ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඉකුත් වසරේ ජනවාරි 8 වැනිදා පිහිටවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන් විශේෂ ජාතික සැමරුම් උත්සවයේ ප‍්‍රධාන දේශනය ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමීයෙකු වන මහත්මා ගාන්ධිතුමාගේ මුණුපුරෙකු වන ගෝපාල් ක‍්‍රිෂ්ණා ගාන්ධි මහතා විසින් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සැමරුම් උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ලබන 08 වැනිදා පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලවේදී පැවැත්වීමට නියමිතය.
විශේෂ දේශනය පවත්වන ගෝපාල් ක‍්‍රිෂ්ණා මහතා ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරියෙකුද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමුකෝ! (නි)
පහුගිය ජනවාරි 9 දා දිවුරුම්දීමේ උළෙලට ගිය වියදම හැමතැනම කිවුවනේ. අද වනවිට පහුගිය කාලෙට හාත්පසින්ම වෙනස් වගේ. යහපාලනයේ මේ වෙනස අපිට නම් අරුමයක් නෙමෙයි. (නි)
කොහොමද වෙනස? (නි)
මම කළ ලොකුම මෝඩකමක් කියලා හිතෙනවා. එයාලට හපන් මෙයාලා... මේ වසරක කාලයටම කළ එකම දෙයක්වත් නැහැ. (නි)
පහුගිය කාලේ වැඩක් කරලා උත්සව වලට වියදම් කලා දැන් වැඩත් නෑ උත්සව විතරයි (ම)
සැමරුම් උත්සවයේ වියදම ගැන බලනවිට දිවුරුම් දෙනවිට අඩුවියදම ගියා කියල කියපු කට්ටිය මෙමෙ උත්සවයට ඇති විශාල වියදම දරති. ජනතාවගේ සල්ලි යහපාලනයට නොගැලපේ. (බ)
මේවට අර කියපු එකෙන් අපිටම තලාගන්නයි වෙලා තියෙන්නේ (නි)
මදැයි වෙනසක මහිමය! (නි)
මොනවද මේ අදහස් දාන අය මේ කියන්නේ? මේවා ඊර්ෂ්‍යාවෙන් කියන දේවල් නේද? එහෙම කෙනෙක් ආවහම ඒක ඉතා හොඳ දෙයක් නෙමෙයිද? නිදහස, අවිහිංසාවාදය හොඳ නැද්ද? පරණ හණමිටි , ජාතිවාදී දේශපාලනය කරපින්නාගත් අයට මේවා තේරෙන්නේ නැහැ (නි)
දියුණු රටවල මේ වගේ දේවල් කරනවද? (නි)
මම කිව්වේ තවම මේ අය රජුට කඩේ යනවා කියල ? (බ)
අපරාදේ ඡන්දෙ (බ)
කියන්නා වගේ කෙරුවාව නැහැ වගේ. (කෞ)
දේශනය අහලාම අදහසක් පළකරන්න හිතුනා (නි)