බුලත්සිංහල ඈගල්ඔය පාරමිතා විශ්ව සමාධි ධර්මායතනය ගිනි තැබීමෙන් පසුව යළි ඉදිකිරීමට විරෝධය පළ කිරීමේ පා ගමනක් හා සත්‍ය ග්‍රහයක් අද(15) ඈගල් ඔය ශ්‍රී සුනන්දාරාමයේදී පැවැත්විණි.
බුලත්සිංහල බොදු හඩ සංවිධානය එය මෙහෙයවීය.
ඈගල්ඔය ගම දෙකඩ නොවීම පිණිසත් ශ්‍රී සුනන්දාරාමය සුරකිනු පිණිසත් මෙම පා ගමන පැවැත්විණි.
සුනන්දාරාමයේ සිට ඈගල් ඔය දක්වා ගමන් කළ සාම පිරිස බුලත්සිංහල නගරයේදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.
පසුව මතුගම කලවැල්ල හරහා හොරණ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේද යෙදී සිටියේය.
පසුව භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ සුදුවතින් සැරැසුණූ පිරිස ඈගල්ඔය සුනන්දාරාමයට පැමිණියහ.
ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයේ පීඨිකාවක සත්‍යග්‍රහය අරඹමින් මහා සංඝයාවහන්සේ ප්‍රමුඛ එම විහාරස්ථානයේ විහාරාධිපති නවදගල චන්ද්‍රසිරි හිමියෝ වැඩ සිටිති.
ගමකට එක් පන්සලක් පමණක් තිබිය යුතු බවත් ධර්මායතනය ගමට අනවශ්‍ය බවත් සුනන්දාරාමයට රැස්වු පිරිස කියා සිටියහ.
ඔවුහු ජනමාධ්‍යටද දොස් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනාවරුණි/මහත්වරුණි, එක් ගමකට එක පන්සලක් යන එකට විවිධ මත පලවෙලා, පන්සල්වල වැඩ වසන හිමිවරු අතර ගැටුම් ඇතිවෙලා තියෙන්නේ. දැන් එක් අයෙකුට පරයා නැගී සිටීම නිසයි. අලුත්ම තාලය තමයි වැසිකිලියක හෝ පන්සලක් කියලා දෙයක් අටවා ගැනීම.මේක නොවිය යුතුමයි. පන්සලක් නම් ඒකේ ක්‍රමයක් තිබිය යුතුයි. ස්ථානය හොඳ විය යුතුයි. සම්ප්‍රදායන් බිඳ වැටීම නිසයි මේ නස්පැත්තිය. භික්ෂුන් වහන්සේලාගේ කතිකාවතක් ඇති කල යුතුමයි. මහානායක හිමිවරු මූලිකත්වය ගෙන කටයුතු කල යුතුයි. භිකෂුන් එක මතයක පිහිටිය යුතුයි. දැන් බොහොමයකගේ තිබෙන්නේ උදර පෝෂණයක් (ස)
අපි ඇත්තටම බෞද්ධයන්ද. බෞද්ධ දර්ෂණය අද කොහේද තියෙන්නේ. කහ ඇඳුමින් සුදු ඇඳුමින් බෞද්ධයෝ වෙනවද. අනික දැනටත් ඔය ගම දෙකකට නෙමෙයි පහකට දහයකට කැඩිලා ඇති. අවිහිංසාවේ පියාගේ ධර්මය රකින මුවාවෙන් අඥෘනයින් කී දෙනෙක් ඔතන වල පල්ලට යයිද දන්නේ නෑ.(නදී)
පල්ලි ,පන්සල් එක ළඟ එක තිබුනත් මොකද ඒ වලින් හොඳ දේ නිකුත් වෙනවා නම්. බෞද්ධයනි ,අඳුරට ශාප නොකර ,ඉටිපන්දමක් වත් දල්වලා ඒ තුලින් ආලෝකය ලබන්න පුරුදු වන්න.(නදී)
