| 01 | ඔයේ වතුර ගියමුත් පරඬල් | එක්ක |
| ගෙඟ් වතුර ගියමුත් කුඩමසු | එක්ක | |
| මලේ සුවඳ ගියමුත් බඹරුන් | එක්ක | |
| මලේ මම කියමි සිවුපද නුඹ | එක්ක | |
| 02 | වතුර වැසි නැතුව රට ගිනි වැදි | ච්චි |
| වපුල ගොඩ බෝග කුරහන් මැරි | ච්චි | |
| කතරගම දෙවිඳු දිවැසට නොපෙනි | ච්චි | |
| නපුරු කලක් දැන් අපහට පැමිණි | ච්චි | |
| 03 | විසිරි ය අසසිරි පිරිකුඹු බා | ලේ |
| ඉසුනි ය ගෝමර මල්පෙති දෑ | ලේ | |
| දසති ය හැමසරි දෙවිඳුනි මෙකා | ලේ | |
| අසනු ය වියතුනි කලගෙඩි මා | ලේ | |
| 04 | දවස ක් ගෙන යන කොට හැම වේ | ලේ |
| වයස ත් සිදුඋනි කල තම ලී | ලේ | |
| ගියඅ ත් නොහැරම රැක දෙති බා | ලේ | |
| පවස න් පද බැද කලගෙඩි මා | ලේ | |
| 05 | රුව න් අනගි රුව දරමින් ආ | ලේ |
| එර න් රුවින් ලද සිටගණ පා | ලේ | |
| පොව න් අමා මුම පද රස ආ | ලේ | |
| අසන් න වියතුනි කලගෙඩි මා | ලේ | |
| 06 | රැක් කා සේ වඳුරන් සිටග | ල්ලා |
| නිස් කා රේ දෙඩුවත් නොගනි | ල්ලා | |
| මක් කා කීවත් වරද නොග | ල්ලා | |
| අක් කා වරුසිට කලපිඹ ප | ල්ලා | |
| 07 | මල්ලිත් මමත් තනියම යන ඕවිට | ට |
| අනිනා මී ගොනෙක් ආවයි ඉස්සර | ට | |
| වටපිට බැලිමු ගසකුත් නැත නගින්න | ට | |
| පිටපොට ගසා නැග්ගෙමු තුත්තිරි ගස | ට | |
| 08 | සූරිය උදාවන තුරු පිණි බෑ | විල්ල |
| පාරුව පදින තුරු සයුරේ සෙල | විල්ල | |
| මාරුව බල බලා සිත යට කැර | විල්ල | |
| කාරිය කෙරෙන තුරු කාගෙත් රැව | විල්ල | |
| 09 | දුක් පත් කම කාට කාටත් ඇති වී | ම |
| ඇත්තක් මය ඒ ගැන මොනවට දුක් වී | ම | |
| එක්සත් කම සමග තිබුණොත් ගුණ දහ | ම | |
| දුක්පත් කම මැකෙයි රිවි දුටු පිනි සේ | ම | |
| 10 | දෑසා නැත නින්ද අලි ඇතු පන්නා | ලා |
| පාසා නැත ඉන්න පැල තුළ ගිනි තැප | ලා | |
| ආසා නැත කන්න අල බතලත් මෙක | ලා | |
| මාසා ඉල් මසේ උගුලයි අල බත | ලා | |
| 11 | තොසන් වඩන අඟනෝ ලොව සිරි | යේ |
| අසන් මෙමා කී කවිපද සරි | යේ | |
| වසන් නොකර පවසන් ඇති සැටි | යේ | |
| අසන් න කලගෙඩි පිඹිනා සැටි | යේ | |
| 12 | වත්කම් නිලතල ද නම්බුව ඇති පරි | දී |
| රැස්කර තබති සමහරු කරමින් වැර | දී | |
| විස්කම් පාති අඟනුන් හොඳ කාලේ | දී | |
| ලොක්කන් හටත් බොහො සුට්ටන් ගෙන් වර | දී | |
| 13 | හඳ පානේ නරකද මීගමු යන් | ට |
| එම පානේ නරකද වෙළඳම් ගන් | ට | |
| බැරි රාලේ කරවල ගඳ උසුලන් | ට | |
| මතු වාරේ නොපතන් මීගමු යන් | ට | |
| 14 | සස්සඳ සසඳ දිය මතු පිට තිබෙයි කො | ළ |
| සස්සඳ සසඳ දිය පල්ලේ තිබෙයි අ | ල | |
| වැස්සට පිනි බබා මෝරන කැකුළු ම | ල | |
| මස්ටක යන්ට මුතු කුඩයකි නෙළුම් ම | ල | |
| 15 | මලේ මලේ අර නාමල නෙලා වරෙ | න් |
| අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙ | න් | |
| කැලණිගෙඟ් ඔරු යාදෝ බලා වරෙ | න් | |
| සාදු කාර දී ඔරුවක නැගී වරෙ | න් | |
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගැමි කවි
Yoshani Monday, 18 September 2023 06:06 PM
අප ගැමිකවි අපි පුරාණ කාලයේ සිට පැවත එන දේවල් වේ...!