නැතිවු ගමන් බලපත්‍රයක් ලබා ගෑනිම සදහා රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට ගියවිට ඒ සදහා යුරෝ 260 ක්(රුපියල් 41600) වැනි අධික මිලක් අය කරන බව ඉතාලියේ සේවය කරන ශ්‍රි ලාංකිකයෝ පවසති.
නැතිවු ගමන් බලපත්‍රයේ විස්තර නොදන්නේ නම් එම මුදල යුරෝ350ක්(රුපියල් 62300) බවද ඔවුහු කියති.
මේ පිලිබදව විමසීමේදි තනාපති බෙනට් කුරේ මහතා කියා සිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් එවා ඈති චක්‍රලෙඛනයට අනුව තානාපති කාර්යාලයෙන් එම මුදල අය කරනෙ බවයි.
ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා මහතා කියා සිටියේ නව ගමන් බලපත්‍රයක් හෝ නැතිවු ගමන් බලපත්‍රයක් ලබා දිමේදි අයවිය යුතු මුදල් රෙගුලාසි සෑම තානාපති කාර්යාලයකටම දන්වා යවා ඈති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිළධාරිනි රෝශණි රත්නායක මහත්මියගෙන් විමසන ලෙසයි.
ඇය එසැණට මෙසේ කීවාය. ඈත්තෙන්ම අපි පිටරට සිටින අයට නව ගමන් බලපත්‍රයක් හෝ නෑතිවු ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමේදී මිල තිරණය කළේ ඩොලර් වලින්. තානාපති කාර්යාල වලට අපි දන්වා යෑව්වා ඒ මුදල පවතින රටේ මුදල් වලට හරවා අය කරන්න කියලා. අපි නව ගමන් බලපත්‍රයක් එක් දින සේවයෙන් නිකුත් කරන්නේ රුපියල් 7500කට.
නෑතිවු ගමන් බලපත්‍රයක් වෙනුවෙන් තවත් රුපියල් 10000ක දඩ මුදලක් අය කරනවා. ඒ කියන්නේ ඔක්කෝම රුපියල්17500යි. තානාපති කාර්යාල ගුවන් ගමන් ගාස්තු, කොළවලට යන මුදල්, අපි ගමන් බලපත්‍රයක් පිට රට යවන්නේ විශේෂ ආවරනයකින් ඒවටත් මුදල් වෑය වෙනවා.
ප්‍රශ්නය, රුපියල් 17500ක් කියන්නේ යුරෝ 100ක වගේ මුදලක්. නැතිවු ගම බලපත්‍රයක් නිකුත් කිරිමේදි යුරෝ 260ක් (රුපියල් 41600)ගන්නවා.ඉතිරි 160ම යන්නේ ඔබ සදහන් කල දෙවලටද?
පිලිතුර, අපි ගුවන් තොටුපළේ සිට ගමන් බලපත්‍ර ගෙන්න ගන්න විශේෂ වාහනයක් යවනවා. මේවගේ තවත් දේ වලට මුදල් වැය වෙනවා. මට ඔබ පවසන දේ තේරුම් ගන්න පුළුවන්. මෙකට විසදුමක් හොයන්න අපි උත්සහා කරන්නම්.
ඉතාලියේ ඉන්න ලාංකිකයන් කියන්නේ රට ගැන හොඳ කැක්කුමක් තියෙන පිරිසක්. ඒ ගෑන ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. යුරෝපයේ තානාපති කාර්යාල අතරින් වෑඩිම පෑමිණිලි ප්‍රමාණයක් අපිට ඇවිත් තියෙන්නේ රෝමයේ තානාපති කාර්යාලයේ සේවය කරන නිළධාරින් කිහිපදෙනෙකුට විරුද්ධවයි. මට වගේම ආගමන විගමන පාලක තුමාටත් ඒ පැමිණිලි ඇවිත් තියෙනවා.