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන අපේ අන්ද මෝඩයෝ ටික අද කෝ.(නදී)
පන්සල් හා පල්ලි කොපමණ වැඩි වුනත් ප්‍රස්නයක් නැහැ. වැඩිවෙන තරමට හොඳයි. අද මිනිසුන්ට ධර්මය අමතක වෙලා. මිනිසුන්ට ධර්මය අවබෝධ කරලා දෙන්න පුළුවන් පන්සල් පල්ලි වැනි ආගමික සිද්ධ ස්ථාන වලින් තමයි. හැබැයි ඒ පන්සල් පල්ලි වල ඉන්න ඕනෙත් සැබෑ ධාර්මික සංගයාවහන්සේලා හා ආගමික නායකයෝ වෙන්න ඕනේ. ජතිවාදී අන්තවාදී නොවන අය විය යුතුයි. (ස)
බුදුන්ගේ අමා ධර්මේ නොතේරී දනා මේ (ගිහි /පැවිදි ) මුළා වේ වැටි මෙලෙසේ විනාසේ ළගා වේ .........(නදී)
පන්සල් එකක් ඇති, පල්ලි නම් ගමකට හතර පහක් තිබුනත් කමක් නැහැ,, ඒ ගැන කවුරුවත් හොයන්නේ නැති නිසා.(නදී)
දැන් ඔතන ප්‍රශ්නේ පන්සල ගිනි තියපු එක නේ. ඉතින් දැන් පැහැදිලියි ගිනි තිබ්බේ කව්ද කියලා. මේ ඉස්සර වෙලා සාන්ත දාන්තව එන මහා සංඝ රත්නය දන්නවා ඇති කව්ද ගිනි තිබ්බේ කියලා. මේක ප්‍රසිද්ධ කලා කියලා වෙන්න ඇති මාද්‍ය වලට දොස් කිව්වේ. ගිනි තියපු පන්සල අනික් පන්සලට වැඩිය ජනප්‍රිය ඇති. (නදී)
බෞධයන්ට වෙනස පුද ගන්ට පන්සල් කොච්චර තිබ්බත් මොකද?බලන්නකෝ අනුරාධපුරේ මහමෙවුන උයන පුරාම පන්සල් සිය ගණනක් ඔය ලස්සනට තියෙන්නේ සංගාය විසින් ගිහියෝ බෙදා බින්න කරනවා වගෙඉ මට නම් පෙනෙන්නේ. (දී)
ජාතිවාදියෙක් වෙන්න එපා. පල්ලි නගරයකට 100ක් තිබුනත් ඒවා සිකුරාදා දවස්වලට පිරී ඉතිරී මිනිස්සු මහා පාරෙත් යාඥා කරනවා දැකලා නැද්ද?(නදී)
අද වෙන කොට හාමුදුරුවරු ගිහියන්ගේ අනුශාසක තත්වයෙන් ඉවත්වී ගිහියන්ට අණදෙන සේනාපතියන්වී ඇත. ජීවිතයේ විමුක්තිය පතා ගිහි ජීවිතයෙන් ඉවත්වූවෝ ගිහියන් ආකාරයෙන්ම කටයුතු කිරීම පැවිද්දන්ට තරම් නොවේ.ගිහියන් අභිබවා ගොස් සමහරුන් චන්ඩින් බවට පත්වී ඇතිබව පුවත්පත් වාර්ථා අනුව පෙනේ.මේවා විය යුතු දේවල් නොවේ. වියයුත්තේ සම මෙතින් ගිහියන්ට අනුශාසනා කිරීම සහ සතර දිගින් වඩින්නාවූ මහා සංඝයා වහන්සේලාට තම පන්සල් විවර කරදීමය. තණ්හා ජායතී සෝකෝ.. එය අමතක කරන්න එපා.(නදී)
අනේ අපේ ආගමට කරන අගෞරවයක්. පුළුවන් තරම් අපි තනමු අපේ පන්සල්. මේකත් අන්‍ය ආගමික කුට ව්‍යාපාරයක්ද කොහෙද. මේ හිමිවරුන් අදහන්නේ ගෞතම බුදුහිමියන්ද. බුදුහිමි පරිවාර හිමිවරුන්ට පවසා වදාලේ එක මග දෙනමක් නොයන ලෙසයි. එහි අරුත හැකිතාක් ධර්මය පතුරවන ලෙසයි. මේ සගරුවන කරන්නේ මොකක්ද?(නදී)
