රාගම රෝහලේ වෛද්‍යවරියකගේ ලියාපදිංචි අංකය භාවිත කර හොර හැඳුණුම්පතක් සකසා වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙක් ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
තමාගේ අංකය භාවිත කර ඩිස්පැන්සරියක් පවත්වාගෙන යන පුද්ගලයකු ගැන තොරතුරු ලැබුණු බව කියමින් එම වෛද්‍යවරිය ඉකුත් 10 වැනිදා ගම්පහ කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව එහි නිලධාරීහු විමර්ශන ඇරැඹූහ.
සැකකරු අද (23) ගම්පහ අවන්හලකට එන බවට පොලිස් කොස්තාපල් 27028 උපාලි මහතාට ලද තොරතුරක් අනුව විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු අවන්හලට යන පාරිභෝගිකයන් ලෙස ගොස් එහි තැන තැන සිට සැකකරු අත්අඩංගුවට ගත්හ.
කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ සහ ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ඩබ්ලිව් වඩුවාවල, පොලිස් කොස්තාපල් 27028 උපාලි සහ පොලිස් කොස්තාපල් 33782 කුලසේකර මහත්වරු ඉදිරි විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මෙවැනි වෙදුන් ලගට ගිහින් තමයි දුප්පත් මිනිසුන් ලෙඩ සනීපකර ගන්නේ. එතනටත් දැන් හෙනහුරා කඩාපාත් වෙලා. (නි)
හෙට ඇප දුන්නට පස්සේ අනිද්දා ඉදලා ආයෙත් බෙහෙත් දෙන්න පටන් ගනීවි (නි)
මෙන්න නියම ජාතිවාදියෝ. දරුපවුල රකින්ට කසිප්පු විකුණන කෙනාට වඩා මේ පුද්ගලයා සමාජයට විස පොවනවා. ගම්පහ පොලිස් මහත්වරුනි, ඔය පළාතේ හොර වෙදුන් 300ක් පමණ ඉන්නවලු. ඔබලාගේ රාජකාරියට තුති! (නි)
දැන් කන්‍යාවිය උසාවියේ ඉන්නේ ඇස් දෙක ඇරගෙනනේ. අසිපතයි, තරාදියයි දෙකම බිම දාලනේ. ඒක හින්දා ඕවා හොරුන්ට සිම්පල් (නි)
බෙහෙත් දීලා ලෙඩ්ඩු කී දෙනෙක් සනීප කළාද? කී දෙනෙක් මැරුවද? (නි)
අවන්හලට යන වෙදෙක්ද? (නි)
අල්ලලා හම ගහන්න එපැයි. (නි)
මෙම පුද්ගලාගේ ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කර නොමැති වීම රෝගීනට ගැටළුවක් විය හැක.හොර දොස්තරද?හෙර දොස්තරද? (නි)
හොර වෙදාට දැඩි දඩුවම් දිය යුතුයි. ප්‍රශ්නයකයට තියෙන්නේ පොලිසිය ඇයි ඩිස්පෙන්සරියට ගොස් බෙහෙත් දෙන වෙලාවේදී කුදලා ගන්නේ නැතුව අවන්හලේ රැකගෙන සිටියේ? (නි)
ඇයි මෙයාව අපිට අදුන්නලා නොදෙන්නේ? (නි)
රනිල්, ඔයා දන්නේ නැත්ද දුප්පත් පොහොසත් බේදයක් නැහැ. ඔය එක එක හොර ලෙඩ හදාගෙන ඉන්න, රහසේ බෙහෙත් කරගන්න සමරහරු තෝරා ගන්නේ මේ වර්ගයේ ඩොක්ටර්ලා. මේ ලෙඩ්ඩු ගොඩක් දෙනා දන්නවා මේ ඩොක්ටර්ලට වෛද්‍ය උපාධිය නැහැ කියලා. තවද මොවුන් හමුවට යන අනෙක් අය පෙම් කරලා වැඩ වරදගත් අය. ඉතින් තත්වය මේකයි. අපේ සමහරු ෆාමසිස්ට්ගෙනුත් බෙහෙත් අරන් බොනවනේ. (නි)
අද අවන්හලේදී ඇල්ලුවහම සති අන්තෙත් එක්ක දවස් තුනක් පොලිස් කුඩුවේ තියාගන්න පුළුවන්. නැත්නම් වෙදකම් කරනකොටයි අල්ලන්න ඕනෑ. (නි)
රනිල්, මෝඩකමට බෙහෙත් නැහැ.(නදී)
නිකම්ම වෙදෙක් නෙමේ රජ වෙදෙක්.(නදී)
ගම්පහටම එකයි (නි)