බදුල්ලේ බදුලු ඔයේ බදුලුපිටිය අත්වැල්පාලම වසර දෙකකින් පමණ අලුත්වැඩියා කර නැත.
එහි තැන තැන ලෑලි ගැලවී ගොසිනි.
දිනකට සිසුන් 400ක් 500ක් පමණ ද ගැමියන් දහසක් පමණ ද මේ පාලමෙන් එහා මෙයා යන බව ගැමියෝ කියති.
බදුල්ලේ බදුලු ඔයේ බදුලුපිටිය අත්වැල්පාලම වසර දෙකකින් පමණ අලුත්වැඩියා කර නැත.
එහි තැන තැන ලෑලි ගැලවී ගොසිනි.
දිනකට සිසුන් 400ක් 500ක් පමණ ද ගැමියන් දහසක් පමණ ද මේ පාලමෙන් එහා මෙයා යන බව ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලා නම් ඉන්නවා තමයි. ඒත් නිමල් සිරිපාල ඇමති තුමා ඇර ඌව පළාතට වැඩක් කල එක පුද්ගලයෙක් ඉන්නවද? බදුල්ලේ පාරවල් ටික පවා හැදුනේ එතුමා බදුල්ලට ආවට පස්සේ. ඊට කලින් බදුල්ල ටවුම තිබුනේ 18 වන සියවසේ නගරයක් වගේ. අදටත් පළාතේ මිනිස්සු එතුමාට ගරු කරන්නේ එතුමා කරපු වැඩ කොටස නිසයි.(නදී)
මෙම පාලම කැඩුනේ ඡන්දයට පසුවද. ඡන්දයට පෙරත් මෙවැනි අනතුරුදායක තත්වයක තිබුනා නම් ඡන්දය සිඟාගෙන පැමිණි හැම දෙනාටම අවශ්‍ය සංග්‍රහය කිරීමට මෙගම වැසියන්ට නොහැකි වුයේද.පළාත් පාලන ආයතනය මර නින්දේද?(නදී).
ඇයි දැන් ආණ්ඩුව කිව්වේ පාරවල්, පාලම් විදුලි බලය සේරම හදලා ඉවරයි කියලා. මේ පාර පොරොන්දු නෑ කියලා. (ස)
ගමන කෙසේ වෙතත් අපි අද ජීවත් වෙන්නේ මරුවෝ එක්ක. (ස)
රූපවාහිනිය දාපු ගමන් බිම් මට්ටමින්, ගම් මට්ටමින් සංවර්දනය කරනවා කියනවා. මේක එතකොට ගමක් නොවේ වෙන්න ඇති. චින්තනයය් ආශ්චර්‍ය තමයි කියන්නේ. මිනිස්සුන්ව රවට්ටනවා.(නදී)
චුටි දුවේ, ඔයා එගොඩ වෙන්න යන ඔය පාලම ගොඩක් අවදානම්.. ඔතනින් එගොඩ වෙලා ඊ ළඟට ඔයාට යන්ට තියෙන්නෙත් ඊටත් වඩා අවදානම් ගමනක්.. පරෙස්සමෙන්.. ලංකාවේ ඉපදුන වන්දියට... (ස)
ජාත්‍යන්තර කුමන්ත්‍රනයක ප්‍රතිපලයක් මේක.(නදී)
ලෝකයෙන්ම සන්තෝසයෙන් ඉන්න මිනිසුන් ජීවත් වෙන්නේ ලංකාවේ කියල කියයි දැන් ඉතින්. අපේ හරකුත් හිස් මුදුනෙන්ම පිලි ගනීවි.(නදී)
මේ පැත්තේත් මන්ත්‍රීවරු නැතිද? පව් මේ මහා ජනතාව, මේ ආසනයේ මන්ත්‍රීගේ නමත් දාන්නකෝ. අනේ මෙහෙම අයට චන්දෙ ඇයි?(නදී)
