ආදි ශිෂ්‍ය පදනමෙන් පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ආදි සිසුවාගේ ශිෂ්‍යත්ව ලකුණ දැන ගැනීම සඳහා පාසලේ එවකට පහ ශ්‍රේණියේදී ඉගැන්වූ ගුරුවරයාගෙන් ලිපියක් රැගෙන එන ලෙස ගම්පහ ප්‍රථමික පාසලක විදුහල්පතිවරයකු විසින් දන්වා ඇතැයි අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.
අදි සිසුවා ශිෂ්‍යත්වය සමත් නම් ඒ වෙනුවෙන් දරුවාට ලකුණු 15ක් එකතු කිරීමේ සම්ප්‍රදායක් පසුගිය වතාවන්හි පැවැති බවත්, ආදි සිසුවා ශිෂ්‍යත්වයට ලකුණු 100ක් හෝ ඊට වැඩියෙන් ලබා ඇත්නම් ඒ වෙනුවෙන් ලකුණු තුනක් එකතු කිරීමේ පිළිවෙතක් මේ වසරේ ඇරැඹි බවත් එම ආරංචි සදහන් කරයි.
ගම්පහ එක් ප්‍රාථමික පාසලක ඇතැම් අවුරුදුවල ලකුණු ලැයිස්තු අස්ථාන ගත වී ඇති බැවින් ආදි සිසුවාගේ ශිෂ්‍යත්ව ලකුණ කුමක්දැයි දැන ගැනීමට ඔවුනට පහ ශ්‍රේණියේදී ඉගැන්වූ ගුරුවරයාගෙන් ලිඛිතව ගෙන එන ලෙස එම විදුහලේ විදුහල්පති ආදි සිසුනට දන්වා ඇත.
වසර විස්සකට තිහකට පෙර පහ ශ්‍රේණියට ඉගැන්වූ ගුරු භවතුන් සිටින තැන් සොයා යෑමට ආදි සිසුන්ට සිදුවන බවත්, තම පන්තියේ සෑම සිසුවකුම ලබා ගත් ශිෂ්‍යත්ව ලකුණ වසර ගණනාවකට පෙර සේවය කළ ගුරුභවතුකට මතක ඇත්දැයි සැකයක් මතුවන බවත්, ඇතැම් විට ගුරු භවතාගේ නම යොදා ඒ හා සමාන ව්‍යාජ අත්සනක් යොදා කූඨ ලේඛණයක් සකසා සමූඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි බවත්, ඒ මගින් පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේ දී වංචා සිදු විය හැකි බවත් පාසල් ආරංචි කියයි.
විදුහල්පතිවරයාගේ ද සභාපතිත්වයෙන් යුත් සමූඛ පරීක්ෂණ මණ්ඩලයට අද (9) එවැනි ලිපි කිහිපයක් රැගෙන ආදි සිසුන් පැමිණ ඇති බව දැනගන්නට ඇත.
ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා පැවසුවේ ඒ ගැන සොයා බලා එවැනි අකටයුත්තක් වන්නේ නම් එය නවත්වන ලෙස විදුහල්පතිට දන්වන බවයි.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ එවැන්නක් සිදුවන්නේදැයි සොයා බලා ඒ ගැන පියවරක් ගන්නා ලෙස ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා නම් පාසලෙන් පාසලට විදුහල්පතිවරුන්ට ඕනෑ විදිහට නටන්න වෙන්නේ නැහැනේ. මේ වගේ දේවල් වලින් තේරෙන්නේ එවැන්නක් ක්‍රියාත්මක නොවෙන බවයි. (නි)
මේ විදුහල් පති තුමා ඉස්කෝලේ ගිය කෙනෙක් ද ? (නදී)
කොට්ටාවේ එක ක්‍රමයක්,ගම්පහ තව ක්‍රමයක්.මේ කොහෙද යන්නේ? (නි)
අන්න ඒකට, බලන්න කොට්ටාව..! (නි)
මෙවැනි අය ඉන්නා පාසලකට දරුවන් ඇතුල් කරන්නේ ඊටත් වඩා මෝඩයොනේ.(නදී)
අපේ පොඩි එකාවත් පාසලට දාන්න යනකොට මමත් මානසික පීඩනයට පත්වුණා. (නි)
ගුරුතුමිය මිය ගිහින් නම් මොකද කරන්නේ (නි)
මෝඩකම, උගතාගේ දරුවා විතරද ඉගෙනගන්න ඕනා. කවදාවත් පාසලකට නොගිය තාත්තා කෙනෙකුට බැරිද තමන්ගේ දරුවට හොද අධ්‍යාපනයක් ලබාදෙන්න. මේ වගේ විදුහල්පතිවරු තව හිටියොත් ගොඩක් නුගත් දෙමාපියන්ගේ දරුවන්ට යන්න පාසල් කෝ. අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබදව වහාම සොයාබලා සුදුසු යහපත් පියවරක් ගත යුතුයි.(නදී)
අනේ මෙහෙම විදුහල්පතිවරු?(නදී)
නිලධාරීන් ඇයි මෙවැනි විදුහල්පතිලා ගැන නිහඩ? (නි)
හරිම මෝඩ කතාවක්නේ කියලා තියෙන්නේ? මෙහෙම කොහොමද පාසල් කරන්නේ? (නි)
අපොයි! පුදුම වැඩක්නේ. විදුහල්පතිට හිතවත් කවුරු හරි දාගන්න ඕනෑද දන්නෙ නැහැ (නි)
විදුහල්පතිවරුන්ට මොකක්දෝ ඔල්මාදයක් හැදීගෙන එනවද මන්දා. (නදී)
අද රජය පාලනය කරන සියලුම ආයතන වලට වගේ මේ ඉරනම අත්වෙලා ඉවරයි. (නි)
හරිම මෝඩ අදහසක්. (ස)
සරල විසඳුමක් : මේ විදුහල්පති වරුන්ට විශ්‍රාම වැටුප ලබා ගැනීමට නම් තම තමන්ගෙ 12 වන ශ්‍රේණියේ පන්ති භාර ගුරුතුමාගෙන් ලිපියක් ගේන්න කියන්න. (ස)
මේ කෙනත් ඉල්ලන්නේ 'අර වගේ' අල්ලසක්ද කොහෙද. (නි)
මදකිපුන තවත් ඔල්මොරොන්දන් කාරයෙක් අල්ලස ගන්න අලුත් ක්‍රමයක් හොයනවද කොහද ? (ස)
ආදි සිසුවා උපාධි ලාභියෙක් නම්? (නි)
ආදී ශිෂ්‍යයෙක් නම් ඔහුට තිබෙන එම ගෞරවය ගැන සළකා බලනවා හැර ශිෂ්‍යත්ව ලකුණු ද, චරිත සහතිකද, දේශපාලන පක්ෂයද හොයන්න තීරණය කළොත් වැඩක් කරන්න පුලුවන්ද? (නි)