ගැමුණු විජේරත්න මහතාගේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද මැදියම් රැයේ අරඹන්නට යන වර්ජනයට දකුණු පළාත් සීමා සහිත මාතර දිස්ත්‍රික් ප්‍රවාහණ සමාගම සහාය නොදෙන බව එහි සභාපති අරුණ ප්‍රිෂාන්ත හේවාහල්පගේ මහතා කියයි.
තම සංගමයේ සාමාජිකයනට බස් 2000ක් පමණ ඇතැයි ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් මස් රාත්තලම ඉල්ලන එකෙක් කොච්චර දුන්නත් මදි අනේ මෙහෙමත් බොරු කාරයෙක් (අ)
අතාරින්න එපා ගැමුණු අය්යේ..කවුරුත් එන්නේ නැත්නම් ගෙදර උන්දැත් එක්ක එකතු වෙලා ගැමුණු ට්‍රැවල්ස් බස් ටිකවත් වර්ජනය කරන්න....ඔහොම යන්...ජය වේවා....!!! (අ)
මෙයාලට බස් ටික සතියක් ගෙදර තියාගන්න කියමු. වාරික හිඟ වෙලා උස්සපුහම ඔය උණ හොඳ වෙයි. (දී)
සම්පත් එක්ක මමත් එකඟයි. සතියක් ගෙදර නවත්තගෙන ඉන්න කියන්න. ෆිනෑස් එකෙන් ඇවිත් උස්සනකොට, රියදුරුට, කොන්දලට මාටියා පාර නැති වෙනකොට නිකම්ම බස් පාරේ දුවාවි. (දී)
ඉල්ලීම අවශ්‍ය නැති බව එක බස් සංගමයක් පිලි අරගෙන. ගාස්තු වැඩි කිරීමක් එපා. බස් ටික ගෙදර දාලා බුදිය ගන්න කියන්න. ඉල්ලීම් නොදී හිටපුවහම නිකම්ම් වැඩට එයි. අපි රජය සමගයි. (දී)
ස්ට්‍රයික් කරපුවාවේ. මාටියා පාර නැතිවෙනකොට අඹුවත් පස්ස දොරින් පැනලා යාවි. මාතර බස් සංගමයට ජය වේවා! (දී)
මම නම් කියන්නේ කිසිම වර්ජකයෙකුට හරියන්න එපා, අහිංසක මිනිස්සුන්ට කරදර කරන්න හොද නැහැ (දී)
ලංකාවේ පෞද්ගලික් බස් සේවය කියන්නේ තනිකරම ජාවාරමක්. කිසිදු පාලනයක් නැති එකක්. ඔවුන්ගේ ලාභය කොපමණද යන්න කිසිවෙකුත් ගණනය කරන්නේ නැහැ. හිතුමතේ බස් ගාස්තු වැඩි කරනවා. වෙන රටවල මෙහෙම බස්ගාස්තු වාර්ෂිකව වැඩිවෙන්නේ නැහැ. 1 බස් ගාස්තු වැඩි කිරීමට පෙර ඔවුනගේ ආදායම පිළිබදව සංගණනයක් කළ යුතුයි. ඒ වගේම ලාභය කොපමණද යන්න සොයා බැලිය යුතුයි. 2 බස් ගාස්තු වැඩි කළ සැනින් ආණ්ඩුව බෙරිහන් දෙනවා, පහසුකම් වැඩි කරන බවට. ටිකට් කැඩිය යුතු බවට. නිති රීති දැඩිව ක්‍රියාත්මක කරන බවට. නමුත් ගණන් වැඩිකොට සුමානයක් යන විට අර කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවේ. 