IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ගම්මුන් 24 දෙනකු මැරීමේ නඩුවෙන් හමුදාව නිදහස්

විසි වසරකට පෙර ත්‍රිකුණාමල කුමාරම්පුරම් ගම්මානයේ 24 දෙනකුට වෙඩි තබා ඝාතනය කළැයි අධි චෝදනා ලැබ සිටි යුද හමුදා කෝප්‍රල්වරු හය දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදස් කිරීමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ පැවැති ජූරි සභාව අද තීරණය කළේය.

ඔවුනට එරෙහිව චෝදනා 101 බැගින් ඉදිරිපත් කර තිබිණි.

සැකකරුවන් ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ සිටි අවදියේ ඔවුන්ගේ රාජකාරි ගිනි අවියෙන් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළ බව සාක්කි විභාගයේ දී කියැවිණි.

උතුරුමැද පළාත් බද මහාධිකරණ ඉතිහාසයෙන් විත්තිකරුවකුට එල්ල කළ වැඩිම අධිචෝදනා ගණන වාර්තා වූයේද මේ සිද්ධියේදීය.

විත්තිකාර හමුදා සාමාජිකයන් විසින් මරා දැමුණු බව කී 24 දෙනා අතර මව, පියා, දරුවන් සහ ඥාතීන්ද වූ බව නඩු විභාගයේදී කියැවිණි.

නඩු භාණ්ඩ ලෙස ගිනි අවි, උණ්ඩ, යුද හමුදා පිරිසට අවි නිනුක් කර ඇති ලේඛණය, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා 24ක්, අධිකරණ වෛද්‍ය වාර්තා 25ක් සහ රජයේ රස පරීක්ෂකගේ වාර්තාව  ඉදිරිපත් කර තිබිණි.

 නඩුවේ සාක්කිකරුවන් ලෙස 107 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ.



අදහස් (0)

ගම්මුන් 24 දෙනකු මැරීමේ නඩුවෙන් හමුදාව නිදහස්

සුගත් Wednesday, 27 July 2016 10:46 PM

දිලංක, මෙතන මහින්දවාදින් කියලා බේද ඇතිකරන්න එපා. මිනීමරපු මරාගෙන මැරෙන කොටින්ට ජනාධිපති සමාව දුන්නා නම් මේ නඩුවෙන් හමුදා සාමාජිකයින් නිදහස් වීම ගැන සන්තෝෂ වෙන්න. (නි)

:       0       0

විමල හිමි Thursday, 28 July 2016 08:00 AM

මෙහි ප්‍රශ්නයක් පැන නඟිනවා මට. ඒ මිනිසුන් මරණයට පත්කළේ කවුරුන්ද කියා (නි)

:       0       0

සුසිල් Thursday, 28 July 2016 12:03 AM

දිලන්ක, පොඩ්ඩක් ඔළුව අතගාලා බලන්න අං එනවද කියලා (නි)

:       0       0

සුගත් Thursday, 28 July 2016 01:41 AM

රණවිරුවෝ නිදහස්වීම දිලංක වගේ අයට දුක්වීමට හේතුවක්. (නි)

:       0       0

ඉන්දු Thursday, 28 July 2016 01:58 AM

චෝදනා සියල්ල ඔප්පු වී තිබියදීත් ඔවුන් නිදහස් කරලද? එහෙම නැත්නම් මේවා බොරු චෝදනාද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 28 July 2016 02:08 AM

මියගිය අය සාමාන්‍ය මිනිසුන් නම් කොහොමද හමුදාවේ අය නිදහස් වුණේ? මම මේ නොදන්නා නිසයි අහන්නේ

:       0       0

දිලංක Thursday, 28 July 2016 09:48 PM

සුගත්, සුසිල්, නැහැ මම මේ කියන්නේ දැන් අධිකරණය ස්වාධින නැහැ කියලා අඬන කෑගහන කට්ටිය මේ පිළිබඳ මුනිවත රැකීමයි (නි)

:       0       0

විපුල Thursday, 28 July 2016 03:42 AM

මෙය හොද තීරණයක්.(ම)

:       0       0

සජිත් Thursday, 28 July 2016 05:03 AM

පුදුමාකාර දුක් විඳගෙන ජීවත්වුණ මිනිස්සු (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 27 July 2016 02:36 PM

එතකොට කොටින් මරපු කුඩා දරුවන් හාමුදුරු වරුන් ඇතුළු ජනතාව . ඒ අය මරපු අය උසාවියට ගෙනෙන්නේ නැත්ද? (අ)

:       0       0

දිලංක Wednesday, 27 July 2016 03:37 PM

මේක මහින්ද වාදීන්ට හොද ආරංචියක් නෙමේ. දැක්කේ නැහැ වගේ යනවා. ඕක තමයි ඉතින් ඔවුන්ගේ දේශපාලනය (බ)

:       0       0

ශශී Friday, 29 July 2016 04:18 AM

ත්‍රස්තවාදියත් රණවිරුවත් සමානද? ත්‍රස්තවාද කල්ලියත් රජයත් එකක්ද? දැන් ඒ මිනිසුන්ව ඇත්තටම මැරුවේ කව්ද? (නි)

:       0       0

ලංකා Wednesday, 27 July 2016 03:43 PM

රණ විරුවෝ හිරේ දානවා කියල බොරු බේගල් ගහපු කට්ටිය මොකද දැන් කියන්නේ ? නඩු කියල සියලු චෝදනාවලින් නිදොස් වුණා (බ)

:       0       0

චන්දන ගමගේ Wednesday, 27 July 2016 03:53 PM

ත්‍රස්තවාදය විනාශ කරනකොට ත්‍රස්තවාදයත් එක්ක අහිංසක මිනිස්සුත් විනාශ වෙන්න පුලුවන් ඒකෙ සම්පූර්ණ වගකීම ත්‍රස්තවාදය අතේ. (බ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 27 July 2016 04:40 PM

එතකොට ප්‍රභාකරන් ගම්මාන කීයක් සමූලඝාතනය කළාද? බෝම්බ තියලා කී දෙනෙක් මැරුවාද? සංඝරත්නයත් ඝාතනය කළා. ඒවාට කිසිම නඩුවක් තිබුනෙත් නැහැනේ. ඒවා ඇත්තටම සිදුවුණු දේවල්. (නි)

:       0       0

රංග Wednesday, 27 July 2016 08:13 PM

මේ චෝදනා යට ගහන්නේ නැතුව නීතිමය ප්‍රතිපාදන මගින් විසඳන්න ඕනෑ. එතකොට කාටවත් නැවත ප්‍රශ්න කරන්න බැහැ. කිසිකෙනෙකුත අතපොවන්නත් බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 25 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 386 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site