රාගම රෝහලේ වෛද්‍යවරියකගේ ලියාපදිංචි අංකය භාවිත කර හොර හැඳුණුම්පතක් සකසා වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙක් ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
තමාගේ අංකය භාවිත කර ඩිස්පැන්සරියක් පවත්වාගෙන යන පුද්ගලයකු ගැන තොරතුරු ලැබුණු බව කියමින් එම වෛද්‍යවරිය ඉකුත් 10 වැනිදා ගම්පහ කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව එහි නිලධාරීහු විමර්ශන ඇරැඹූහ.
සැකකරු අද (23) ගම්පහ අවන්හලකට එන බවට පොලිස් කොස්තාපල් 27028 උපාලි මහතාට ලද තොරතුරක් අනුව විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු අවන්හලට යන පාරිභෝගිකයන් ලෙස ගොස් එහි තැන තැන සිට සැකකරු අත්අඩංගුවට ගත්හ.
කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ සහ ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ඩබ්ලිව් වඩුවාවල, පොලිස් කොස්තාපල් 27028 උපාලි සහ පොලිස් කොස්තාපල් 33782 කුලසේකර මහත්වරු ඉදිරි විමර්ශන සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහෙන් හොර වෙදෙක් අල්ලයි
රනිල් Thursday, 23 May 2013 10:30 PM
අද මෙවැනි වෙදුන් ලගට ගිහින් තමයි දුප්පත් මිනිසුන් ලෙඩ සනීපකර ගන්නේ. එතනටත් දැන් හෙනහුරා කඩාපාත් වෙලා. (නි)
පාලිත Thursday, 23 May 2013 11:06 PM
හෙට ඇප දුන්නට පස්සේ අනිද්දා ඉදලා ආයෙත් බෙහෙත් දෙන්න පටන් ගනීවි (නි)
පද්මිණි Thursday, 23 May 2013 11:29 PM
මෙන්න නියම ජාතිවාදියෝ. දරුපවුල රකින්ට කසිප්පු විකුණන කෙනාට වඩා මේ පුද්ගලයා සමාජයට විස පොවනවා. ගම්පහ පොලිස් මහත්වරුනි, ඔය පළාතේ හොර වෙදුන් 300ක් පමණ ඉන්නවලු. ඔබලාගේ රාජකාරියට තුති! (නි)
රජිත් ඉතාලි Thursday, 23 May 2013 11:31 PM
දැන් කන්‍යාවිය උසාවියේ ඉන්නේ ඇස් දෙක ඇරගෙනනේ. අසිපතයි, තරාදියයි දෙකම බිම දාලනේ. ඒක හින්දා ඕවා හොරුන්ට සිම්පල් (නි)
රංජනී Friday, 24 May 2013 01:36 AM
බෙහෙත් දීලා ලෙඩ්ඩු කී දෙනෙක් සනීප කළාද? කී දෙනෙක් මැරුවද? (නි)
චතුල වෙරෝනා Friday, 24 May 2013 01:49 AM
අවන්හලට යන වෙදෙක්ද? (නි)
සිරිපාල Friday, 24 May 2013 02:05 AM
අල්ලලා හම ගහන්න එපැයි. (නි)
චන්ද්‍ර Friday, 24 May 2013 04:34 AM
මෙම පුද්ගලාගේ ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කර නොමැති වීම රෝගීනට ගැටළුවක් විය හැක.හොර දොස්තරද?හෙර දොස්තරද? (නි)
ජෙෆ් Friday, 24 May 2013 08:42 AM
හොර වෙදාට දැඩි දඩුවම් දිය යුතුයි. ප්‍රශ්නයකයට තියෙන්නේ පොලිසිය ඇයි ඩිස්පෙන්සරියට ගොස් බෙහෙත් දෙන වෙලාවේදී කුදලා ගන්නේ නැතුව අවන්හලේ රැකගෙන සිටියේ? (නි)
සිරා Friday, 24 May 2013 10:34 AM
ඇයි මෙයාව අපිට අදුන්නලා නොදෙන්නේ? (නි)
විරාජ් Friday, 24 May 2013 11:02 AM
රනිල්, ඔයා දන්නේ නැත්ද දුප්පත් පොහොසත් බේදයක් නැහැ. ඔය එක එක හොර ලෙඩ හදාගෙන ඉන්න, රහසේ බෙහෙත් කරගන්න සමරහරු තෝරා ගන්නේ මේ වර්ගයේ ඩොක්ටර්ලා. මේ ලෙඩ්ඩු ගොඩක් දෙනා දන්නවා මේ ඩොක්ටර්ලට වෛද්‍ය උපාධිය නැහැ කියලා. තවද මොවුන් හමුවට යන අනෙක් අය පෙම් කරලා වැඩ වරදගත් අය. ඉතින් තත්වය මේකයි. අපේ සමහරු ෆාමසිස්ට්ගෙනුත් බෙහෙත් අරන් බොනවනේ. (නි)
නීල් Friday, 24 May 2013 11:18 AM
අද අවන්හලේදී ඇල්ලුවහම සති අන්තෙත් එක්ක දවස් තුනක් පොලිස් කුඩුවේ තියාගන්න පුළුවන්. නැත්නම් වෙදකම් කරනකොටයි අල්ලන්න ඕනෑ. (නි)
ජෙෆ් Friday, 24 May 2013 04:09 PM
රනිල්, මෝඩකමට බෙහෙත් නැහැ.(නදී)
රන්ගශනී Thursday, 23 May 2013 09:14 PM
නිකම්ම වෙදෙක් නෙමේ රජ වෙදෙක්.(නදී)
අමිල කටුනායක Thursday, 23 May 2013 09:18 PM
ගම්පහටම එකයි (නි)