’‘ මුළු ලෝකයාම දන්න රතුපස්වල ජල ගැටළුව විසදන්න මම මාරන්තික උපවාස කළා, උද්ඝෝෂණය කළා, විවිධ උදවිය සමග සාකච්ඡා කළත් අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවෙන් පස්සේ අසාධාරණයට පත් වූ ජනතාවට නිසි විසඳුම ලැබුනා‘‘ යැයි තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අද මාධ්‍ය අමතමින් පැවසූහ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිරිධම්ම හිමියන් සහ රතුපස්වල සියනෑ පරිසර සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ ඊයේ බත්තරමුල්ලට ගොස් ජලසම්පාදන හා ජලප‍්‍රවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වීමෙන් අනතුරුව පීඩාවට පත් වූ සියළු ගම්මානවල ගැමියන්ට රුපියල් තුන්දහසක් වැනි අඩු සම්බන්ධතා ගාස්තුවක් යටතේ ජලය ලබා ගැනීමට ඇතිතරගත් එකගතාවය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා සිරිදම්ම හිමියෝ මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණි.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ
‘‘රතුපස්වල ජල ගැටළුව දැන් මුළු ලංකාවම විතරක් නෙමෙයි ලෝකයම දන්නා කරුණක්. පසුගිය 2013 වසරේ අග භාගයේ ඉදන් අද දක්වා මෙය නිරාකරණය කරන්න ගත යුතු සෑම පියවරක්ම අපි මහජනතාව වෙනුවෙන් ගත්තා.
ඒත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය දේශපාලනය රතුපස්වල ප‍්‍රශ්ණය අනාගෙන නාගත්තා. මේක මේ තරම් දුර දිග යන්න හේතුව ඒකයි. එදා මේක විසඳුවා නම් අර නැති වුන ජීවිත තුන අදත් ජීවත් වෙනවා. මහජනතාවට ඇසිඞ් වතුර බොන්න වෙන්නෙත් නැහැ.
අන්තිමට ජනාධිපතිතුමාටම මේක විසදන්න මැදිහත් වෙන්න වුනා.
දැන් තමයි මේ ජල ප‍්‍රශ්ණයට නියම විසඳුම ලැබුනේ. මේ රටේ බෞද්ධ භික්ෂුවක් හැටියට ජනතාවට ලබා දුන් මේ ජයග‍්‍රහණය පිලිබඳව මා පෞද්ගලිකවම සතුටු වෙනවා වගේම ජනාධිපතිවරයාටත් ජනතාවගේ ප‍්‍රනාමය හිමිවෙනවා.
මම පෙරේදා ජනාධිපති මන්දිරයට ගිහින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයව පෞද්ගලිකවම මුණ ගැහිලා මේ ප‍්‍රශ්ණය පිළිබඳව කතා කළා. මට ජනාධිපතිවරයා හමුවීමට මග පෙන්වීම හදලා දුන්නේ බත්තරමුල්ලේ ශීලරත්න හිමියි.
ජනාධිපතිතුමා එක්ක මේ පිළිබඳව සාකච්ඡා කළාට පස්සේ එතුමා සදහන් කළා විෂය බාර දිනේෂ් ගුණවර්ධන ඇමතිව හමුවෙන්න එවිට සාදාරණයක් ඉෂ්ඨ වෙන පසුබිම හදා දෙයි කියා.
ඉන්පසු මමත් රතුපස්වල නැඳුන්ගමුව සියනෑ පරිසර කමිටුවත්, ජලසම්පත් හා ජලප‍්‍රවාහන අමාත්‍යංශයට ගිහින් දිනේෂ් ගුණවර්ධන ඇමති තුමා හමුවුනා.
අමැති තුමා පීඩාවට පත්වු සියළුම ජනතාවට සාධාරණය ඉටුකිරීමට රුපියල් තුන්දහසක අවම මුලික ගාස්තුවක් යටතේ සාමාන්‍ය පවුල්වලටත් රුපියල් දෙදහසක අඩු ගාස්තුවක් යටතේ අඩු ආදායම් ලාභීන්ටත් ජල නල සම්බන්ධතාවය ලබා දීමටත් එකග වුනා.
