රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුවට හා අයවැයෙන් සහන නොදුන්නැයි විරෝධය දක්වමින් පෞද්ගලික බස්රථවල ක්‍රියාත්මක කරන කළුකොඩි එසැවීමේ ක්‍රියාවලියෙන් තම සංගමය තාවකාලිකව ඉවත්වූ බව ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සමග තම සංගමය පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස මෙම තීරණය ගත් බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යූ එන පී එකෙන් ඡන්දෙ ඉල්ලලා ඡන්ද 2000 ගත්ත එක්කෙනා නේද. (අ)
මඟීන්ට සිදුවෙන්න ඕනෑ යුතුකම් ඉටුවෙනවා නම් තමයි හොඳ. පුළුවන් හැම වෙලාවකම මම නම් යන්නේ සීටීබී වල. (නි)
මඟී ප්‍රවාහන සේවා වල වැරදි සඳහා වෙනම නීති සමඟ දඬුවම්/දඩ තිබිය යුතුයි. (නි)
කොහොමත් අන්තිමේදී වෙන්නේ ඕකනේ (නි)
බස්වල ගමන් කරන මගීන්ගේ දවසේ කාලසටහන හදන්නේ ප්‍රයිවට් බස් වල රියදුරායි කොන්දොස්තරයි. ඕන වෙලාවට තමයි බස් එක පටන්ගන්නේ ඊට පස්සේ ඉතින් කොට කොට යන එකයි කරන්නේ. වෙනත් රටවල් එක්ක බලන කොට කනගාටුයි කියන්න (ම)
කළු කොඩිය තියා ගත්තොත් හොදයි පරෙස්සම් කරලා තමුන්ගේම මල ගෙදරට දාගන්න. ඕක වහල දල ලංගම පෙර වගේ ගේන කල් දුප්පත් මගී ජනතාවට දෙයියන්ගේම පිටියි.(අ)
කොහොමත් ගැමුණුට අන්තිමට කරන්න වෙන්නේ ඕක තමයි (නි)
ලංකාවේ ඉන්න වෘත්තීය සමිති කාරයෝ නිසා ලංගම ආපහු දියුණු කරන්න බැහැ. (බ)
ඇයි කළු කොඩි අකුළා ගත්තේ? බස් වලට දුම් සහතිකය ඕනෑ නැහැ කිවුවද? (නි)
එයාලා එයාලගේ මඩිය ගැන විතරයි හිතන්නේ. මහජනයා ගැන කිසිම දෙයක් බලන්නේන නැහැ (නි)
කමනිගේ කතාව මසුරන් (නි)
කවදාහරි දවසක ගැමුණු සහ ඔහුගේ පුද්ගලික බස්රථ සේවය අපේ රටෙන් නැත්තටම නැතිවෙලා, අපි කුඩා කාලේදී වගේ විනීත රියදුරන් කොන්දොස්තරවරුන් සිටිනා රජයේ "ලංගම " නැවතත් මහජන ප්‍රසාදය දිනාගනිමින් රටේ සෑම ප්‍රදේශයක්ම දිග්විජය කරාවි. (නි)
මගීන්ට සලකන්නේ සත්තුන්ට වගේ. මේ අයට විතරයි අයිතිවාසිකම් තියෙන්නේ. (අ)
ආචාර්ය ගැමුණුට නොදෙවෙනි (ම)