තංගල්ල සීනිමෝදර යායවත්ත මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් ගැමියෝ පිරිසක් අද සීනිමෝදර පාලම අසලින් මාතර - තංගල්ල මාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක් කළහ.ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. එම ස්ථානයට පැමිණි ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා මහතා පැමිණ මෙම 20 වැනි දාට පෙර මාර්ගය වැඩ ආරම්භ කරන බවට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගමට යන පාර හදන්නැයි ඉල්ලා ගැමියෝ තංගල්ලේ පාරක් වසති
ගොඩගේ Saturday, 17 October 2015 02:46 PM
ඇයි කලින් ආණ්ඩුව කරලා දුන්නේ නැද්ද? කට්ටිය ඡන්දෙත් දුන්නා නේද? (නි)
සුජීව(ජර්මනි ) Saturday, 17 October 2015 06:55 PM
මිට ප්‍රථම මැති ඇමතිවරු ඔය පාරවල් වල ගිහිල්ලා නැද්ද? (නි)
ආසිරි Sunday, 18 October 2015 03:34 AM
ඇයි කලින් ජනාධිපති ගමට කරා නේද ? (ම)
ධර්ම ජයවික්‍රම Sunday, 18 October 2015 04:06 AM
සිනිමෝදර ගැමියන් සමඟ අපිත් එකතු වෙමු.නමුත් ගමට පාරක් ඉල්ලා ප්‍රධාන පාර අවහිර කිරීම නම් නොගැලපේ.(ම)
දුමින්ද Sunday, 18 October 2015 05:06 AM
හම්බන්තොටට ජාත්‍යන්තර ගුවන්තොපොලවල්, වරායවල්, සම්මන්ත්‍රණශාලා.... කොලඹ ඉදන් බංගලාදේශය පෙනෙන ගොඩනැගිලි. කියන්නෙම මහා සංවර්ධනය. විශ්වකර්ම වලු. හැබැයි ඉතින් 70% විතර තමන්ගේකම නිසාම ජන්දෙ දුන්න ගම්පළාතට බොන්න වතුර නැහැ. යන්න එන්න පාරවල් නැහැ.......(ම)
ප්‍රියන්ත Sunday, 18 October 2015 06:57 AM
ඔය පොඩි පාරවල් හදලා කීයක් සාක්කුවට දාගන්නද දුමින්ද? ඒවගේද අධිවේගී මාර්ගයක් හැදුවම පරම්පරාවම ගොඩ. ඒකනේ සංවර්ධනය කියන්නේ ආශ්චර්ය කියන්නේ (බ)