මළ හිරු බැස යන්නට හෝරාවකටත් කලින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහවත්තේ පොරෝනුව ක්‍රීඩාංගනයේ දී කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය.
ඒ ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඒ හිමියන් අපවත්වූයේ ද ගිනි දැල්ල ඒ හිමියන් වෙළා ගෙන සිටියදීය.
ඒ හිමියන්ගේ අපවත්වීමෙන් මාධ්‍ය සදාචාරය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ද මතුවෙයි. වඩාත් අවශ්‍ය වනුයේ ඒ හිමියන් ගින්නට මැදිවී සිටින ඡායාරූපයක් ගැනීම ද, එසේත් නැත්නම් ජීවිතයක් බේරා ගැනීමට ක්‍රියා කිරීම ද යන්න ශ්‍රී ලාංකාවේදී මතුවූ මුල් වතාව මෙයයි.
ඇමෙරිකාවේ 1982 දී මෙවැනි ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවේදී පළ වූ බහුතර මතය වූයේ ඡායාරූප ශිල්පියා සදාචාරය හා මානුෂික හැඟීම්වලින් තොරව ක්‍රියා කර ඇති බවයි.
(ඡායාරූප ලසන්ත නිරෝෂණ පෙරේරා)
(ඡායාරූප එච් එම් අරුණ ශාන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ඡාතියක් අවදිකළ හාමුදුරුවනේ, ඡිවිතය යනු මතකයන් පමණි (නි)
ජ්වත් වන අපිට මොන තරම් දුකක්ද
කනගාටුයි
පාර්ලිමෙන්තුවේ ඉන්න මන්ත්‍රිවරු ජනතාව වෙනුවෙන් මෙහෙම කරන්නෙ නැහැ නේද ? (නි)
අලි, කොටි මුවෝ, ගෝන්නු මැරීම තහනම් කරලා තියෙනවා වගේම ගව ඝාතනය තහනම් කරමු. උන් වහන්සේගේ අධිෂ්ඨාන පාරමිතාව සලකමු. (ස)
මාක් අපි සිතන විදියට ඔබට පිස්සු ඇදීගෙන එනවා වගේ. (ස)
අපි හරක් මස් කෑම නැවත්තුවොත් හරක් මැරීමත් නවතීවි.(ස)
කනගාටුයි ...
නැවත මේවන් දේ නොවේවා
මෙම හාමුදුරුවන්ගේ අපවත් වීමේ , සිද්ධිමය කරුණු වෙනත් අය පිට දමලා, පවතින රජයට හාමුදුරුවන්ගේ අපවත් කරවීමේ වගකීමෙන් නිදහස් වෙන්න බැරි බව අමතක කරන්න එපා. සම්පුර්නයෙන්ම රජය වග කිව යුතුයි. ඇයි රජයේ උත්සව වලට දෙනතරම් ප්‍රචාරයක් මෙම සිද්ධියට නොදෙන්නේ ? (නි)
හරක් මරණ එකනම් වරදක් තමයි
හාමුදුරුවන්ගේ පියවර ධර්මයට අනුකූල නොවේ. නමුදු උන්වහන්සේ පෙනීසිටියේ දහමින් පෝෂණය උන ශිෂ්ට සම්පන්න සංස්කෘතියකට සිදුවුන විනාසය වෙනුවෙන්. අතීතයේ සිටම හාමුදුරුවරු රටට ජාතියට ආගමට උවදුරක් ඇති කල්හි පෙරමුණ ගෙන ක්‍රියා කලා ජීවිත පිදුවා, සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට දේශනා කලේ, දුර්ලබ මිනිස් ජීවීතය ලැබූ හෙයින් හිස ගිනිගත් මිනිසෙකු එම ගින්න නිවා දමන්නට විගස ක්‍රියා කරනවා සේම ධර්මාවබෝධයට යුහුසුළු විය යුතු බැවි . ශ්‍රී ධර්මය පිලිබඳ කියවා,අසා නුවනින් මෙනෙහි කර අවබෝධ කාරහත් පිරිස පමණක් ධර්මය සමග සසඳා කතා කරනවානම් මැනවි. උන්වහන්සේ තුල තිබු අදිෂ්ටාන ශක්තිය වීර්ය අගය කල යුතුවේ . ඔබ වහන්සේ ධර්මය පවතින තැනෙක ඉපිද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා !! (ස)