පද්මිණි. චුටි දුවේ, ඔයා එගොඩ වෙන්න යන ඔය පාලම ගොඩක් අවදානම්.. ඔතනින් එගොඩ වෙලා ඊ ළඟට ඔයාට යන්ට තියෙන්නෙත් ඊටත් වඩා අවදානම් ගමනක්.. පරෙස්සමෙන්.. ලංකාවේ ඉපදුන වන්දියට...මට කියන්න තියෙන්නෙත් එකම තමා (අ)
ඌව පළාත් සභාව නොවැම්බර් මාසේ විසුරුවනවා නේද? ඊට කලින් මේක හැදුවොත් නේද හොද? අඩු ගානේ මුල් ගලක් වත් තියමුද? මහ ඇමති තුමා මොණරාගල හින්දා බදුල්ල ගැන බලන්නේ නැහැ වගේ. අර ග්‍රාමීය පාලම් අංශය කියලා එකක් තියෙනවා කියලා මාස දෙක තුනතට කලින් පත්තරේ තිබුනා.අපේ හරීන් මන්ත්‍රී තුමත් හම්බන්තොට ගල් ගැන හොයන්න කලින් තමන්ගේ කොට්ඨාසයේ අඩුපාඩු ගැන හොයලා බලන්න එපායැ.(නදී)
දේශපාලකයෝ ඔක්කොම මේ දිනවල ඡන්ද වැඩ. ඡන්දේ ඉවර වුනාහම ඔය ගැන බලයි. එතකන් ජීවත රක්ෂනයක් වත් ගන්න බලමු.(නදී)
සුමේධා, ඩිලාන් පෙරේරා මහතා වි.ජ.මු මහතා හා පුතා, බුද්ධධාස මහතා බිරිය හා පුතා, සොයිසා මහතා, සීනි ඇමති තුමා, සුමේදා නෝනා, මදුදුම බංඩාර මහතා, හිටපු රණවිරුවෝ, මහ ඇමති අතුල හා පළාත් සභිකයින් මොකවත්ම කළේ නැද්ද? අර රාලහාමි මාරු කළ එක ඇරෙන්න.(නදී)
නිමල් සිරිපාල ඇමති තුමා එල වැඩ කාරයෙකි. බදුල්ලේ රෝහල, තැපැල් කන්තෝරුව ඔය තත්වයට ගෙනාවේ ඔහුය. එතුමාගේ වැඩකිරීමේ හැකියාව ඉතා ඉහලයි.(නදී)
මගේ පාසල් කාලය මතක් උනා. මහ ඔය උඩින් දමා තිබූ සංගිලි පාලමත් ඔය වගේමයි.(නදී)
කෝ හැබෑටම, ජනතාවට මේවා සොයා බලා ඉටුකරදීමට ඡන්දෙන් පත්කර යවපු අය.(නදී)
හැමදාම ෆොටෝනම් අරගෙන යනවා.ප්‍රවුර්ති වලටත් දානවා ඒත් තාම කාගෙවත් ඇස් ඇරිලා නෑ.ගමේ මිනිස්සු තමයි ලෑලි ගහල යන්නේ ලොකු ලොකු අය මේකේ යන නැනේ එයාල යන්නේ උඩින් නිසා එයාලට පෙන් නේ කව්රුහරි ගඟට වැටිලා මරුන දවසටවත් ඇස් ඇරේවා (දී)
මේක ලංකාවේ පාරක් නෙවෙයි නේද මහාමාර්ග ඇමතිතුමෝ ආණ්ඩුවට මඩ ගහන්න කරපු වැඩක. (ස)
පොඩ්ඩක් ඉන්න දරුවෝ අඩන්නේ නැතුව, ළඟදි ගේනවා සුපිරි වාහන. ඒවායේ පියාඹලා යන්න පුළුවන්. (නි) කුමාර්.
