ඓතිහාසික රුහුණු කතරගම පුදබිමට එන බොහෝ විදේශිකයෝ සුදුසු ඇඳුමින් එති. එහෙත් ලංකාවේ යන එන්නෝ නොගැලපෙන ඇඳුම් වලින් එති.විදේශික ගැහැණු පිරිමි සංවරව පුදබිමේ හැසිරෙද්දී ශ්‍රී ලංකාවේ ගැහැණු පිරිමි බටහිර සංස්කෘතිය කර පින්නා ගෙන සිද්ධස්ථානයේ ගෞරවය කෙලසති.
ඓතිහාසික රුහුණු කතරගම පුදබිමට එන බොහෝ විදේශිකයෝ සුදුසු ඇඳුමින් එති. එහෙත් ලංකාවේ යන එන්නෝ නොගැලපෙන ඇඳුම් වලින් එති.විදේශික ගැහැණු පිරිමි සංවරව පුදබිමේ හැසිරෙද්දී ශ්‍රී ලංකාවේ ගැහැණු පිරිමි බටහිර සංස්කෘතිය කර පින්නා ගෙන සිද්ධස්ථානයේ ගෞරවය කෙලසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීති බුදු රදුන්ගේ කාලයේ තිබුනා නම් පටාචාරාවට බන අහන්න ලැබෙන්නේ නැහැ. (ර)
මේ පින්තූරවල අපේ සිංහල කාන්තාවො ඇඳන් ඉන්න ඇඳුම් අසංවරයි කියන්නෙ කොහොමද? (ර)
ඔතන අසංවර ඇදුම් ඇදන් ලංකාවේ මිනිස්සු ඉන්නවද ? කලිසමක් , සායක් අසංවර ඇදුම් වෙනවා කියලා දැනං හිටියේ නෑනේ .. (ර)
සෙරෙන් ඔබ හරි . (ර)
කිසිම ඇඳුමක වරදක් නොපෙනීම මගේ දෝෂයක්ද. අඩ නිරුවත කොහෙවත් නැත, සාය සමහරවිට කකුල නිරාවරණය කරයි. (ර)
දාගෙන ඉන්න කණ්ණාඩියට අනුව තමයි පෙනීම තීරණ වෙන්නෙ (බ)
මේක බෞද්ධ සිදස්ථානයක් නොවේ. හින්දු කෝවිලක්. හින්දු කෝවිලකට සුදු ඇඳුමින් යන්න කියලා සඳහන් වෙන්නේ කොහෙද? ඉන්දියාවේ වත් එහෙම එකක් සිරිතක් නෑ... (ර)
ඔතන අසංවර ඇදුම් ඇදන් ලංකාවේ මිනිස්සු ඉන්නවද ? කලිසමක් , සායක් අසංවර ඇදුම් වෙනවා කියලා දැනං හිටියේ නෑනේ .. (බ)
කොහොමත් ඉතිං සුද්දෝ ලංකාව යටත් කරගන්න කලින් මේ රටේ ගෑනු උඩුකය නිරුවත්වනේ ඉදලා තියෙන්නේ. (ර)
සුජිත්ගේ කතාව සහතික ඇත්ත. (ර)
මේ දාල තියෙන එකට මම තදින්ම විරුද්ධයි. මොකද අපි කොඉ වෙලෙත් සුද්දෝ එක්ක මනින්න යන්න හොද නැහැ. අපි දන්නවා අපේ ලංකාවේ මිනිස්සු වෙන කොහේ හරි ගමනක් ගියත් අපි නුවර දළදා මාලිගාවට වදින්න යනවා, ඒ යනකොට යන්නේ අර මුලින් යන්න ඇදපු ඇදුන පිටින්මි. එකෙන් පෙන්නේ අපි මොන අඩුම ඇන්දත් අපේ මුදුන් මලකඩ උ දළදා මාලිගාවට නොගිහින් යන්න හිත දෙන්නේ නැහැ. එකී ඇත්ත. මිනිස්සු මොන පට ඇදුම් ඇදගෙන ගියත් අපේ හිතේ තියෙන්නේ දළදා මාලිගාව ගනී (හේ)
එකක්වත් නරක ඇඳුම් නෑ. අස්වාභාවිකව යුරෝපීය පෙනුම තියෙන පිරිසක් දැන් බෞද්ධයො පන්සල් යනවිදියට ඇවිත් ඉන්නවා එච්චරයි. (ර)
මුදිතට වැරදීමක් වෙලා තියෙන්නේ ඒක හදාගන්ඩ බැලුවනම් හොඳයි නේද.? (ර)
මුදිත, එතකොට කිරි වෙහෙර ? (ර)
මේ වගේ ලිපි වලින් කරන්නේ මෝඩයෝ, නුගත් එවුන්, පිස්සෝ අවදිකරන එකයි. (කෞ)