ඉතාලියේ ඉන්න ලංකාවේ අය තානාපති කාර්යාලයේ සමහර ක්‍රියා පිලිබධව කතා කරන්නේ හරිම කලකිරිමෙන් රත්නායක මහත්මිය එසේ කිවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය එක්දින සේවයට ගන්න 7500, පිට රටකට යවනකොට අදාල වන්නේ කොහොමද හැබැට? නැති වුන ගමන් බලපත්‍රය ගන්න ගුවන් තොටුපොළට වාහනයක් යවන්නේ එතන තියෙන නිසාද? අයදුම් පත්‍රය ඉස්කැන් කරලා එවන්න බැරිද? දන්නේ නැති නිසා අහන්නේ.(නදී)
සෞදියේ ඔය ඔක්කොටම එහා, ලිපිය බාරදෙන්න සතියක් විතර යනවා දවසකට ගන්නේ සීමිත ගනනයි. බාර දුන්නත් මාස 4 ක් යනවා පාස්පෝර්ට් එක ගන්න. හදිසි අවස්යතාවක් වුනොත් මේ කාලේ අනාතයි.(නදී)
මෙහි සඳහන් ඇතැම් නිලදාරින් නිසා ඉතාලියේ ජීවත් වෙන අපි ඉමහත් අපහසුතාවයන්ට පත්ව න්නෙමු. උප්පැන්න ලියාපදිංචි කටයුතු කරන නිලදාරිනිය ගැන මාගේ කනගාටුව නොබියවම ප්‍රකාශ කරමි. උප්පැන්න ලියකියවිලි බාරගන්න නිලදාරිනිය නොව ඇය පොත් තබන්නා යි. මෙයිට වඩා වගකීමෙන් තම රාජකාරිය ඉටුකලොත් එය ඔබටත් අපටත් පහසුවකි. (නදී)
පස්ස්පෝර්ට් එක ජපනේදී නැතිඋනොත් 50000 යෙන් ,රු 62500 ගෙව්ව මම අවරුදු 4කට ඉස්සර (දී)
ඹ්ව මොනවද??මැලේසියාවෙදි පොත හදන්න ලංකාවෙ මුදලින් රුපියල් 50000/=ඹ්නෙ.දැන් ඒකත් බෑ(දී)
ඔය මොන මුදල අයකරත් ,අඩුම තරමේ ගුණාත්මක සේවයක් ලැබෙන්නේ නැහැ.(නධී)
හොයල බලපුවහම මගේ ගමන් බලපත්‍රය තමයි මාස 2 ඇවිත් තිබෙන්නේ. සමහරු මාස3-4 මග බලාගෙන ඉඳල තිබෙනවා. අගමන් විගමන දෙපාර්තුමේන්තුවේ කවුද මේ අපිව ගසා කන්න චක්‍ර ලේඛන හදන නිලධාරීන් ? මෙහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන් මෙවැනි වැඩ නිසා ලංකාවේ බලධාරීන් ගැන හරිම කලකිරීමකින් ඉන්නේ. විදේශ කටයුතු ඇමති තුමනි, ජනාධිපති තුමනි අපිට සාධාරණයක් කරන්න. දරුවන් 2-3 සහිත ශ්‍රී ලංකික පවුලක් ගමන් බලපත්‍ර ගන්න යනකොට කියක් වියදම් වෙනවද ? අපි මෙහෙ ලංකාවට වඩා වැටුපක් ගන්න එක ඇත්ත නමුත් මෙහෙ වියදම ගැන දන්නේ අපි පමණි.(නදී)
තම තමන්ගේ දේවල් රැක ගන්න තම තමන් දැන ගන්න ඕනේ (දී)
මගේ නව ගමන් බලපත්‍රය හදන්ඩ බාර දී මට එය ලැබුනේ මස 4 කට පසුව.(දී)
වෙනමම හම්බ කරලා තියා ගන්න ඕනේ ඒ වැඩේට (දී)
හැම තැනම ඔය වගේ තමා. කියලා වැඩක් නැහැ (දී),
අපේ මල්ලිගේ ලංකාවේ පාස්පෝර්ට් එක නැතිවෙලා 43250 ගිය නේ...ඕක ගනක්ද ඉතාලියේ ඉන්න කට්ටියට .....(අ)
ලංකාවේ හොර ඇමති නඩයක් නඩත්තු කරන්න නැත්නම් මුදල් කොහින්ද.(දී)
යුරෝපා රටවලදී අධික මුදලක් අය කරලත් ගමන් බලපත්‍රයක් ලබාදෙන්න මාස 2 විතර කාලයක් ගත කරනවා , මේ බලපත්‍ර එවන්නේ වෙන වෙනම නෙවේ ඔක්කොම එකට , දෙපාර්තමේන්තුව කියන විදිහට කටුනායක සිට කොළඹට රජයේ වහනයක් ගිහින් එන්න ඔච්චර විශාල මුදලක් වියදම් වෙනවද ? කරුණාකර අපිව ගසා කෑම නතර කරන්න, මෙම බලපත්‍ර භාරදුන් දිනයේ සිට අඩුම තරමේ මාසයක් තුල අපිට ලැබෙන්න සලස්වන්න , අපිට සාධාරණ මුදලකට ගමන් බලපත්‍ර නිකුත් කලාට රටට පාඩුවක් නොවේ අපි මාස්පතා යුරෝපයේ සිට ලංකාවට ඩොලර් කොටි ගණනාවක විදේශ විනිමය ලබාදේ , මේ ප්‍රශ්නය ඉතාලි තානාපති කාර්යාලයේ පමණක් නොවේ යුරෝපයේ සෑම තානාපති කාර්යාලයකටම පොදුයි (දී) ,
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර කාර්යාලයත් මීට නොදෙවෙනි නැහැ. එහි පත් වීම් ලබා ගෙන ඉන්නේ ඉංග්‍රීසි තියා සිංහලත් බැරි උදවිය. ලිපි ලේඛන කටයුතු ගැන කිසිම දැනීමක් නැති, හීනෙන් නැගිට්ටා වගේ දුරකථන වලට උත්තර දෙන උදවිය. මොන වෙලාවක කතා කලත් ලංකාවේ පුරුද්දට කෑමට නැතිනම් එලියට ගිහින්. කිසිම වෘත්තීය හැකියාවක් නැති කාර්ය මණ්ඩලයක්. !! මේවා කාට කියන්න ද ? (නදී)
කොහෙන් ගියත් තැලෙන්නේ අසරණ ජනතාව (දී)