(තිලකරත්න දිසානායක)
වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරිවියක් අඹුකමට තබාගෙන සිටියදී ඇය ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඹුකමට තබාගෙන සිටි බව කියන පුද්ගලයාගේ මව සහ පියා අද (16) අත් අඩංගුවට ගනු ලැබූ බව බෙම්මුල්ල පොලීසිය සදහන් කරයි.
මෙසේ අත් අඩංගුවට ගනු ලැබ ඇත්තේ බෙම්මුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් යක්කල, බුලත්ගංගොඩ පදිංචි 62 හැවිරිදි සැකකරුගේ පියා සහ 55 හැවිරිදි මවය.
බාල වයස්කාර දැරියක් අඹුකමට නිවසේ තබා ගැනීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත මෙම යුවල මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පසුගිය 11 වෙනි දින බාල වයස්කාර දැරියට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් 27 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරෙකු වශයෙන් කටයුතු කරන අයෙකු බෙම්මුල්ල පොලීසිය මගින් මෙයට පෙර අත් අඩංගුවට ගෙන තිබිණි.
අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ මව සහ පියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ බෙම්මුල්ල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිලුම් රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ.
COMMENTS
හරි නම් එ ගෑනු දරුවගෙ තාත්තවත් හිරේ දාන්න ඔන දරුවන් හරියට හදපු නැති වැරැද්දට. .දුවව සෙල්ලම් බඩුවක් වගෙ පවිච්චි කරන්න දීල තාත්තෙක් බලාගෙන හිටියෙ කොහොමද?