මේ ෆොටෝවල ඉන්න කිසිම කෙනෙක් ඔය " සංවර "කියන වචනයට අගෞරව වන අකාරයේ දෙයක් ඇඳගෙන ඉන්නවා මටනම් පෙනෙන්නේ නැහැ. ඇත්තටම තිබිය යුත්තේ " සංවර සිතයි , කයයි, වචනයයි " කියලයි මට හිතෙන්නේ. හුඟක් දුප්පත් කෙනෙකුට සමහර විට සුදු ඇඳුමක් මිලදීගන්න අපහසු විය හැකියි. නමුත් එයාගේ තියෙන ඇදුමක් ඇදගෙන " සැදැහැවත් සිතෙන් "දෙවියන් බුදුන් වඳින්න ගියොත්... වරදක් වේවිද..? ඔය අපි " සංවර ඇඳුම " කියන දෙය රටෙන් රටට සාපේක්ෂයි. හොඳයි ... අපි හිතමු සුදෝසුදු ඇඳුම් ඇඳගෙන අපි චීනයේ තැනකට යනවා කියලා. වටාපිටාවේ ඉන්න චීන්නු, හොරෙන් හොරෙන් අපි දිහා බලාවි. ඒ අය හෙමින් හෙමින් මොනවාදෝ කොදුරාවී... අපිත් ඔහේ මහත්වූ ආඩම්බරයෙන් ඔහේ ඉඳීවි. නමුත් ඇත්ත නම් ...චීනයේ සුදෝ සුදු ඇඳුම් අඳින්නේ ඒ රටේ එපාම කරපු අය. රස්තියාදු කාරයෝ, හොරු, මාෆියා කාරයෝ, කුඩු වෙළෙන්දෝ වැනි නීතියේ ඇසට වැලි ගසමින් සිටින අයයි. එවැනි ඇඳුම් අදින අයට එහෙ මහජනතාවගේ පිළිගැනීමක් නැහැ. මොහොතක් මෙහෙම හිතමු.. අපේ රටේ දේශපාලුවන් තමයි සුදෝ සුදු ඇඳුම් ඇඳගෙන එහෙ මෙහෙ සැරී සරන්නේ. ඒ අය ඒ ඇඳුම පිටින්ම චීනයට ගියොත් ..චීනා මොනවාද ඒ අය ගැන හිතන්නේ...හොදයි කියන්න චීනා හරිද...? වැරදිද..? මගේ පිළිතුර පසුවට. (ර)
එපා එපා කියද්දීත් හොරුන්ට තක්කඩියන්ට මිනීමරුවන්ට ඡන්දෙ දෙන මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැද්ද? තේරුම් ගන්න ඕනා කමක් නැද්ද? (ර)
ඕක ඉතින් සිංහල අපේ හැටිනේ (නි)
හිත සුදුනම් උතුම් වේ. (ර)
ලංකාවේ අම්මණ්ඩිලාට කරුණු වැටහෙන්නේ හැඳි මිටේ තරමට පමණයි. ඒකයි මෙහෙම වෙන්නේ. (නි)
සුදු ඇඳුම් වලින්ම හිත මනින්න බැහැ. මොන ඇඳුම් ඇන්දත් වැඩක් නැහැ හිත පිරිසිදු නැත්නම්. බටහිර රටවල් දියුණු වුණේ තාක්ෂණයෙන්ම නොවේ. ආධ්‍යාත්මයෙනුත් දියුණු වුණා. අපේ මිනිස්සු මනසින් දියුණුවෙලා නම්, රටත් දියුණු වෙලා. (නි)
නමුත් එයාගේ තියෙන ඇදුමක් ඇදගෙන " සැදැහැවත් සිතෙන් "දෙවියන් බුදුන් වඳින්න ගියොත්... වරදක් වේවිද..? සංවර හිතක් තියෙන ගැහැණු ළමයෙක් හිර ඩෙනිමක් ඇදන් පන්සලට එයිද ? පොඩ්ඩක් කඩේ බලන්න තනි සුදු ටි ෂර්ට් , සායවල්, බ්ලවුස් තමයි ගනන් අඩු, 2000 කට ක් 3000ක් දීලා ඩෙනිමක් ඇදන් රුපියල් 400 ට 500 ට සුදු සායක් ගන්න බැරි දුප්පත් පිරිසක් තමයි මේ පොටෝ වලින් පෙන්නේ... (ර)
ශාන්තෙ, ඔබ හරි ප්‍රශ්නය අහල තියනවා. මමත් කියන්නේ ඔබ කිරි වෙහෙර අසල ඉන්න අයගෙන් දේවල පල්ලි යන විදියට නොඑන ලෙස ඉල්ලුවොත් එකේ සාධාරණ හේතුවක් තියනවා. නමුත් මේක අපේ සිංහල දේසේ කියල මරදානේ පල්ලියට එන අයගේ තොප්පිය ගලවන්න වත්, කොච්චිකඩේ පල්ලියේ අයට සාරි අන්දන්න වත් දේවාලේ බැතිමතුන්ගේ සුදු ඇඳුම් අන්දන්න වත් බෑ.. (කෞ)