ගමේ පරිසර කමිටුවේ නිලධාරීන් ඊයේ පොලිසියේත් අනුමැතිය ඇතිව මේ ගැන ලවුස්පීකර් දාලා ජනතාව දැනුම්වත් කලා. ගමේ කිසිවෙක් මේ යෝජනවාට මෙතෙක් විරුද්ධත්වයක් ඉදිරිපත් කරලා නැහැ.
ඒ නිසා පරිසර කමිටුවත් ගමේ ජනතාවත් මෙයට එකග වී ඒ පිළිබඳ කැමත්ත අමාත්‍යංශයට දන්වලා තියෙනවා.
ජල දුෂනය වු ග‍්‍රාම සේවා වසම් විසිහතරක් තියෙනවා. පවුල් විසිදහසක් පමණ ඉන්නවා. අපි එතුමාගෙන් මේ පිළිබඳව ලිඛිත ප‍්‍රකාශයක් ඉල්ලූවා. ඒ වගේම ජලප‍්‍රවාහන මණ්ඩලයෙන් අදාල කර්මාන්ත ශාලාව අවට ගැටලූවට තුඩු දී ඇති ප‍්‍රදේශයේ සිතියමක් අපි ඉල්ලූවා.
මේක ඓතිහාසික ජයග‍්‍රහණයක්. රතුපස්වල, නැදුන්ග්මුව ප‍්‍රදේශයේ ඉන්නේ උගත් බුද්ධිමත් ජනතාවක්. ඒ නිසා අතුරු මාර්ගවලටත් බට එළලා ඉක්මනින් මේ කටයුත්ත ඉවර කරන තෙක් අපි අවදියෙන් බලා සිටිිනවා.
මේ වන විට කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයකට ගිනියන්න එහි කොටස් යන්ත‍්‍ර සූත‍්‍ර ගලවමින් පවතිනවා. එය ආයෝජන කලාපයට සපුරා අරගෙන යනකම් අපි බලාගෙන ඉන්නවා.
මේවායේ කොටස් ශේෂ නොවිය යුතුයි. අපි ඉල්ලූවේ ඉල්ලීම් දෙකයි. එකක් ජනතාවට නොමිලේ වතුර අනෙක් කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයකට ගිනියන්න කියා යන ඉල්ලීම් විතරයි.
දැන් ඒ ඉල්ලීම් දෙක ඉටුවෙමින් පවතිනවා. ඉදිරියේදී බස්නාහිර පළාත් සභා මැතිවරණය එනවා. අපි ප‍්‍රසිද්ධ වෙනකොට එයින් ප‍්‍රයෝජන ගන්න විවිධ කොටස් උත්සහ ගන්නවා. විවධ ක‍්‍රියා සිදුකරනවා. මේ ජල ගැටළුවත් එහෙමයි. මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. මගේ පක්සය පුජ්‍ය පක්ෂයයි.
