එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් පිරිස් දේශපාලන වාසි ගැනීමේ අරමුණින් පක්ෂය දෙකට බෙදීමට කටයුතු කරමින් සිටිය ද තම පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ඇතිව ඉදිරි පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව ද ඇමති එස්. බී. දිසානායක මහතා ශ්‍රීලනිප මූලස්ථානයේ දී පැවසීය.
නව ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය වසරේ නිශ්චිත තීරණයක් ගත නොහැකි වූ ගන්ධබ්බ කාලයක් බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්දයෙන් පැරදුනු, ජනතාව එලවපු ගන්ධබ්භයින් පාර්ලිමේන්තුවට එන පාරවල් වැසීමට නීති සම්පාදනය කළ යුතුයි.(ම)
පිටිගල මිලානෝ ඔබේ කතාව හරියට හරි (කෞ)
එස්.බී මේ ගත කරන්නේද ගන්ධබ්බ කාලයකි.ඔහු එනතුරු දේශපාලන කුණු කූඩය නොඉවසිල්ලෙන් බලා සිටින්නේය..(බ)
මේවගේ අයට ඡන්දෙ දෙන අපි තමයි ගන්දබ්බයෝ. (බ)
ඔබ තුමා එදා කිව්වේ මහින්ද නිසා පැරදුන කියලා,දැන් ඔය මොනවද කියවන්නේ. (කෞ)
ගිය පාර ඇපේ බේරුනා ඊලග පාර ඇපෙත් නැහැ. (බ)
අයියෝ මෙයාගේ මොලේ දැන් හොඳටම නරක් වෙලා. (බ)
මේ වගේ දේසපාලුවෝ තියාගන්න ජනතාවට මඩු වලිගෙන් ගහන්න ඕනේ .... ඡන්දෙන් පැරදුණු, ජනතාව එපා කියපු මේ වගේ අය ඇත්තටම ශ්‍රී ලංකාව වගේ රටකට මහා පිළිලයක් ..(බ)
එතකොට ..ඔබත් පසුගිය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිකම කරපු කාලයේ, ඔබ කරපු අශෝබන දේවල් කලේ ..ඔබගේ ගන්දබ්බ කාලයේ වෙන්න ඇති...ඔබ වෙන අමත්‍යංශයක් හොයමින් කාලය ගතකරන කාලයේ වෙන්න ඇති පෙර කරපු පිනකට අධ්‍යාපන ඇමතිකම ලැබුනේ. ඇමතිකම ගත්තා ...කොල්ලෝ කෙල්ලෝ ටිකගේ අධ්‍යාපනය කෑවා..ඒ අයට " මැස්සෝ..."කියා කියා අපහාසකලා.අන්තිමට බුද්ධිමත් ජනතාව තම ඡන්දයෙන් ඔබ ගෙදරම ඇරියා..එත් ලජ්ජා නැතිකම කියන්නේ...කොහොම හරි අයෙත් දියවන්නාවට ආවා..නොවඳිනන වැඳුම් වැදලා...ලැජ්ජයි...කියන්නත් ලැජ්ජයි..(අ)
මේ අය බලෙන් දේශපාලනයේ එල්ලිලා ඉන්න ගන්දබ්බයෝ.(අ)
මේ වගේ අයට තමා මඩු වලිගෙන් තලන්න වටින්නේ (බ)
රටට ජනතාවට ආදරයක්, ඇල්මක්, කිසිම හිතවත්කමක් නැත්තේ කාටද කියලා අපි දන්නවා (නි)