රුපියල් 12,000ක කොන්ත්‍රාත්තුවකට, බෙන්තර ප්‍රාදේශීය සභාවේ විගණන නිලධාරීනියකට තෙල් මිශ්‍ර ගොම ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනකු අඟහරුවාදා (10) දින දක්වා රිමාන්ඩ් කරන්නැයි බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ්.බී.එම්.ලියාකාට් මහතා අද(9) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් ගත කෙරුණේ චමිල් ද සිල්වා, වී.කේ. මාකුමාර, සහ කේ.කේ. ලක්ෂාන් යන තිදෙනාය.
බෙන්තර දුම්රිය ස්ථානයේ සිට බෙන්තර ප්‍රදේශීය සභාවට රාජකාරී සඳහා එමින් සිටියදී ඉකුත් හයවැනි දා පෙරවරුවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් එම සිද්ධිය අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වූ දර්ශනවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ මොකද වුනේ.(හේ)
වැඩේ අනුමත නොකරමි.නමුත් රාජ්‍ය ආයතනවල ගොම ගාගත්ත අය එමට ඉන්න බව නම් දනිමි.(හේ)
සමහර ප්‍රාදේශීය සභාවල ඉන්නවා ඔයිට වැඩිය දඬුවම් දිය යුතු අය (බ)
සෝමා මහත්මිය, දඬුවම් දිය යුතු අය කොහේ සිටියත් , ඒවාට ක්‍රමයක් නීතියක් තියෙනවා. (ර)
සෝමා අග මුල මාරුකරගෙන වගේ දඟලනවා (නි)
කොහොමත් ඔය පැත්ත නම් ගොමම තමයි. සාක්කි එමටයි (නි)
සමහර ප්‍රාදේශීය සභාවල ඉන්නවා මීටවැඩිය දඬුවම් දිය යුතු අය. ඒ වගේම කොන්ත්‍රාත්කාරයොත් ඉන්නවා. මිනිස් ගොම වලින් නාවන්න ඕනෑ අන්න එහෙම අය. මේ දෙගොල්ලොම එකයි. (නි)
මේ වගේ අයට උපරිම බරපතල වැඩ සහිත දඬුවම් දියයුතුය (නි)