3 සුඛෝපභෝගි බස්වල වායු සමීකරණ ක්‍රියාත්මක නොවීම. නිශ්චිත උෂ්ණත්වයක් දක්වා නොතිබීම. එම නිසා වා කවුලු වලින් වියලි සුලගක් පමණක් ලබා දෙන අතර උෂ්ණත්ව පාලනයක් නැති වීම. 4 අර්ධ සුඛෝපභෝගි යනු රෙදි කෑලි ටිකක් එල්ලා වැඩිපුර මුදල් අයකීරීමක් පමණි. එම නිසා එම අර්ධ සුඛෝපභෝගි සේවය ඉවත් කළ යුතුය. අනුරාධපුරු කොළඹ සියලුම පෞද්ගලික් බස් මේ ගණයේ ඒවාය. අපි මේ අසාධාරණය කාට කියන්නද (දී)
අනුරාධපුර මතුගම බස් රථයේ ටිකට් එකේ ගාස්තුව රු 400යි. අවම වශයෙන් මගීන් 40 ක් සිටියොත් එක් ගමන් වාරයකට අවම මුදල රු 32000යි. මෙය මීට වඩා වැඩි විය යුතුයි. අතරමගින් බැස යන මගීන් නිසා විශාල මුදලක් ලැබෙනවා. අවම මුදල දවසට රු.50000 ක් වත් විය හැකියි. එසේ නම් නඩත්තු වියදම් ආදිය සලකා බැලුවොත් මොවුන් කොතරම් ලාභයක් ලබනවාද යන්න පැහැදිලිය. (දී)
ගැමුණු මැයි 26 වර්ජනය කඩාකප්පල් කරලා ලොක්කා වෙන්න ගියා.අද අනෙක් බස් හිමියන් ගැමුණුට හොද කනේ පාරක් දීලා තියෙනවා. එයා හිතන් ඉන්නේ එයා තමයි 'පොර' කියලා. (නි)
කිසිම වැඩිවීමක් දෙන්න එපා. මහජනයා ගැන රජය හිතිය යුතුයි (දී)
බස් වල කැමරා සවිකලොත් ගසාකෑම් ගොඩක් අඩු කරන්න පුළුවන් වෙයි. දියුණු රටවල නම් කැමරා තියෙනවා. ඒවාට වැඩි වියදමක් යන්නේ නැහැ. පොඩි කැමරාවක් තියෙන්නේ. අපරාධ වුනත් ගොඩක් නවත්ත ගන්න පුළුවන් වෙයි. මාටියා ගහන එකත් අඩුවෙයි. (දී)
මෙයාට ආයෙත් යවන්නකෝ මල්වඩමක් ගියපාර වගේ. (අ)
පුද්ගලික බස් සංගම් පුරසාරම් දෙඩුවට කවදාවත්ම මහජනතාවට සේවයක් කරලා නැහැ. තමන්ගේ මඩිය විතරයි පුරවා ගන්න හදන්නේ.අනිත් අයට හෙන ගැහුවත් කමක් නැහැ (නි)
මේ ඔක්කොම වසංගත වෛරස්...වැඩ වර්ජන අද.... රට අව්රුද්දක් පස්සට.(අ)
පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ නායක ගැ.විජේරත්නට බස් හිමියන්ට කඩේ යනවට බස් හිමි කරුවන් දෙන අල්ලස් ගැනත් අල්ලස් කොමිසම සොයා බලන්න (අ)
නැහැ නැහැ කියන්න ස්ට්‍රයික් කරන්න කියල වැඩිම දවස් තුනයි. මොනවද ඔට්ටු.(දී)
හැම පැත්තකින්ම තැලෙන්නෙ සාමාන්‍ය ජනතාව, මේ ප්‍රශ්නේදිත් ලංගමට හැමදාම වගේ නිහඩ වෙන්න වෙනවා මොකද ඉල්ලුමට සැපයුම දෙන්න රජය තවමත් අපොහොසත් (අ0
ඇර මාටියා ඇර ! (අ)
ඔහොම යමු තව ටිකක් වෙලා යන කොට අනිත් බස් සංගම් වල අයත් මේකට සම්බන්ද නැ කියයි (අ)