IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගිනිමැල්ලගහ ඇත් පැටවා මුල් අයිතිකරුට

හික්කඩුව ගිනිමැල්ලගහ ජයතිලකාරාම පෙරහරේ ගමන් කරවීමට ගෙනා ඇත් පැටවා ඉරිදා වනජීවි බාරයට ගැනීමෙන් පසු අද (31) පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.ටී.යූ.ඉන්ද්‍රජිත් මහතා පැමිණ පරීක්ෂා කර ඇත්ගොව්වන තිදෙනා අත් අඩංගුවට ගත්තේය.

පංචාලි නමැති ඇත් පැටවා වනජීවී භාරයට ගත් අතර බද්දේගම අධිකරණයට ඉදිරිපත් කළ ඇත්ගොව්වන් තිදෙනාට හිංසාකාරී ලෙස පෙරහරක ඇත් පැටවා ගෙන යාම සම්බන්ධයෙන් බද්දේගම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප නියම කළේය.

අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කලින් ලබාදී තිබූ තීරණයක් අනුව ඇත් පැටවා මුල් අයිතිකරු කමල් කිත්සිරිට බාර දීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

 



අදහස් (0)

ගිනිමැල්ලගහ ඇත් පැටවා මුල් අයිතිකරුට

දුමින්ද Monday, 31 August 2015 04:10 PM

මිනිස් තණ්හාවේ තිරිසන් පෙනුම (බ)

:       0       0

සුනිල් Monday, 31 August 2015 07:03 PM

ඇත්ගොවුවෝ කියන්නේ දුප්පත් අහිංසක අය වුණාට වරදට දඬුව්ම දෙන්න ඕනෑ (නි)

:       0       0

මල්හාර් Monday, 31 August 2015 09:45 PM

බස් රියදුරයි, ඇත්ගොව්වයි එක හා සමානයි.මාර්ගයේ වෙන හැමදේටම මුහුණ දෙන්න වෙන්නේ අයිතිකාරයට නෙමෙයි, ඔය දෙපිරිසටයි. එමනිසා මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔය වගේ සිදුවීම් වලදී අයිතිකරුවරුන්වත් ගෙන්වන්න කියලා. ස්තුතියි! (නි)

:       0       0

ඉලේපෙරුම Tuesday, 01 September 2015 02:08 AM

කලකට පෙර මාතලේ ප්‍රදේශයේදීත් ලොරියක සඟවාගෙන ගිය අලි පැටියෙකු ඇල්ලුවා. වැඩේට සම්බන්ධවෙලා හිටියේ ප්‍රාදේශීය දේශපාලඥයෙක්. ලොරි රියදුරු හා ක්ලීනර් ටික දවසකට රිමාන්ඩ් වුණා. සිද්ධිය එතනින්ම ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site