අවසර හාමුදුරුවනේ, ඇහුවට තරහ ගන්නට කාරී නෑ. කොයි නිකායේ පන්සලක්ද ගමකට තිබෙන්න ඕනේ කියලත් කියුවා නම් හොදයි. මොකද සමහර නිකායවල හාමුදුරුවරු සමහර කුලවල අයගේ දානයට,පාන්සකුලයට වඩින්නේ නෑ. එහෙම අය පල්ලියට භාරගන්න නිසා පල්ලියටද යන්න වෙන්නේ ?මේවා කියනවිට සමහර අය කලබල වෙනවා.නමුත් ජාතියක් ලෙස මේවත් විවෘතව කතා කර පැහැදිලි කර ගැනීම රටේ ජාතියේ ආගමේ ඉදිරි ගමනට යහපත් නේද ? (නදී)
මෙතන සමහරක් ගේ අදහස දාල තියෙන්නේ අන්තවාදී මෝඩ විදිහට. ඇස් ඇරලා බලපල්ලා මෙතන විරෝදය පල කරලා තියෙන්නේ බෞද්දයෝම නේද? ඒකට ඇයි අනිත් ආගම් ගාවගන්නේ.(නදී)
මොනවා වුනත් පුජනිය තැනක් ගිනි තැබීම කිසි සේත් අනුමත කල නොහැක, නීති හා සාකච්ඡා මාර්ගයෙන් ඉවත් කීරීම ඉතා වැදගත්. සැමටම වාසනා වන්ත හෙට දිනක් පතමි.(නදී)
ඔය උද්‍ඝෝෂණය යන්න ඕනේ ගමේ මස් කඩයට,බාර් එකට.ඕක පා ගමනක් කරගෙන යන්න අන්‍යාගම්කරණය නවත්වන්න .පන්සල ගිනි තියලා ගමේ සමඟියද පෙන්නුවේ.මේ රැල්ල පතිරුනොත් ශාසනය ඉවරයි.පිටිපස්සේ ඉන්නේ දෙසපලක්ඥයෝ .එක පන්සලකට එක බෝ ගහක්, චෛත්‍යකට එක මල් ආසනයක්,මේ වගේ සංකල්ප ගේන්නත් බැරි නැ.මුර දේවතාවුන්ගෙන් රට ආරක්ෂා කරන්නත් වෙන කාලය ඇවිල්ල වගේ. (ස)
මේ සියල්ල කාගේ වැඩද? තව පන්සලක් තිබුනා කියලා ඔච්චර නටන්නේ මොන තන්හාවටද. මේ අය අපේ දරුවන්ට දෙන පාඩම් මේවද. තණ්හාව..තණ්හාව...තණ්හාව .(නදී)
එතකොට අනුරාධපුරේ අටමස්ථානයක් එපා කියලද මේ හාමුදුරුවරු කියන්නේ එකක් ඇති කියලද ? කාටද අහුවුනේ.(නදී)
අපිව ජාති, ආගම් පාට වශයෙන් බේද බීද බින්න කලා මදිවට දැන් සංඝයා වහන්සේලත් භේද බින්න කරලා. සංඝයා වහන්දේලා භේද බින්න කිරීම මහම මහා පව්කාර වැඩක්. මේවා ආනන්තරීය පාප කාර්ම කියලයි අපි නම් ඉගෙන ගෙන තියෙන්නේ. කවදා හෝ දවසක පරිසන් දෙනවා.(නදී)
අවන්කවම කියන්න ඕන මේ අය බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නමි නමේ කියල. මෙතන තියෙන්නේ පැහැදිලිවම පටු අත්මර්තකමී සංකල්ප. බෞද්දයන් වශයෙන් අපිට විශාල කණගාටුවක් ඇතිවෙනවා බික්ෂු වෙස්ගත්තු මේවගේ හිස් මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් ගැන. එක ගමකට පන්සල් එකක් නෙමයි දහසක් හැදුනත් සතුටුවෙන්න ඕන. මොකද එතුලින් සිද්දවෙන්නේ යහපතක් මිසක් අයහපතක් නොවන නිසා.
