගේ දේශපාලනය (බ)
ත්‍රස්තවාදියත් රණවිරුවත් සමානද? ත්‍රස්තවාද කල්ලියත් රජයත් එකක්ද? දැන් ඒ මිනිසුන්ව ඇත්තටම මැරුවේ කව්ද? (නි)
රණ විරුවෝ හිරේ දානවා කියල බොරු බේගල් ගහපු කට්ටිය මොකද දැන් කියන්නේ ? නඩු කියල සියලු චෝදනාවලින් නිදොස් වුණා (බ)
ත්‍රස්තවාදය විනාශ කරනකොට ත්‍රස්තවාදයත් එක්ක අහිංසක මිනිස්සුත් විනාශ වෙන්න පුලුවන් ඒකෙ සම්පූර්ණ වගකීම ත්‍රස්තවාදය අතේ. (බ)
එතකොට ප්‍රභාකරන් ගම්මාන කීයක් සමූලඝාතනය කළාද? බෝම්බ තියලා කී දෙනෙක් මැරුවාද? සංඝරත්නයත් ඝාතනය කළා. ඒවාට කිසිම නඩුවක් තිබුනෙත් නැහැනේ. ඒවා ඇත්තටම සිදුවුණු දේවල්. (නි)
මේ චෝදනා යට ගහන්නේ නැතුව නීතිමය ප්‍රතිපාදන මගින් විසඳන්න ඕනෑ. එතකොට කාටවත් නැවත ප්‍රශ්න කරන්න බැහැ. කිසිකෙනෙකුත අතපොවන්නත් බැහැ (නි)