IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගැමුණුගෙ වර්ජනයට මාතරින් එක බසයක්වත් නෑ

ගැමුණු විජේරත්න මහතාගේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද මැදියම් රැයේ අරඹන්නට යන වර්ජනයට දකුණු පළාත් සීමා සහිත මාතර දිස්ත්‍රික් ප්‍රවාහණ සමාගම සහාය නොදෙන බව එහි සභාපති අරුණ ප්‍රිෂාන්ත හේවාහල්පගේ මහතා කියයි.

තම සංගමයේ සාමාජිකයනට බස් 2000ක් පමණ ඇතැයි ඔහු පවසයි.

 



අදහස් (0)

ගැමුණුගෙ වර්ජනයට මාතරින් එක බසයක්වත් නෑ

රේමන් Wednesday, 10 July 2013 05:06 PM

මේක නම් මස් රාත්තලම ඉල්ලන එකෙක් කොච්චර දුන්නත් මදි අනේ මෙහෙමත් බොරු කාරයෙක් (අ)

:       0       0

සම්පත් ප්‍රියංකර Thursday, 11 July 2013 02:06 AM

අතාරින්න එපා ගැමුණු අය්යේ..කවුරුත් එන්නේ නැත්නම් ගෙදර උන්දැත් එක්ක එකතු වෙලා ගැමුණු ට්‍රැවල්ස් බස් ටිකවත් වර්ජනය කරන්න....ඔහොම යන්...ජය වේවා....!!! (අ)

:       0       0

සම්පත් Wednesday, 10 July 2013 05:20 PM

මෙයාලට බස් ටික සතියක් ගෙදර තියාගන්න කියමු. වාරික හිඟ වෙලා උස්සපුහම ඔය උණ හොඳ වෙයි. (දී)

:       0       0

ජනා Wednesday, 10 July 2013 05:42 PM

සම්පත් එක්ක මමත් එකඟයි. සතියක් ගෙදර නවත්තගෙන ඉන්න කියන්න. ෆිනෑස් එකෙන් ඇවිත් උස්සනකොට, රියදුරුට, කොන්දලට මාටියා පාර නැති වෙනකොට නිකම්ම බස් පාරේ දුවාවි. (දී)

:       0       0

තිසා Wednesday, 10 July 2013 05:55 PM

ඉල්ලීම අවශ්‍ය නැති බව එක බස් සංගමයක් පිලි අරගෙන. ගාස්තු වැඩි කිරීමක් එපා. බස් ටික ගෙදර දාලා බුදිය ගන්න කියන්න. ඉල්ලීම් නොදී හිටපුවහම නිකම්ම් වැඩට එයි. අපි රජය සමගයි. (දී)

:       0       0

මොහමඩ් Wednesday, 10 July 2013 05:57 PM

ස්ට්‍රයික් කරපුවාවේ. මාටියා පාර නැතිවෙනකොට අඹුවත් පස්ස දොරින් පැනලා යාවි. මාතර බස් සංගමයට ජය වේවා! (දී)

:       0       0

හිරු Wednesday, 10 July 2013 06:20 PM

මම නම් කියන්නේ කිසිම වර්ජකයෙකුට හරියන්න එපා, අහිංසක මිනිස්සුන්ට කරදර කරන්න හොද නැහැ (දී)

:       0       0

සරත් Wednesday, 10 July 2013 06:20 PM

ලංකාවේ පෞද්ගලික් බස් සේවය කියන්නේ තනිකරම ජාවාරමක්. කිසිදු පාලනයක් නැති එකක්. ඔවුන්ගේ ලාභය කොපමණද යන්න කිසිවෙකුත් ගණනය කරන්නේ නැහැ. හිතුමතේ බස් ගාස්තු වැඩි කරනවා. වෙන රටවල මෙහෙම බස්ගාස්තු වාර්ෂිකව වැඩිවෙන්නේ නැහැ. 1 බස් ගාස්තු වැඩි කිරීමට පෙර ඔවුනගේ ආදායම පිළිබදව සංගණනයක් කළ යුතුයි. ඒ වගේම ලාභය කොපමණද යන්න සොයා බැලිය යුතුයි. 2 බස් ගාස්තු වැඩි කළ සැනින් ආණ්ඩුව බෙරිහන් දෙනවා, පහසුකම් වැඩි කරන බවට. ටිකට් කැඩිය යුතු බවට. නිති රීති දැඩිව ක්‍රියාත්මක කරන බවට. නමුත් ගණන් වැඩිකොට සුමානයක් යන විට අර කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවේ. 3 සුඛෝපභෝගි බස්වල වායු සමීකරණ ක්‍රියාත්මක නොවීම. නිශ්චිත උෂ්ණත්වයක් දක්වා නොතිබීම. එම නිසා වා කවුලු වලින් වියලි සුලගක් පමණක් ලබා දෙන අතර උෂ්ණත්ව පාලනයක් නැති වීම. 4 අර්ධ සුඛෝපභෝගි යනු ‍රෙදි කෑලි ටිකක් එල්ලා වැඩිපුර මුදල් අයකීරීමක් පමණි. එම නිසා එම අර්ධ සුඛෝපභෝගි සේවය ඉවත් කළ යුතුය. අනුරාධපුරු කොළඹ සියලුම පෞද්ගලික් බස් මේ ‍ගණයේ ඒවාය. අපි මේ අසාධාරණය කාට කියන්නද (දී)