මේ ඉන්න අය පන්සල් 10 ක හිටියත් මොකද වෙන්නේ පන්සල් ගණන වැඩි වුනාම මොකද වෙන්නේ. ගිනි තියලා තියෙන්නේ ධර්ම ආයතනයක්, ළමියින්ට උගන්වන තැනක්. මේ වඅඩකට නැති හාමුදුරුවරු ඉරිසියාවට කරපු වැඩක් වගේ.(නදී)
මම හිතන්නේ මේ ගමේ මිනුස්සුන්ගේ ආකල්ප වල වෙනසක් තියෙන්නේ. නැත්නම් එහෙම වෙන්න කොහොමද? මේ අය බුදු රජාණන් වහන්සේ සහ හාමුදුරුවරු දකින්නේ වෙනස් විදියටද? නැත්නම් මේවා දේශපාලන පාට පාසල්ද? අද ආගම සිමා වෙලා තියෙන්නේ උප්පැන්න සහතිකේට පමණයි. ඒකටත් හේතු තියනවා. එකක් තමා තරගකාරී සමාජ රටාව නිසා මම හිතනවා මේ අපි යන ගමන ආගම අනුව ගමන් කරොත් මෙලොවට හ පරලොවට සුගතියක් වේවි.(නදී)
අද අප රටේ වැඩිවෙන අපරාද රැල්ල ලිංගික අපාචර මත කුඩු භාවිතය සුරාව . අඩු කිරීමට පන්සල් වැඩි කර .භික්ෂුන් වහන්සේලා .ගිහියන් හරි මගට ගැනිමට අනුශාසන කළ යුතු කාලය . එහෙත් අද සිදුවන්නේ භික්ෂුන් වහන්සේලා දේශපාලනය කිරීමත් ආගමේ මුවාවෙන් නොයෙකුත් වෙළඳ ව්‍යාපාර කිරීමත් . ජාතිවාදය ආගම් බේදය සහ අන්තවාදී අදහස් වෙපිරවිමත් . මගේ නම් අදහස ගමකට තිබෙන පන්සල් වැඩිකර උගත් භික්ෂුන් වහන්සේලා යොදවා ගිහියන් හරි මගට ගෙනිමට අවවාද අනුශාසන දීම කරවීම (අ)
ගමකට පන්සල් එකක් දෙකක් නොව කිහිපයක් තිබෙනවානම් තරම්මොනවාසනාවක්ද .බුදුරජාණන් වහන්සේ දේශනකළේ ශ්‍රමණයන් වහන්සේලාගේ දර්ශනය මංගල කරුණක්ලෙසයි.අද ආගම වෙනුවෙන් ජීවිත පරිත්යාග කරන්න කතා කරන්නේ.නමුත් බෞද්ධ කමතිබෙන්නේ උප්පැන්නයේ පමණයි.ධර්මයේ වටිනාකම දන්නේනැහැ,දුප්පත් මනුස්සෙකුට නිවසක් හදලා දෙන එකයි පන්සලක් හදන එකෙයි වෙනස දන්නේනැහැ.අද ගිහි පැවිදි සමහරෙක් බුදුරජාණන් වහන්සෙ දේශනාකළදේ පිළිපදින්නේ නැහැ.අද අපේ ගමේ පන්සලෙන් වියයුතු සේවය සිදුවන්නේ නැහැ. පොහෝ දිනට හත් අට දෙනෙක් පන්සලට එන්නේ නැහැ,ගෙන්වාගන්න අසමත්,දහම් පාසලත් එහෙමයි.අන්ය ආගමිකයන් වෙසෙන්ප්‍රෙදෙශවල ගමකට අගමික ස්ථාන කීයක් තිබෙනවාද කියා ස්සිතා බලන්න,බුද්ධාගමට අන්ය ආගමිකයන්ගෙන් තර්ජනයක් තිබෙන මෙවන් අවශ්ථවක පන්සලක්,ධර්මයතනයක් එපා කියලා භික්ෂූන් වහන්සේලා,බෞද්ධයො පෙලපාලියාම හරිම අවාසනාවක් මෙන්ම තදබල අකුශල කර්මයක් බව නොතේරීම සියලු දෙනගේ අභාග්‍යයක්. (අ)
ගැමුණු, ඔබ ඔය කියන නාහිමිවරුන් ඉන්නේ ලංකාවේද නැත්නම් වෙන රටකද ? මේ රටේ වෙන දේවල් වලට (නි)
අපේ ගමේ නම් කිලෝ මීටරයක් ඇතුලත පන්සල් හතරක් තියෙනවා. හැබැයි පාන්දරටයි හවසටයි බණ මහා සද්දෙට දානවා. ගමේ මනුස්සයෝ කොයි පන්සලේන්වත් හරියට බණක් අහන්නේ නැතුව ඇති. අච්චාරු බණ තමා කවලමේ ඇහෙන්නේ. දැන් ඉතින් වයසක අය විතරනේ පන්සල් නිතර යන්නේ. අනිත් අය පෝයකටවත් පන්සල් යන්නේ නැහැ. හැබැයි ආගම ඉහටත් උඩින් අදහන්නේ.... (ස)
