IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගම්පහ කොරෝනා ආසාදිතයකු අයි ඩී එච් එවයි

( තිලකරත්න දිසානායක) 

ගම්පහ , විජයාරාම පාරේ පදිංචි හිටපු යුද හමුදා සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ අයි ඩී එච් රෝහලට ඇතුලත් කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.

55 වියෙහි පසුවන මෙම තැනැත්තා ඔහු සේවය කරන පෞද්ගලික  ආරක්ෂක සේවාවක අවශ්‍යතාවයක් සදහා පසුගිය 20 වෙනි දින වැලිසර නාවික හමුදා කඳවුරට ගොස් ඇති අතර පසුව ඇතිවූ රෝග ලක්ෂණ මත ගම්පහ රෝහලට ඇතුලුවීමෙන් අනතුරුව  පීසීආර් පරීක්ෂණයකට භාජනය කර තිබේ. 

එමගින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසුව අයි ඩී එච් රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය. 

මේ අතර  එම තැනැත්තාගේ පවුලේ සාමාජිකයින් සහ ඔහු ආ ගිය බව කියන විජයාරාම පාරේ නිවාස හතරක සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති බවද සමරදිවාකර මහතා සදහන් කළේය.
 



අදහස් (1)

ගම්පහ කොරෝනා ආසාදිතයකු අයි ඩී එච් එවයි

jess Monday, 27 April 2020 07:30 AM

ආ ගිය බව කියන විජයාරාම පාරේ නිවාස හතරක' කියන එකෙ අදහස මොකක්ද? මාත් ගෙදර ඉන්නේ. මගෙ නෝන ඉස්පිරිතාලෙ වැඩ. ඉඳල හිටලා උදේට හවසට ගහින් දානවා. මටත් ඉතින් හැදෙන්න පොඩි රිස්ක් එකක් තියෙනවා. හැබැයි, මම නම් මේ අවට මොන ගෙදරකටවත් ගිහින් නැහැ. ලඟපාත නිසා නිරෝධායනය කරන එක වෙනම දෙයක්. 'ආ ගිය' කිව්වම මේ අය ඇඳිරි නීතියෙත් යනව වගේනේ. හොයා ගත්තු හැම කෙනාම ලෝකෙ වටේ ඇවිදලනේ. මම විතරද මේ ගෙදර ඉන්නේ?

:       0       286

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site