:       0       0

සරත් Wednesday, 10 July 2013 06:23 PM

අනුරාධපුර මතුගම බස් රථයේ ටිකට් එකේ ගාස්තුව රු 400යි. අවම වශයෙන් මගීන් 40 ක් සිටියොත් එක් ගමන් වාරයකට අවම මුදල රු 32000යි. මෙය මීට වඩා වැඩි විය යුතුයි. අතරමගින් බැස යන මගීන් නිසා විශාල මුදලක් ලැබෙනවා. අවම මුදල දවසට රු.50000 ක් වත් විය හැකියි. එසේ නම් නඩත්තු වියදම් ආදිය සලකා බැලුවොත් මොවුන් කොතරම් ලාභයක් ලබනවාද යන්න පැහැදිලිය. (දී)

:       0       0

වරුණ Thursday, 11 July 2013 08:16 AM

ගැමුණු මැයි 26 වර්ජනය කඩාකප්පල් කරලා ලොක්කා වෙන්න ගියා.අද අනෙක් බස් හිමියන් ගැමුණුට හොද කනේ පාරක් දීලා තියෙනවා. එයා හිතන් ඉන්නේ එයා තමයි 'පොර' කියලා. (නි)

:       0       0

යසින්ත Wednesday, 10 July 2013 06:59 PM

කිසිම වැඩිවීමක් දෙන්න එපා. මහජනයා ගැන රජය හිතිය යුතුයි (දී)

:       0       0

සචිත් Wednesday, 10 July 2013 07:01 PM

බස් වල කැමරා සවිකලොත් ගසාකෑම් ගොඩක් අඩු කරන්න පුළුවන් වෙයි. දියුණු රටවල නම් කැමරා තියෙනවා. ඒවාට වැඩි වියදමක් යන්නේ නැහැ. පොඩි කැමරාවක් තියෙන්නේ. අපරාධ වුනත් ගොඩක් නවත්ත ගන්න පුළුවන් වෙයි. මාටියා ගහන එකත් අඩුවෙයි. (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 10 July 2013 07:42 PM

මෙයාට ආයෙත් යවන්නකෝ මල්වඩමක් ගියපාර වගේ. (අ)

:       0       0

සමන්ත Wednesday, 10 July 2013 08:16 PM

පුද්ගලික බස් සංගම් පුරසාරම් දෙඩුවට කවදාවත්ම මහජනතාවට සේවයක් කරලා නැහැ. තමන්ගේ මඩිය විතරයි පුරවා ගන්න හදන්නේ.අනිත් අයට හෙන ගැහුවත් කමක් නැහැ (නි)

:       0       0

සකුරා Wednesday, 10 July 2013 08:46 PM

මේ ඔක්කොම වසංගත වෛරස්...වැඩ වර්ජන අද.... රට අව්රුද්දක් පස්සට.(අ)

:       0       0

එදිරිසිංහ Wednesday, 10 July 2013 08:51 PM

පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ නායක ගැ.විජේරත්නට බස් හිමියන්ට කඩේ යනවට බස් හිමි කරුවන් දෙන අල්ලස් ගැනත් අල්ලස් කොමිසම සොයා බලන්න (අ)

:       0       0

රෝහණ Thursday, 11 July 2013 09:49 AM

නැහැ නැහැ කියන්න ස්ට්‍රයික් කරන්න කියල වැඩිම දවස් තුනයි. මොනවද ඔට්ටු.(දී)

:       0       0

සමීර Wednesday, 10 July 2013 11:48 PM

හැම පැත්තකින්ම තැලෙන්නෙ සාමාන්‍ය ජනතාව​, මේ ප්‍රශ්නේදිත් ලංගමට හැමදාම වගේ නිහඩ වෙන්න වෙනවා මොකද ඉල්ලුමට සැපයුම දෙන්න රජය තවමත් අපොහොසත් (අ0

:       0       0

පිට්බෙද්දර ජයා Wednesday, 10 July 2013 04:28 PM

ඇර මාටියා ඇර ! (අ)

:       0       0

මිලාන් Wednesday, 10 July 2013 04:38 PM

ඔහොම යමු තව ටිකක් වෙලා යන කොට අනිත් බස් සංගම් වල අයත් මේකට සම්බන්ද නැ කියයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site