බුදු දහමේ හොහෙද එහෙම කියල තියෙන්නේ (දී)
මේවායින් පෙනී යන්නේ බෞද්ධ ධර්මයේ අගතිය නේද ? මස්කඩ ගිනි තියලා අවසන් දැන් එකම ජාතියක් ඇන කොටා ගන්න සුදානම. (නි)
මගෙත් හැඟීම ගමකට එක පල්ලියක් පන්සලක් තිබුනම ඇති කියලා. එහෙත් පන්සල් දෙකක් පල්ලි දෙකක් තිබුණත් දෙකේම කියන්නේ එකම නම් වරදක් නැහැ. පන්සල් පල්ලි වල දේශපාලනයත් ජාතිවාදයත් උගන්වන්නේ නැති නම් එපමණය (නි)
තව ටික දිනකින් කියාවිද ගමකට එක හිමි නමක්, ගමකට එක පාදිලි කෙනෙක්, ගමකට එක ලෙබ්බේ කෙනෙක් ඇති කියලා. අනේ මට මේවා ගැන වැටහිමක් නැහැ (නි)
සත්‍ය තේරුම් ගත් බුද්ධිමත් හාමුදුරුවන් ඔබට ජය ......... (ස)
දැන් තමා කට්ටියට මොලේ වැඩකරන්නේ . ඇත්තටම එක ගමකට මොනවටද පන්සල් දෙකක්. ඕක හදන සල්ලිවලට ගමේ දුප්පත් මිනිසුන්ට යමක් කළ හැකි නේද ?(නදී)
මෙතන උද්ඝෝෂනය තිබුනේ මොනවටද?(නදී)
විශ්ව' කියල තියෙන ඒවායින් අපි ශසනේ රැක ගන්න ඕනේ. මේවා හුඟක් පිටරටවලින් ආධාර අරන් ධර්මේ විකෘති කරන වැඩසටහන්. හාමුදුරුවරු විරුධද වෙන්නේ ඒකයි? වැදී බන 'අදහස්'' දාන්න ඉස්සර හොයල බලන්න ඇත්ත.(නදී) .
මහා සංඝ රත්නය තීරණය කළ යුතු දෙයකට පුහු දුන් අප කට දාන එක හොඳ දෙයක් නොවෙයි.(නදී)
එතකොට මුස්ලිම් පල්ලි හත අටක් තිබුනම ඇතිද ගොන් බුරුවනේ? උඹලට වෙනදේ උඹලගේ ඉහේ ඉන්න උකුනේක්ටවත් දැනේනේ නැහැ.(අ)
හසරක් නොදැන අදහස් ඉදිරිපත් කිරීම නොවටි. (නි)
එකට 10 ක් තිබුනම මොකෝ. මේක හරි කෙලියක්නේ, බුද්ධ දර්ශනේ අනුව යන්න තමන් කැමති පන්සල් කීයක් වන්දනා කලාම කාටවත් තියෙන ප්‍රශ්නේ.(නදී)
මෙතන උද්ඝෝෂනය තිබුනේ පාරමිතා විශ්ව සමාධි ධර්මායතන ගමට අනවශ්‍ය කියා මිස ගිනි තැබීමෙන් පසුව යළි ඉදිකිරීමට විරෝධය පළ කිරීමේ අරමුණින් නොවේ.(නදී)
එක පන්සලක් ඇති. එහෙත් තැබෑරුම්, මස් කඩ, මාලු ලෑලි, බුරු පොළවල්, කුඩු මුදලාලි සීයක් හිටියත් කමක් නැහැ. අනේ මෙහෙම බෞද්ධයෝ?(නදී)
බෞද්ධ ජනතාව එකමුතු වෙන්නේ නැතුව කුලල් කා ගන්න එකටත් වග කියන්න ඕනේ අනිත් ආගමික අයද? දේවස්ථාන, පල්ලි, කෝවිල් ගමකට ඕනෑ තරම් තිබුන දෙන්. පන්සල් ගැන බෞද්ධ අය තීරණයක් ගන්න. සමහර විට එක ගමකට එක වැඩක් වගේ, එක ගමකට එක පන්සලක්. (ස)
එක ගමකට මොනවටද පන්සල් දෙකක් කියන එක පුදුම කතාවක්නේ? (නි)
පන්සල් තිබුනට කමක් නැහැ, මේක බෞද්ධ රටක් නිසා (නි)
මෙයත් කාගේ හරි මෙහෙයුමක් ද? බොදු බල සේනා සහ රාවනා බල සේනා මොකද කියන්නෙ? (නදී)
ජීවිතේට එක පාන්සුකුලයයි. පන්සිල් එක සැරයයි. එක කසාදයයි. පවුලකට එක දරුවයි. .මාර නීති. කාගේද මේ බන. අසු හරදාහක් වෙහෙර විහාර එපා. අනේ මයියෝක්කා කිව්වලු. දෙයියෝ දනී මම නොදනී.(නදී) .
