IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ගම්පොළින් පැහැරගත් සිසුවිය අම්පාරෙන් අල්ලයි

(වසන්ත චන්ද්‍රපාල, ෂේන් සෙනෙවිරත්න සහ එච්.ඒ.ඩී ඥාණසිරි)

ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවිය අම්පාර ප්‍රදේශයේ බස නැවතුමක සිටියදී පැහැරගත් සැකකරු ද සමග  පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.

පැහැර ගැනීමට ලක් වූ සිසුවිය සහ පැහැරගත් පුද්ගලයා කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකද නවාතැන් ගෙන සිටි බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම සිසුවියගේ කිසිදු විරෝධතාවයක් නොමැතිව පැහැර ගත්පුද්ගලයා සමග හෝටලයට පැමිණෙන අයුරු හෝටලයේ සීසීටීවී දර්ශනවලින් නිරීක්‍ෂණය වූ බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පැහැර ගැනීම සිදුකිරීම සඳහා භාවිතා කළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සිසුවියගේ කිසිදු අකැමැත්තක් හෝ විරෝධතාවයක් නොමැතිව වෑන් රථයේ ගමන් කළ බවයි.

කෙසේ නමුත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු පොලිස්‌ කණ්ඩායම් තුනක් යොදවා ඇති බවත් පැහැරගෙන යාම සහ කප්පම් මුදල් ඉල්ලීම් යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන බවද එම ඉහළ පොලිස් නිලධාරියා පැවසීය.

 



අදහස් (8)

ගම්පොළින් පැහැරගත් සිසුවිය අම්පාරෙන් අල්ලයි

බකල ජයා ද කිඩ්නැපර් Monday, 13 January 2025 11:17 AM

සිසුවියගේ පවුලේ අයව මරාදමන බවට තර්ජනය කරල, ඇයව පාලනය කෙරුවද කියල බලන්න. පවුලේ අයට කරදරයක් වෙයි කියල බයට සමහර වින්දිතයින් මෙහෙම හැසිරෙනවා. ටෲ ක්‍රයිම් ස්ටෝරීස් වල මෙවැනි සිදුවීම් ඕනතරම් බලන්න පුළුවන්. ඇයගේ ජීවිතයට හානියක් වෙයි කියල කියන හැමදේටම එකඟ වුනා වෙන්නත් පුළුවන්. පරීක්ෂණක් කරල නිගමනයකට එන්න, උගත් පොලිස් මහත්වරුනී.

:       1       39

රම්බොඩ Monday, 13 January 2025 11:33 AM

පරිණත නොවූ සැළසුමක් වගේ. . පැනලා ගිහින් ජීවත් වෙන්නත් දෙමාපියන් ගෙන්ම සල්ලි ගන්නයි හදලා තියෙන්නේ. පේන විදිහට පිරිමියා අපතයෙක් වගේ. ඒ නිසා ගැහැනු ළමයගෙ අනාගතය දුක්ඛ දයෙක විය හැකියි. මේවා හොඳ පාඩම් තරුණ ගැහැණු දරුවන්ට. පරිස්සමෙන් තීරණ ගන්න ඕන. වැරදුණොත් ආයෙ හදාගන්න බැරිවෙනවා.

:       9       24

ජිල්බුMonday, 13 January 2025 01:43 PM

මොකක්ද මොකක්ද මේ වැරදුනොත් ආයෙ හදන්න බෑ කියන්නෙ? ගල් යුගේද තාම ඉන්නෙ?

:       2       13

Lalla Monday, 13 January 2025 12:23 PM

කෙල්ලගේ සැලැස්මක්... දෙමාපියන්ගෙන් කොල්ලකාල කොල්ල එක්ක යන්න ගහපු සැලසුම වෙන්න බැරිද ? දැන් බාගෙට වැඩිය කෙල්ලෝ දෙමාපියන්ට කොකා පෙන්නගෙන ඉන්නේ...

:       6       14

ජිල්බු Monday, 13 January 2025 01:45 PM

ෂර්ලොක් බොන්ඩ්, මේ ටිකට ඔක්කොම හොයාගත්ත නේද?

:       1       9

dasun Monday, 13 January 2025 01:11 PM

"මේ වගේ සිදුවීම්වලට නඩු අවසන් වන තෙක් ඇප ලබා ගත නොහැකි ලෙස නීති සංශෝධනය කල යුතුය."

:       3       15

ජිල්බු Monday, 13 January 2025 01:56 PM

දසුන් මටත් යෝජනාවක් තියෙනවා. "ඇප" වගේ ලඟින් යන වචනෙ ඒව ලාච්චුවෙ දාන්න යෝජනා කරනව.

:       1       12

Business Monday, 13 January 2025 03:37 PM

අනිවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 901 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 916 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 346 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා
2025 මැයි මස 02 1093 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප


යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 1403 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 416 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 507 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site