
(සුජිත් හේවාජුලිගේ)
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වී දැනට අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැති බවත් සැකකරුවන් සැකකාරියන් අල්ලා ගැනීමට දුෂ්කර වන මෙවැනි විරල සිද්ධි එකක් දෙකක් ඇතිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
සැකකාරිය ගැන යම් යම් තොරතුරු වෙනත් සැකකාරියන් හරහා අනාවරණය වී ඇති බවද හෙතෙම පැවසීය
උසාවියේ ආරක්ෂාවේ අඩුපාඩුවක් හේතුවෙන් එම සිද්ධිය සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා ප්‍රහාරය පිළිබඳව කල්තියා නිශ්චිත තොරතුරක් ලැබී නොතිබුණු බවද ප්‍රකාශ කළේය.
ගනේ මුල්ල සංජීව නමැත්තාට ජීවිත තර්ජනයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුගේ ආරක්ෂක විධි විධාන දැඩි කළ බවත් ඔහු බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන අවස්ථාවේදී විශේෂ ආරක්‍ෂාවක් දුන්නේ ඒ නිසා බවත් අමාත්‍යවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොලිසියේ ඇතුළේ ඉන්න සල්ලිවලට ඕන දෙයක් කරන අයව ඉස්සෙල්ලාම උස්සන්න ඕනෑ...