ධර්මය ජනතාව සදහාද ,ජනතාව ධර්මය සදහාද.(නදී)
ශාසනේ පිරිහෙන්නේ සංඝයා වහන්සේලා අතින් කියල බුද්ධ දේශනාවේ තියෙනවා.(නදී)
මෙවැනි කණ්ඩායම් අනුරාධපුර යුගයේ හිටිය නම් අටමස්ථානයක් අද නැහැ. තියෙන්නේ එක පන්සලයි. (නදී)
හරියට හරි අපේ හාමුදුරුවනේ ..! මුළු ලංකාවටම එක බෝධියක්, එක බුදු පිළිමයක් හොඳටම ඇති.(නදී)
එක සබාව ගමකට දෙකකට එක පන්සලක් හොඳටම ඇති, ඔය අමතරව හදන ඒවායෙන් වෙන්නේ ජනතාව සහ සංඟයා දෙකඩ වීමයි.(නදී)
ඔය ගමේ පන්සල් තිවෙනවා තමයි.(නදී)
"ඈගල්ඔය ගම දෙකඩ නොවීම පිණිසත් ශ්‍රී සුනන්දාරාමය සුරකිනු පිණිසත් මෙම පා ගමන පැවැත්විණි" මේ වගේ මේ සුන්දර රට ජාතීන් වශයන් ආගම් වශයෙන් දෙකඩ නොවී එක්සත් කරවන්න සියලු උත්සාහන් ගන්න ලෙසත් ඉල්ලා සිටිමි. (නදී)
යුරෝපයේ නගරවල පල්ලි ගණනාවක් (කතෝලික හා ඇන්ග්ලිකන්) තිබෙන අතර ගම්වලත් මේ වෙනස සමග පල්ලි එකකට වඩා තියෙනවා. මේගොල්ලෝ තව ටික දවසකින් පෙළපාලි ගොස් කියාවි ගමකට පන්සල් දෙකක් තියා එකක් වත් එපා කියලා. .(නදී)
එක එක නම් වලින් එන ඒවා දහම විකෘති කරනකොට අපචාරයන් තමයි සිදුවන්නේ,කාලෝචිත තීරණයක් ලෙස තිබෙන පන්සල දියුණු කිරීමයි විය යුත්තේ. (නි)
ඔය සභාපති තුමා වැඩක් කරන බොහොම කඩිසර අයෙක්. ඔය වගේ වැඩක් කරයි කියන්න අමාරුයි. අනික තමන්ට හැම පැත්තෙන්ම චෝදනා එල්ල වෙලා තියන වෙලාවක, කැකුන තලනකොට හබන් කුකුලො මගුල් කනවනෙ. හැමෝම මේ ගැන හොදින් හොයල බලන්න. හාමුදුරුවන් ලග ඉස්සර තිබුනෙ දහම් ගැට විතරයි. දැන් එයිට වඩා ගැට තියනවා. ඔය කවුරුත් එක එක නම් දාගන ආයතන පවත්වාගෙන යන්නෙ අපිව නිවන් දක්වන්න නෙවෙයිනෙ. මට හිතෙන්නෙ මේකත් එක රගපෑමක්ද කියලයි. දායකයො දැන් අනුකම්පාවට හොදටම ගොඩනැගිලි හදලත් දෙයි. එහෙම වුනොත් කාටද ආඩම්බර ?(නදී)
ඔය ගමේ පන්සල් තිබුනට බුදුන් වහන්සේ වදාල ධර්මය හරියට පහදලා දෙනවද? හාමුදුරුවරු සිල්වත්ද කියලත් බලලා වෙනත් ආයතනයකින් ඒවා හරියට කරනවා නම් මිනිසුන්ට නිදහසක් නැද්ද පිරිසිදු බුද්ධ ධර්මය ඉගෙනගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්ය ශත්තිය අවබෝධ කර අඩු තරමින් සෝවාන් වෙන්නවත් (නි)
විශ්ව සමාධි ධර්මායතනය කියන නමින් වුනත් පෙනෙන්නේ එය බෞද්ධ ආයතනයක් නොව වෙනත් "ලෝකෝත්තර" ව්‍යාපාරයක් විය හැකි බවය. මෙවැනි විකාර වලට ඉඩදිය යුතු නැත. එක ගමකට එක පන්සලක් හොඳටම ඇති.(නදී)
