ගම්පහ ෆිනෑන්ස් සමාගමක් ගිය වසරේ අගෝස්තු මාසයේදී රුපියල් එක්කෝටි අසු ලක්ෂයක් කොල්ල කෑ බව කියන තිදෙනෙක් හෝමාගම බැංකු කොල්ලයකදී පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබුහ.
කොල්ලය සැළැසුම් කළ පුද්ගලයාද ඒ අතර සිටී ඔවුන් කළුතර හා හෝමාගම සිට බැංකුව කොල්ල කෑමට එන බව ලද තොරතුරක් අනුව පොලීසිය සෝදිසියෙන් සිටි බවත් කළුතරදී එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.
කොල්ලයෙන් පැහැරගත් රන් මීගමුව ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ දහනවයකට විකුණා ඇතැයිද ඔහු ඒවා උණු කැර ඇතැයිද එයින් ග්‍රෑම් හයසීයක් සොයා ගත් බවද පොලීසිය කියයි.
අවි තුනක් ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇල්ලුවට වැඩක් නැහැ (ත)
ඉතිරි අවි ටිකත් හොයන්න අරන් යන්න. (අ)
හොරුන් දැනගත යුතු එකදෙයක් සොරකම තාවකාලිකලික දෙයක් කවදා හෝ පටිසන්දෙනවා මේක කොයි හොරකමටත් බලපානවා (අ)