"ගැමුණු මහරජ" ශ්‍රී ලාංකේය රජ වංශයේ කැපී පෙනෙන ප්‍රධානතම රජෙකු වන දුටුගැමුණු මහරජතුමාගේ කුමාර කාලය පිළිබඳ නිර්මාණාත්මකව ගොඩනගන ලද වෘත්තාන්ත මාලා නාට්‍යයකි. දුටුගැමුණු කුමාරයා රජ වනතෙක් කුමාර කාලය තුළ සැඟවී ගම නියම්ගම්වල ගතකළ රහස් ජීවිතය පුරාවෘත්ත හා ජනශ්‍රැති ඇසුරෙන් නිර්මාණය කරන ලද මෙකී ටෙලි නාට්‍ය මුලින් "හිද්දලයා" ලෙස නම්කර තිබුණද, පසුව එය "ගැමුණු මහරජ" ලෙස නම්කොට තිබේ.
විශේෂයෙන්ම ටෙලි තිරයට වීර කතා සම්ප්‍රදායක් අවැසි යුගයක, ඉතිහාසයේ පබල වීරයෙකු වන ගැමුණු කුමාරයාගේ රහස්‍ය ජීවිතය තුළ ඇති වූ සංසිද්ධි, කුමන්ත්‍රණ, සංවිධානගත වීම්, ප්‍රේම සම්බන්ධතා, රහස්‍ය යුද පුහුණුවීම් වැනි කරුණු කාරණා සහිතව ලාංකේය ටෙලිවිෂනයේ ප්‍රථම වරට වීර කතා සම්ප්‍රදායේ දුටුගැමුණු චරිතය පාදක කරගෙන "ගැමුණු මහරජ" නිර්මාණය කර ඇත. %ගැමුණු මහරජ එළඹෙන 22 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට හිරු ටීවී ඔස්සේ විකාශය වේ.
නිෂ්පාදනය
- වී.ජේ.මු. දමිත් ලොකුබණ්ඩාර
අධ්‍යක්ෂණය
- චරිත් අබේසිංහ
තිර රචනය
- ප්‍රියාල් වීරසිංහ
කැමරාකරණය සහ ආලෝකකරණය
- චන්දන ජයසිංහ
සංස්කරණය
- ප්‍රියංග රණසිංහ
සංගීත අධ්‍යක්ෂණය
- නුවන් තේනුවර
සහාය අධ්‍යක්ෂණය
- ලසංක මධුෂාන් / නාරද රත්නායක
කලා අධ්‍යක්ෂණය
- ධම්මික හෙවාදුවත්ත / රම්‍යවර්ධන පොඩිනිළමේ
වේශ නිරූපණය
- නලින් ප්‍රේමතිලක
සටන් අධ්‍යක්ෂණය
- වගීෂ බණ්ඩාර
නිෂ්පාදන කළමනාකරණය
- සමින්ද කාරියවසම්
නිෂ්පාදන සම්බන්ධීකරණය
- වයි. ගයාන් දේශප්‍රිය
රංගන ශිල්පීන්
- මලින්ද පෙරේරා, උදාරි වර්ණකුලසූරිය, චරිත් අබේසිංහ, ඩිල්ශානි පෙරේරා, බුද්ධදාස විතානාරච්චි, දමිතා අබේරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සමන් හේමරත්න, මේනකා පීරිස්, ශාලිකා එදිරිසිංහ, දිල්හානි ඒකනායක, හිමාලි සයුරංගි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිමල් පල්ලෙවත්ත, දයාසිරි හෙට්ටිආරච්චි, සෝමවීර ගමගේ, විශ්ව ලංකා, රම්‍යවර්ධන පොඩිනිලමේ, වගීෂ බණ්ඩාර, නිල්වලා විශ්වමාලි, අනුර බණ්ඩාර රාජගුරු, කපිල සිගේරා, ඉන්ද්‍රානි ගුණවර්ධන, නිමාශා ද සිල්වා, සුදම් කටුකිතුල, ප්‍රවීන් කටුකිතුල, එරංග ජීවන්ත, ධනුක දිල්ශාන්.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd