හික්කඩුව ගිනිමැල්ලගහ ජයතිලකාරාම පෙරහරේ ගමන් කරවීමට ගෙනා ඇත් පැටවා ඉරිදා වනජීවි බාරයට ගැනීමෙන් පසු අද (31) පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.ටී.යූ.ඉන්ද්‍රජිත් මහතා පැමිණ පරීක්ෂා කර ඇත්ගොව්වන තිදෙනා අත් අඩංගුවට ගත්තේය.
පංචාලි නමැති ඇත් පැටවා වනජීවී භාරයට ගත් අතර බද්දේගම අධිකරණයට ඉදිරිපත් කළ ඇත්ගොව්වන් තිදෙනාට හිංසාකාරී ලෙස පෙරහරක ඇත් පැටවා ගෙන යාම සම්බන්ධයෙන් බද්දේගම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප නියම කළේය.
අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කලින් ලබාදී තිබූ තීරණයක් අනුව ඇත් පැටවා මුල් අයිතිකරු කමල් කිත්සිරිට බාර දීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් තණ්හාවේ තිරිසන් පෙනුම (බ)
ඇත්ගොවුවෝ කියන්නේ දුප්පත් අහිංසක අය වුණාට වරදට දඬුව්ම දෙන්න ඕනෑ (නි)
බස් රියදුරයි, ඇත්ගොව්වයි එක හා සමානයි.මාර්ගයේ වෙන හැමදේටම මුහුණ දෙන්න වෙන්නේ අයිතිකාරයට නෙමෙයි, ඔය දෙපිරිසටයි. එමනිසා මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔය වගේ සිදුවීම් වලදී අයිතිකරුවරුන්වත් ගෙන්වන්න කියලා. ස්තුතියි! (නි)
කලකට පෙර මාතලේ ප්‍රදේශයේදීත් ලොරියක සඟවාගෙන ගිය අලි පැටියෙකු ඇල්ලුවා. වැඩේට සම්බන්ධවෙලා හිටියේ ප්‍රාදේශීය දේශපාලඥයෙක්. ලොරි රියදුරු හා ක්ලීනර් ටික දවසකට රිමාන්ඩ් වුණා. සිද්ධිය එතනින්ම ඉවරයි. (නි)