විවාදයකට ලක් විය යුතු කාලීන මාතෘකාවකි. බෞද්ධ සිද්ධස්ථාන ඕනවට වඩා වැඩිවීම බුද්ධාගම විකෘති වීමට හේතුවී තිබෙනවා.(නදී)
පැහැදිලි තණ්හාව. ගමේ කඩකාරයා විරුද්ධයි තව කඩයක් එනවට,බාර්කාරයා විරුද්ධයි තව බාර් එකක් එනවට. ගමේ කසිප්පු මුදලාලි විරුද්ධයි තවත් එකෙක් ගමේ කසිප්පු විකුණනවට,ඇයි මේ? තමන්ට ලැබෙන්න තියෙන කුට්ටිය බෙදෙනවට.දැන් පන්සලත් මේ කියපු එකට එකතු වෙලා ඉවරයි. බුදුන් වසන්සේ අද හිටියා නම් පන්සිල් පද 5න් එකක් ඉවත් කරනවා සිකුරුයි ... දැන් ඔයාලට තේරේවි ඉවත් කළ යුතු පදය (නි)
දැන් මේකට ගිනි තිබ්බේ කවුද කියලා හිත ගන්න පුලුවන් නේද? (නි)
හුගක් පන්සල්වල පිරිසිදු බුද්ධ ධර්මය තියනවද? සිල්වත් හාමුදුරුවරු ඉන්නවද? ඉතින් ශ්‍රද්ධාව තියන පින්වත් මිනිසුන්ට නිදහසක් නැද්ද තමුන්ට කැමති තැනකට යන්න? (නි)
මම නම ඔය එක පන්සලක කතාව ඇහුවමයි. එතකොට එක පන්සලක ඉන්න ඕනෑ හාමුදුරුවරු ගණනටත් සීමාවක් තියෙනවා ද? (නි)
ගමකට එක පන්සල සංකල්පය කව්ද බිහි කළේ? බෞද්ධයෝ මෙහෙම කියන්නේ පටු පරමාර්ථ නිසා. (නි)
ඕක පිටුපස ඉන්නේ අර ගිනිතියපු කෙනාද හොදට හොයලබලන්න (දී)
අපි නම් කතෝලික. අපිට නම් ප්‍රශ්ණයක් නැහැ. ඕනා තරම් පන්සල් වැඩි වුනාට. හැබැයි ඉස්සර වගේ සමාජෙට සෙතක් වෙන්න ඕනේ.(නදී)
සබ්බ දුක්ඛ නිස්සාරණ, නිබ්බාන කියලා සිවුරු දාගත්තේ පන්සල් වලට රංඩු කරන්න නෙමෙයි.(නදී)
එක ඉරයි.එක හදයි.... (නි)
සමහර ගමි බද පංසල් තිබෙනවා වහලා දාලා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ මහනායක ස්වාමීන් වහන්සේලාගේ අනු දැනුම ඇතිව නීත්‍යානූකූලව පැවිදිව, තෙරවාද නිර්මල දහම පිලිපදින භික්‍ෂූන් වහන්සේලාට ඒවා පවරා දීම ඉතා වැදගත්ය. එසේ නොමැතිව කුරුලු කුඩුවක් වුවද ගිනිබත් කොට ජීවත් වන අය පලවා හැරීම අනුමත කළ නොහැකිය. එම ආරාමය ගිනිබත් වීමෙන් පසුව නීත්‍යානුකූල හිමිවරුන් නම් ඒ අයට පන්සලක මිස වෙන කොහේ වැඩ සිටින්නද?(නදී)
එතකොට පල්ලිත් එකක් තිබ්බම ඇති නේද? (නදී)
පන්සල් කීයක් තිබුනත් මොකෝ. දායකයෝ බෙදා ගන්න බැරිවද?(නදී)
අපේ පිරිහිම මෙවැනි වැඩවලින් හොඳටම තේරෙනවා. අන්‍ය ආගමිකයින්ට දෝෂාරොපනය කිරීමෙන් වැළකෙමු. ඇති පුජ්‍ය මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්ගේ තීරණයක් ගනිමු.(නදී)
ඔව් ඔව් එකක් ඇති. මටත් තේරෙනවා. පන්සල් ගොඩක් තිබ්බොත් කව්ද දානේ දෙන්නේ. (නදී)
මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද
මල්වානේ මුස්ලිම් පල්ලි 18 ක් තිබෙනවා. පන්සල් 03 ක් තියෙනවා. එහෙත් මෙහෙ කවුරුවත් පල්ලි වැඩියි කියන්නෙත් නැහැ. පන්සල් වැඩියි කියන්නෙත් නැහැ. (නි)
ගිනි තිබ්බේ ධර්මායතනයක්. පන්සල තියෙනවා, ඒ පන්සලේ ඉන්නවා ගොඩක් හාමුදුරුවරු. දහම් පාසැල තියෙන කෙනා තමා හොඳ නැත්තෙ ගමේ අයට, ඒකෙන්ම පේනවා ගමේ අයගේ බුද්ධිමත්කම. මෙහෙම මිනිස්සුද ලංකාවේ ඉන්නේ? (නි)
වීනා,ඔව් පල්ලි එකක් තිබුණොත් හොඳටෝම ඇති. හැබැයි ලොකුවට (නි)
එක නගරයකට බාර් කීයක් තියෙනවද .මස් කඩ කීයක් තියෙනවද .කව්ද එකට කතාකලේ.කව්ද කිව්වේ ඒ හින්ද නගරය බෙදෙනවා කියල.ගෙයකට එක ගානෙ පන්සලක් හැදුවම මොකද?ඔය හාමුදුරුවන්ට තෙලේ වැඩිවෙලා.කරන්න ඕනේ කුල දරුවන් මහන කරලා පන්සල් වලට දෙන එක. (දී)
පන්සල් විතරක් එකක් ඇති කියලා උද්ඝෝෂණය කරවන අය පල්ලි හා කෝවිලුත් ,මන්ත්‍රීලත් එකක් ඇති කියලා (පළාත් සබා,ප්‍රාදේශීය සබා,පාර්ලිමේන්තු වශයෙන්) මන්ත්‍රී ගණන නැතිකරන්න කියලා කියන්නේ නැත්තෙ ඇයි. (නි)
අනේ මන්දා මේක බෞද්ධ රටක්. සංඝයා වහන්සේලාට එපා නම් වෙන කාටද වුවමනා.(නදී)
අපේ ගමේ පන්සල් පහක් තියෙනවා. දැන් ඉතුරු හතරට මොකක්ද කරන්නේ? (නි)
මේක හරියට එක මුදලාලි කෙනෙක් කියනවා වගේ මේ ගමට වෙන කඩ ඕනේ නෑ. ඔක්කොම උන් මගේ කඩෙන් විතරක් බඩු ගනිල්ලා කියල. තමුන් යා යුතු තැන තීරණය කල යුත්තේ මහජනයා පුද්ගලිකව මිස වෙන කාටවත් ඕන විධියට නොවේ. ඕකෙන්ම හිතාගන්න පුළුවන්නේ ඔය අනික් පන්සලට බහුතරයකගේ තියන කැමැත්ත. තව පන්සලක් තියනවනම් පරණ පන්සලේ බල්ලත් ඒක දාල අනික් පන්සලට යනබව ඔය හාමුදුරුවන්ට ෂුවර්. එකනේ ඔච්චර විරුද්ද තව පන්සලක් ගමේ තියනවට. (දී)
බෞද්ධ ආගමට විතරක් එක පන්සලක් තිබුනහම ඇති.(නදී)
එක ගමකට එක පන්සලක් හොදටම ඇති.අනික දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා එක්කෙනාට එක්කෙනා විරුද්ධයි. (නි)
ඔන්න දැන් මේ රටින් බුදු දහම නැති වෙන්න යනහැටි පෙනෙනවා නේද? අනේ ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහන්න තියෙන අවස්ථාව ටික ටික නැතිවෙන හැටි. පව්කාර ලෝකයට නොතේරෙන හැටි. (නි)
අඩියෙන් අඩිය පල්ලි හැදෙන රටේ පන්සලක් හැදුවත් මෙහෙම කරනවා නම් දුටුගැමුණු රජ්ජුරුවෝ බුදු හාමුදුරුවන්ට පුජා කරපු රටද මේ කියලා මට නම් හිතෙනවා. (නි)