රතුපස්වල ජල ගැටළුව තවත් ඉදිරියට ඇදගෙන යන්න විවිධ කොටස් විවිධ තේමා හොයනවා. දැන් නියම විසදුමට ඇවිත් තියෙනවා. කොහොම වුනත් ඉතිහාසයේ ජනතා උද්ඝෝෂණයකින් ජයග‍්‍රහණයක් ලැබු පළමු අවස්ථාව මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවීංග මහතාණෙනි ඔබේ අදහස් අනුව ඔබ ඉන්න රටේම ඉන්න එක අපට සතුටක්. (නදී)
අන්තිමට මේකෙන් ලකුණු වැටුනේ කාටද?(නදී)
ඔන්න රතු පස්වල මිනිස්සු දාර ලනුවක් ගිලින්නයි යන්නේ .(අ)
මේ හැම දෙයකින්ම දිනපු පුද්ගලයා කවුද කියල හිතා ගන්න පුළුවන් නේද? (නදී)
මෙන්ඩිස් මහතා කියන පරිදි මේ රටේ සිටින දේශපාලකයෝ හෝ ඔවුන්ට ආවඩන කිසිවෙකුත් විස්වාස කරන්න බැහැ. වැදගත් මහත්මා දේශපලනයක් මේ රටේ තිබුනා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. (අ)
මෙන්ඩිස් ඔබ තුමාගේ කතාව නම් හරියටම හරි. (දී)
කවුද දැන් අනාගෙන කෑවේ අපේ හාමුදුරුවනේ (දී)
රතු පස්වල සිද්ද වූ සියල්ල රටේ දන්නවා (දී)
අනේ මන්දා හාමුදුරුවනේ ඕවා.(නදී)
අනාගෙන කාපු හෑටි ගෑන කාටත් හරි පෑහෑදිලියි (දිල්)
තරහ අවසර හාමුදුරුවනේ, ඔය කියන විසඳුම ලැබුනේ වෙන මොකක්වත් හින්ද නෙවෙයි ඡන්දෙ ළඟ එන හින්ද. බලන්න ඡන්දෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියල. දැන් ඉතින් කට්ටිය පෝලිමේ එයිනේ විසඳුම් දෙන්න ගමේ දුක සැප බලන්න එහෙම. ඒක නිසා මාර්තු වල ඡන්දෙ දවසට කලින් ඔය විසදුම් සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරගන්න බලන්න. නැත්නම් ඕකත් තවත් එක කඩවුණු පොරොන්දුවක් විතරයි.(දිල්)
හාමුදුරුවෝ ඔහොම කියන එක වැරදි නැද්ද (දී)
මිනිස්සු කිය කියා දේවල් මෙහෙමත් වෙනස් කරනවාද (දී)
මෙන්ඩිස් කතාව සම්පූර්න ඇත්ත දේශපාලුවො සත පහකට විශ්වාශ කරන්න බැහැ.(නදී)
මේ හාමුදුරුවෝ, ජනතාව පාවල දුන්න. (දී)
මෙන්ඩිස් , නියම කතාව , 100% එකගයි. අපේ මිනිස්සු මෙච්චර මෝඩද කියල හිතෙනෙකොටත් දුකයි. ලනුව බව දැන දැන ගිලිනවා. (නදී)
හාමුදුරුවන් හිතාගෙන ඉන්නේ වැඩේ සාර්ථකයි කියලද? මොන විකාරද? එදා ඉඳන් ගෙදර ලිඳෙන් නොමිලේ වතුර ගත්තු ගමේ ජනතාවට සහන මිලට හරි වතුර ගන්න උනානේ, සහන මිල කියන්නෙ නොමිලේ නොවෙයි, සල්ලිම තමයි අපේ හාමුදුරුවනේ. (දී)
රතුපස්වල ජිවිත තුනයි රණවිරුවන්ට අවමානයයි චිත්‍ර පටිය සාර්ථකව තිරගත වේ. ජනතාවගේ ප්‍රතිචාරය අනුව මෙවන් චිත්‍ර පටි ඉදිරියටත් රටේ අනෙකුත් ප්‍රදේශ වලින් බලාපොරොත්තු විය හැකි බව පෙනේ. අනේ අපේ රටට කුමක් සිදුවේද ? (නදී)
2013 වසරේ සිද්ද වූ අවාසනාවන්ත සිද්දිය රතු පස්වල සිද්දිය (දී)
අනේ මට නිකන් පිස්සු වගේ, මට පිස්සු හැදීගෙන එනවද (දී)
අනේ හාමුදුරුවනේ සියලු දෙනාම දන්නවා රතුපස්වල මිනිසුන්ව පාවල දුන්නු හැටි දන්නවා. (නදී)
මම සතුටු වෙනවා පිට රට ඉන්න එක ගැන. පෙරදී අවුරුද්දකට දෙකකට සැරයක් ලංකාවට ගියා. නැවත කිසිදා පය නොතියමි ලංකාවට. (නදී)