ගම්පහ මූලස්ථාන පොලිසියේ පොලිස් සාමාජිකයන්ගේ මදි කම නිසා ඇතැම් අවස්ථාවල දෙතුන් දෙනකු කරන වැඩ එක් අයකුට කිරීමට සිදුවී ඇතැයි පොලිස් ආරංචි කියයි.
ගම්පහ ග්‍රාම සේවා වසම් 96ක නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කටයුතු සුළු පිරිසකට කිරීමට සිදු ව ඇති බවත්, වෙනත් මූලස්ථාන පොලිසියක සිටින පිරිසට වඩා ගම්පහ මූලස්ථාන පොලිසියේ සිටින්නේ අඩු ප්‍රමාණයක් බවත්, තවත් නිලධාරීන් 250ක් පමණ අවශ්‍ය වී ඇති බවත් එම ආරංචි පවසයි.
ගම්පහ මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් ඇතුළුව 350කට ආසන්න පිරිසක් සිටිති. එයින් නිලධාරීන් 200කට වැඩි පිරිසක් විශේෂ රාජකාරි සහ වෙනත් කටයුතු සඳහා යොදවනු ලැබ සිටිති. පොලිසියේ සාමාන්‍ය කටයුතුවලට සිටින්නේ 150කටත් අඩු සංඛ්‍යාවක් බව දැනගන්නට ඇත.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා පැවසුවේ පොලිසියේ නිලධාරීන්ගේ සංඛ්‍යාව ගැන කිසිවක් හෙළි කළ නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ නගරයේ අනෙකුත් රාජ්‍ය ආයතන වල තත්ත්වයද මෙසේමය.(නදී)
සාම්ප්‍රදායිකව අපි කිව්වත් පොලිසියට තියෙන්නේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමයි කියලා ඒක දැන් දෙවැනි තැනට වැටිලා. අංක එකට තියෙන්නේ "විශේෂ" රාජකාරි. ඒ කිව්වේ විශේෂ පුද්ගලයන්ට ආරක්ෂාව සැලසීම වගේ විශේෂ රාජකාරි... (නි)
දේවාලයට ගිහිල්ලා පුජාවක් තිබ්බ නම් හරි යයි වගේ.(නදී)
අර ගම්පහ පරණ පොලිසිය තිබුන තැන දැන් නැද්ද? (නි)
අපි හැම වෙලාවෙම පොලිසිය පැත්තට ඇගිල්ල දිගු කරන්නේ.. නමුත් නිලධාරීන් නැතිව ඔවුන් කොහොමද වැඩ කරන්නේ. පොලිසියේ ඉන්නෙත් මිනිස්සුනේ. (නදී)
ප්‍රමාණවත් පරිදි නිලධාරීන් ලබාදී ගම්පහ බේරා දෙන්න. (නි)
නගරය මැද තිබුණු පොලිසිය නගරයෙන් ඈතට ගෙනගියා. කරුණාකර හැකි ඉක්මණින් නිලධාරීන් ලබා දෙන්න. (නි)
උපාධිදාරීන්ව බඳවාගත්තොත් මොකද? (ස)
චමිලගේ අදහසට මාත් එකඟයි. දැන් ඉන්න පොලිස් නිලධාරීන් හරියට පැමිණිල්ලක් සටහන් කරගන්න දන්නේ නැහැ වගේ. උගත් අය ගන්නේ නම් එය අගය කළ යුතුයි.(ස)
පොලිසිය තිබ්බ නොතිබ්බා කියලා රටේ වෙනසක් නැහැ වගේනේ. ඒ නිසා වහල දාන්න.(නදී)
පොලිසියට ග්‍රාමාරක්සකයින් යොදවා පොලිසියේ උදවිය ලොක්කන් ආරක්ෂා කිරීමට යොදවන්න. ග්‍රාමාරක්ෂකයින් පොලිසියට වඩා හොඳ සේවයක් කරාවී මහ ජනතාවට.(නදී)
පොලිසියේ කීයක් හිටියත් ඉන්න නිලධාරීන්ට ආත්ම ගෞරවයක් ඇතිව රාජකාරි කරන්න නිදහසකුත් තිබෙන්න එපැයි.(නදී)
රථ වාහන හැසිරවීමේ කාර්යය දෙවියන්ට භාර දෙන්න.පඩි ගෙවන්න අවශ්‍ය වන්නේත් නැහැ. පූජා වට්ටියක් තිබුණහම ඇති. (නි)
උත්සාහ කරන්න. ඔබටද අවස්ථාව ඇත. (නි)
"විශේෂ" රාජකාරි කියන්නේ විශේෂ පුද්ගලයින් සම්බන්ධ ආරක්ෂක රාජකාරිද? (නි)
නාස් ගණනට සමානව නිලධාරීන් බදවා ගැනීම අනුමත කරමි. කටවල් සපාකන්නගේ සංඛ්‍යාව සංවර්ධනය අනුව අතිකාල සලකා බලන්න. (නි)
1000ක් හිටියත් මොකටද ?කැලණියට _ගම්පහට _දැරනියගලට වගේ මිනී මරණ ගස් බදින හොරකම් කරන දෙසපලුවෝ ආරක්ෂා කරන්ඩනේ ?වෙන මොකටද ?නීතිය සාමය රකින්ඩද?අපි නොදන්නපොලිසිය ? (අ)
රැකියා විරහිත උගතුන් බොහෝ සිටින නිසා ඔවුන් යොදවා පොලිසියේ අඩුව මකා ගන්න පුළුවන්. රජයට රැකියා සපයන්න අවස්ථාවක් මේක (නි)
පොලිසි වල බහුතරයක කීයක් හිටියත් වැඩක් නැහැ. දවල් කෑමෙන් පස්සේ එයාලගේ වැඩ ඉවර හා සමානයි. මම පැමිණිල්ලක් දාලා හරියට අදට මාස 2ක් වෙනවා. ඒත් හ්ම්ම් සද්දයක් නැහැ ඒ ගැන. මට නම් පොලිසියට යනවා කියන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක්. (නි)
පොලීසිය ඉන්නේ සාමාන්‍යය ජනතාවගේ යහපතට නොවේද? අපේ බදු වලින් එයාලා පඩි ගන්නේ. (නි)