අපේ අයගේ මම නම් වරදක් දකින්නේ නැහැ (නි)
සුද්දට සල්ලි තියෙන නිසා අලුතින් සුදු ඇඳුමක් අරගෙන ඇඳගෙන එනවා. අපේ අයට සල්ලි නැති නිසා තියෙන ඇඳුමක් හෝදලා කරලා පිරිසිදුවට ඇඳගෙන එනවා. සුද්දෝ වගේ ඩොලර් වලින් පඩිගන්න කාලෙක අපේ අයත් සුද්දෝ වගේ ඇඳගෙන එයි. සුදට ඇඳලා තමන්ගේ බිස්නස් වැඩි කරගන්න දෙවියෝ වඳින්න යන කුඩ්ඩන්ට, කසිප්පු මුදලාලිලාට, ගිනි පොලි කාරයන්ට තක්කඩි දේශපාලුවන්ට වැඩියෙන් පාට පාට ඇ නදලා සිත පුරා පිරුණු භක්තියෙන් තමන්ගේ දුකට පිහිට ඉල්ලන අපේ අය දිහා දෙවියෝ බලනවා. (ර)
මෙතැන කව්රුවත් නාන ඇදුම් ඇදගෙන ඉන්නවා තියෙනවද? කලිසමක් ඇදගෙන හිටියයි කියලා එකේ ඇති වැරැද්ද මොකක්ද? (ර)
දෙවියන්වත්,බුදුන්වත් කොහෙවත් කියලා නැහැ සුදු ඇඳන් එන්න කියලා.පිරිසිදු සිතින් එන්න කියලයි තියෙන්නේ.බුදුන්වහන්සේ අන්ගුලිමාලව බලන්න යද්දී අංගුලිමාල ලේපෙරාගෙන ,මිනි ගඳ ගස්සවවින් සිටියේ.බුදුහාමුදුරුවෝ කිවේ නැහැ ගිහින් නාල ,සුදු සුට් එකක් ඇඳන් එන්න කියලා.(හේ)
බුදුන්වහන්සේගේ කාලයේදී එක්තරා යුවතියක් පිස්සුහැදී නිර්වස්ත්‍රයෙන් පන්සලට පැමිණි වෙලාවේදී,උන් වහන්සේ කිවේ නැහැ ගිහින් සංවර ඇඳුමක් ඇඳන් එන්න කියලා.කිවේ නැගණිය සිහිය එලවාගන්න, කියලයි.මෙතන ඉන්න හැමෝම ඔය සංවර කියන වචනයෙන් අදහස් කරන්නේ විලිවහගන්න ඇදුමක් කියන එකනේ.ඉතින් මේ ඔබ අප සැමම සංවර ඇදුමෙන් තමයි ඉන්නේ.ඒ වගේමයි ඔය ෆොටෝවල ඉන්න කවුරුවත් තමන්ගේ ලිංගේන්ද්‍රිය පෙන්වාගෙන නැහැනේ.ඇඳුම්වල පාටෙන්වත්,ඇදල ඉන්න දෙයින්වත් කෙනෙකුගේ සංවරබව මනින්න බැහැ.ඔය ඕන තරම් හොරු ඉන්නේ සුදු ඇඳුම්වලින් ඔක්කොම වහගෙන. සිතෙහි සංවරබව තිබුනොත් ඒ ඇති. (බ)
අද කන්තා දිනය,ඉස්සර කලේ මෙහෙම දේවල් තිබුනේ නෑ.මේ ඔක්කොම වසංගත එන්නේ බටහිර රටවල් වලින්ම තමයි. (ර)
විජිත්, ලංකාවෙත් එහෙම තමයි. නුවන්ගේ අදහස හරි. මේ ලංකාව ගැන දැනුවත් වී එන විදේශික කාන්තාවන්ගේ විනය, තැනට ඔබින ඇඳුම්, හැසිරීම නම් අගය කළයුතුමයි. නොඑසේ නම් එය කුහකකමක්. දෙමළ තරුණියනුත් ඒ අතින් ආදර්ශමත්. අපේ බොහෝ සිංහල තරුණියන්ට එසේ හැඟීමක් නැහැ. මේ විනෝද චාරිකා වලට සුදුසු හිර කලිසම් ඇඳගෙන ඉන්න එකම ඔවුන්ට පීඩාවක් නොවේද..? (නි)
අපේ අයට දැන් සිරිත් විරිත් අමතක වෙලා.(හේ)
සුදු ජාතිකයන්ගෙන් අපට හොඳ පාඩමක්.(හේ)
ඔන්න ඕකයි ලංකාවේ හැටි.(හේ)
කොහොමත් අපේ කාන්තාවන්ට ඉතින් ඩෙනිම කියන්නේ ෆුල් මාවලස් කියලනේ එයාල හිතන්නේ (කෞ)
ශේරාන් සමග 100% එකඟ වෙනවා. (ර)
අපි සිංහ ලේනේ! (නි)
අපේ අය පිට දේවල් බදා ගද්දී අනිත් රට වල අය අපේ දේ වැලද ගන්නවා.(හේ)