ඉන්දියාවෙන් හා පාකිස්ථාකයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා ඖෂධ වර්ග 22 ක් විනාශ කිරීමට රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතා අද කටුනායකදී නියෝග කළේය.
මේවා රජයේ ඖෂධ සංස්ථාවෙන් හෝ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගුනිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඖෂධය.
මේ අතර ගබ්සා කිරීම සඳහා උපයෝගී කර ගන්නා බාල එන්නත් හා පෙති වර්ග, උපත්පාලන පෙති සහ එන්නත්, මානසික ලෙඩුන්ට දෙනු ලබන පෙති වර්ග, වකුගඩු බද්ධ කිරීමේදී දෙනු ලබන බෙහෙත් වර්ග, හෘද රෝගීන්ට දෙනු ලබන බෙහෙත් මෙන්ම පිලිකා රෝගීන්ට දෙනු ලබන බෙහෙත් වර්ගද විය.
මෙම ඖෂධ වර්ග පරික්ෂා කිරීම සඳහා රේගු අධ්‍යක්ෂක ජනරලා් ජගත් පී විජේවීර, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්වරුන් වන තිලක් පෙරේරා, එම්. ප‍්‍රමිහරන්, රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂක අතුල ලංකාදේව යන නිලධාරීහු ගුවන්තොටුපොළට පැමිණියහ.
එහිදි රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී ව්ජේවීර මහතා පැවසූවේ මෙම බෙහෙත් වර්ග වල ඇති විෂ රසායනික තත්වය පිළිබඳ නොදන්නා මහජනතාව වෙළඳපොළෙන් මිළදී ගතහොත් ඉන් සිදුවන හානිය ඉමහත් බවය.
එමෙන්ම මේවා ප‍්‍රවාහනය කිරීමේදී බොහෝවිට ගුවන් මගීහු අනවසර අයුරින් ගමන් බෑග් තුළ සගවාගෙන ගෙන හෝ ශරීරයේ සගවාගෙන එන බැවින් නිසි උෂ්ණත්වය හා ප‍්‍රමිතියද නැති බැවින් භාවිතය හානිකර බවය..
ඖෂධ මෙරටට ගෙන ඒමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් දීර්ඝ කාලයක් පුරා පවතින බවත් මෙමගින් ඇතැම් ව්‍යාපාරිකයින් අතිවිශාල ලෙස මුුදල් උපයන බවත් පැවසූ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙවැනි ජාවාරම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසද මහජනාතාවගෙන් ඉල්ලා සිටින බවද කීය.
තවද ගුවන්තොටුපොළ තොරතුරු ලබා ගැනීමේ ඔත්තු සේවාවන් දියුණු කරන බවත් රේගු නිලධාරීන්ට මේ පිළිබදව විශේෂ පුහුණුවක් ලබා දෙන බවද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම උපත් පාලනය නම් හම්බයෙක් ගෑවිලා ඇති. (නි)
ධර්මපාලතුමාගේ කතාව කියවන්න. සිංහල විදිහට කවුරුත් හිතන්න. සිංහල ජාතිය විනාශ කිරීමට හැම දෙයක්ම සිදු කරගෙන යනවා. කවුරුත් මේක තේරුම් ගෙන නියම සිංහලයෝ විදිහට වැඩ කරන්න ඕනෑ. (නි)
මේවා ගෙනාපු අයට මොකුත් ඇක්ෂන් එකක් නැද්ද? (නදී)
තව තවත් මේවගේ වැටලීම් කිරීමට හැකිවේවා! මේකට සම්බන්ධ වූ සියලුම දෙනාටම බොහොම පින්! (නි)