මේ වගේ අවදානම් තැන් අපේ රටේ තියෙන්න විදිහක් නැහැනේ.මට නම් විශ්වාස කරන්න අමාරුයි. (නි)
සුදු දෝනි, ඔයා මගෙ දුව වගේමයි. දෙවියන්ගෙ නාමෙන් ප්‍රවේශම් වෙන්න. (නි)
පළාතේ නොඉපදුණු පළාත ගැන නොදන්නා අය බලයට පත් වුනාම ඔහොම තමයි. අනෙක් පළාත් වලට ගුවන්තොටුපොළවල්, වරායවල්, අදි වේගී පාරවල් ලැබෙද්දී අපේ පළාතේ අත් වැල් පාලම හදන්නවත් කෙනෙක් නැහැ.(නදී)
බදුල්ල හම්බන්තොටට කිට්ටුද? එහෙම නම් වැඩේ කෙරෙයි. නැත්නම් නිකන් මහන්සි වෙන්න එපා. 'එගොඩහ යන්නෝ..' .සින්දුව කියාගෙනම තියෙන පාලමෙන්ම එගොඩ වෙන්න.(නදී)
සුමේධ, ඔයා නම් නියමයි. ආණ්ඩුවට කඩේ යන්නේ නැතුව ඇමතිට තනිවම කඩේ යන එක. බදුල්ල නගරය විතරක් නොවෙයි, ඇමති තුමාගේ බඩත් හොඳටම හැදුනා. ඒක බොරුනම් බය නැතුව ඔය වැල් පාලමින් එක වරක් ගමන් කරන්න කියන්න.(නදී)
අන්න පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමට එන උත්තමයින් වෙනුවෙන් බිලියන 1.2 ක ඇති සුඛෝපභෝගී වාහන ගෙන්නලා. උත්තමයෝ ගියාට පසු බලමු වාහන ටික කවුද බෙදාගන්නේ කියලා. අසරණ ගම්මුන්ට පාලම හදා දෙන දේශපාලන අඥයෝ දැන් නැහැ.(නදී)
දැනට අවුරුදු දෙකකට පෙරත් පාලම තිබුණේ මේ තත්වයෙනි. ලොකු ලොක්කෝ මේ පැත්ත පළාතේ ගිහින් නැහැ වාගෙයි... (නි)
ප්‍රාදේශීය සබා නිදිද? (නි)
පාලම හදන්න නම් අපිට ඡන්දය දෙන්න.(නදී)
ඇත්තටම මේ ගමේ පන්සලක්,පල්ලියක්,වෙන යම් සංවිධානයක්, මරනාධාර සමිතියක් හෝ කොල්ලෝ ටිකක්වත් නැද්ද මෙය ශ්‍රමදානයකින් අලුත්වැඩියා කරගන්න?රජයට හෝ, ප්‍රාදේශීය සබාවට හෝ වෙනයම් වගකිව යුක්තෙකුට කියමින් ඉදලා ගමේ කෙනෙක් අනතුරකට පත් වුනාට පසු උද්ඝෝෂණ උපවාස කරලා නැති වුන කෙනාට පණ දෙන්න බැහැනේ.ඇයි ගමේ සමගියක් නැත්තේ. ඇයි මිනිස්සු මෙච්චර ආත්මාර්ථ කාමී .අනේ අපේ රටට ගිය කලක්. (නි)
ලංකාදිප ඇස නියමයි. මීට ඉක්මන් විසදුමක් අවශ්‍යයි (නි)
ඌව පලාතට ඇමතිලා ඉන්නවනේ.(නදී)
වැල්පාලම් තවම ඇත්තේ මොන රටේද?මොන රටේද?.. ඇමරිකාවේ.. ඇමරිකාවේ.. අපේ අයට එහෙ යන්න කියමු හොයලා බලලා හදන්න කියමු. පළාත් සභා විසුරුවන්න කියමු. එතකොට හදයිද බලමු. (නි)
බදුල්ලටත් ගුවන් තොටුපලක් දැම්මා නම් මේ අයටත් පහසුවක් නේද? (නි)
රට සංවර්ධනයයි කියනවා ඒත් මේ තැන අපේ රටේ නෙමේ වෙන්න ඇති ඒකනේ හදන්නේ නැත්තේ.(නදී)
කවුරුහරි විපතකට පත් වූ පසු බලධාරීන්ගේ ඇස් ඇරේවි (නි)
ඌව පළාතට ඡන්දයක් තිබුනා නම් ඔය පාලමට පොරුන්දුවක් හරි ලැබේවි. පවු අහිංසක ගැමියෝ ඉක්මනින් මෙම පාලම හදලා දෙන්න.(නදී)
අයියෝ! (නි)
සංවර්ධනයේ ප්‍රතිලාබ එකසේ බෙදිලා නැතිබවට හොඳම උදාහරණයක් මේ අබලන් පාලම. අධිවේගී මාර්ග වගේම ගමේ අහිංසක ජනතාවගේත් පාලමක් හැදීම අත්‍යවශ්‍ය දෙයක්. (නි)
ඔය ඉතා පැරණි වැල් පාලම සමීපයේම, වාහනයක් ගමන් කළ හැකි නව පාලමක් බදුල්ල හංවැල්ල ගම හරහා ඉදිකර තිබෙනවා නේද ? එය ගැන කතා නැත්තේ ඇයි?? (ස)
වගකිවයුත්තනි උතුරු සන්වර්දනය පමණක් නොව මෙවැනි දේ ගැනත් අවදානය යොමු කරන්නේනම් මැනවි. (නදී)