
(වසන්ත චන්ද්‍රපාල, ෂේන් සෙනෙවිරත්න සහ එච්.ඒ.ඩී ඥාණසිරි)
ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවිය අම්පාර ප්‍රදේශයේ බස නැවතුමක සිටියදී පැහැරගත් සැකකරු ද සමග පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.
පැහැර ගැනීමට ලක් වූ සිසුවිය සහ පැහැරගත් පුද්ගලයා කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකද නවාතැන් ගෙන සිටි බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම සිසුවියගේ කිසිදු විරෝධතාවයක් නොමැතිව පැහැර ගත්පුද්ගලයා සමග හෝටලයට පැමිණෙන අයුරු හෝටලයේ සීසීටීවී දර්ශනවලින් නිරීක්‍ෂණය වූ බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම පැහැර ගැනීම සිදුකිරීම සඳහා භාවිතා කළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සිසුවියගේ කිසිදු අකැමැත්තක් හෝ විරෝධතාවයක් නොමැතිව වෑන් රථයේ ගමන් කළ බවයි.
කෙසේ නමුත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බවත් පැහැරගෙන යාම සහ කප්පම් මුදල් ඉල්ලීම් යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන බවද එම ඉහළ පොලිස් නිලධාරියා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුවියගේ පවුලේ අයව මරාදමන බවට තර්ජනය කරල, ඇයව පාලනය කෙරුවද කියල බලන්න. පවුලේ අයට කරදරයක් වෙයි කියල බයට සමහර වින්දිතයින් මෙහෙම හැසිරෙනවා. ටෲ ක්‍රයිම් ස්ටෝරීස් වල මෙවැනි සිදුවීම් ඕනතරම් බලන්න පුළුවන්. ඇයගේ ජීවිතයට හානියක් වෙයි කියල කියන හැමදේටම එකඟ වුනා වෙන්නත් පුළුවන්. පරීක්ෂණක් කරල නිගමනයකට එන්න, උගත් පොලිස් මහත්වරුනී.
පරිණත නොවූ සැළසුමක් වගේ. . පැනලා ගිහින් ජීවත් වෙන්නත් දෙමාපියන් ගෙන්ම සල්ලි ගන්නයි හදලා තියෙන්නේ. පේන විදිහට පිරිමියා අපතයෙක් වගේ. ඒ නිසා ගැහැනු ළමයගෙ අනාගතය දුක්ඛ දයෙක විය හැකියි. මේවා හොඳ පාඩම් තරුණ ගැහැණු දරුවන්ට. පරිස්සමෙන් තීරණ ගන්න ඕන. වැරදුණොත් ආයෙ හදාගන්න බැරිවෙනවා.
කෙල්ලගේ සැලැස්මක්... දෙමාපියන්ගෙන් කොල්ලකාල කොල්ල එක්ක යන්න ගහපු සැලසුම වෙන්න බැරිද ? දැන් බාගෙට වැඩිය කෙල්ලෝ දෙමාපියන්ට කොකා පෙන්නගෙන ඉන්නේ...
"මේ වගේ සිදුවීම්වලට නඩු අවසන් වන තෙක් ඇප ලබා ගත නොහැකි ලෙස නීති සංශෝධනය කල යුතුය."
දසුන් මටත් යෝජනාවක් තියෙනවා. "ඇප" වගේ ලඟින් යන වචනෙ ඒව ලාච්චුවෙ දාන්න යෝජනා කරනව.
අනිවා