මෙය ඉතාමත් හොඳ ආරම්භයක්. රේගුවට අපේ ආචාරය පුද කළ යුතුයි. හොර ෆාමසි රටපුරා වැහි වැහැලා. ඒත් මේවට හොර කිව්වට තියෙන්නෙ නගර මැදමයි. සෞඛ්‍ය බලධාරින් මේ ගැනත් බැලිය යුතුයි. (නි)
මෙම බෙහෙත් තොගය මිලදී ගන්න පකිස්තානයටයි, ඉන්දියාවටයි දෙන්න ඇත්තේ ලංකා රුපියල් නේද? එතකොට බෙහෙත් විනාශ කරලා විතරක් සෑහෙනවද ? (නි)
අනේ මහත්වරුනේ, මේවා පෙන්න පෙන්න ඉන්න එපා. දුටු තැනම විනාශ කරලා දානවා නම් ඉවරයි නේද ? ඔච්චරනේ අහු වුණේ, කොච්චරක් එළියේද කාටද කියන්න පුලුවන්. (නි)
සිංහලයා නැති කරලා දාන්ට සිංහල විරෝදී කුමන්ත්‍රණකරුවන් විසින් කරන තවත් එක උපක්‍රමයක් තමයි ඔය. (නි)
පලමුව මෙම කාර්‍යය කළ සියලු දෙනාම ඉතා ඉහළින් අපි අගය කරනවා. ඔවුන්ට බොහෝ පින්. නමුත් ගැටලුව මෑතකදි මේ සම්බන්ධව අපේ හාමුදුරුවරු කතා කිරීමෙන් පසුව හිටිහැටියෙම මේවා අහුවෙන එක. මේවා මීට කලින් ඉදන් වෙන්න තිබුන ඒවා. කොහොම වුණත් දැන් හරි මේව නවත්තලා අපේ සිංහලයන්ව බේරගන්න උත්සහ කරනවා නම් ඔබලාට ඒ පිනම ඇති. (නි)
ගුවන් තොටුපොල රේගු නිලධාරීන්ට පැසසුම් කළ යුතුයි රටට විනාශකාරී බෙහෙත් අත් අඩංගුවට ගෙන මහා ව්‍යසනයකින් රට බේරා ගත්තට. ගුවනින් ගෙනාපු නිසා අහුවුණා. නැවෙන් ගෙනවා නම් මෙලහකටත් වෙළඳ පොලට ගිහින්.මේවා රටට ගෙන්වපු පුද්ගලයා කව්ද? (නි)
මේවායේ වටිනාකම කෝටිගානක් වුණත් මේවායෙන් මිනිස් ජීවිතයට අබමල් රේණුවක වටිනාකමක් නැහැ. මේවා විනාශ කිරීමෙන් වෙන පාඩුවට වඩා රටට ලෝකයක වෙන යහපත ගැන හිතලා හිතහදාගන්න කියන්න. (නි)
රේගුවට අපේ ආචාරය.සම්බන්ධ වූ සියලුම දෙනාටම ගොඩක් පින්.(නදී)
ඔන්න ජාතික සමගිය,සහජීවනය... සිංහල අපට දෙන තෑගි... (නි)
මේක නම් හොඳ දෙයක්. මේ වගේ කොච්චර ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්වනවා ඇද්ද? අපි මේවද ගන්න බෙහෙත්. (නි)
මුසලීම් ජාතිකයෝ සිංහල ජාතිය වනසන්න කරන වැඩ දැන්වත් තේරෙන්නෙ නැද්ද? ඔවුන් ගබ්සා කරන්නේ නැත. කාටද මේවා? රට දෙන්න මිසක් රට රැකගන්න ඕනෑ නැද්ද? මේක කාගේ අවාසනාවද? (නි)
රේගු අධ්‍යක්ෂකතුමනි, මේ කරපු මානුසික මෙහෙවර පින් මහිමයෙන් ඔබ තුමාට මතු බුදු කෙනෙකු හෝ මහරහත් කෙනෙකුන්ම වේවා!(නදී)
ඔයවගේ අයට බුරුලක් දෙන්න එපා, එයාලා අපිව පාලනය කරන්න ගොඩක් උත්සාහ කරනවා නේ (නි)
ගොඩක් පින් ඔබ සැමට (නි)
මොනවා හෙළිදරවු කළත් වැඩක් නැහැ. මේවා ගෙන්වපු උදවිය පිළිබඳව හෙළිදරවු නොකරන්නේ මෙලහකටත් මේකට කවුරුහරි දේශපාලන බලවතෙක් සම්බන්ධ වෙලා ඇති. (නි)
කවුද මේවා ගෙන්නුවේ ? කොහොමද මේවවට මුදල් යැව්වේ? දෙන්න ඕනෑ හොද දඩයක් (නි)