කණගාටුයි
අනේ මන්ද සිදු උණු දේ ගැන විතරක් නෙමෙයි . ලංකාවේ සිදු වෙන සමහර දේවල් ගැන මහා කලකිරීමක් තියෙන්නේ.. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය අපේ රට දුප්පත් කමින් මුදවා ගන්න එක වගේ කටයුතු කරනවා වෙනුවට ජාතිවාද, අරව මේවා පටලවාගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන රටට සේවයක් කරන්න පුළුවන් අය අපෙන් වෙන් වෙලා යනවා.. (දී)
එහෙනම් ඉතින් චිතකෙට ගිනිත්යන එකත් පොටෝ ගන්න එක මාද්‍ය සදාචාරයට විරුද්ධ වෙන්න ඕනෑනේ නේද ? හාමුදුරුවෝ ගිනිතියාගන්න එක පොටෝ වලින් දැක්ක හරක් මස් කන අය ටික බය වෙලා. ඒකනේ මේ මාද්‍ය සදාචාරේ මතක් වෙලා තියෙන්නේ (නි)
වියට්නාමයේත් මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා නේ (නි)
හෙටින් පසු ලංකාවේ ගවමස් නැති වේවිද? (නි)
ඒ හාමුදුරුවෝ කල වැඩේ අනුමත කරන්න බැහැ. ඒ සිද්දිය දැක්ක කුඩා ළමයි කි දෙනෙක් දැන් බය වෙනවාද (දී)
එක අතකින් මේ හාමුදුරුවෝ රටේ පවතින මිනිසුන්ගේ ආර්ථික දරිද්‍රතාවය මත ගිනිතියා ගත්තා කිවුවා නම් හරි. මේවා බලාගෙ යද්දී වැඩකට නැති දේවල්. මේවා දැකීමෙන්බෞද්ධ දර්ශණය පිරිහෙනවා (නි)
මනුස්සයෙක් ගිනි ගන්නවා පේනකොට බය හිතෙනවා (දී)
ගව ඝාතන නැවත්වීමට ගිනි තියා ගැනිමි අවශ්‍ය නැහැ. ලංකාවේ වැඩි පිරිසක් පන්සිල් රකින බෞද්ධයෝ සිටිනවා නම් මස් කෑම අත් හරින්න. එවිට ඉබේම ගව ඝාතන නවතියි.මත්වතුර,කුඩු අත් හරින්න. එවිට ඉබේම එම ව්‍යපාර නවතියි. (නි)
ගව මස් නොකා එළු මස් කෑම හොඳයිද? බෞද්ධ ධර්මයේ ගවයා සෙසු සත්වයින්ට වඩා උත්තම බවක් කියා තිබෙන්නේ කොතනදැයි දැනගන්න කැමතියි. ගවයාගෙන් වැඩ ගෙන අන්තිමේදී මරාගෙන කෑම අනෙක් වැඩ නොගත් සතෙක් මරාගෙන කෑමෙන් වෙනස් වන්නේ කෙළෙහි ගුණය සම්බන්ධ කාරණා නිසයි. බෞද්ධ දර්ශනය නුවණැත්තන්ගේ දර්ශනයක්. සිය දිවි නසාගැනීම නුවණැති ක්‍රියාවක්ද? (නි)
හිමියනි, ඔබට අමා මහා නිවන් සුව! (නි)
අපේ ඇස් පව් කලාද මේවා බලන්න
මේක රූපගත කරපු කෙනාට රැට නින්ද යනවද? තමුන් ඉදිරියේ ජීවිතයක් නැති වෙද්දී ප්‍රවෘත්තියක් වෙනුවෙන් ඔහොම ඉන්න පුලුවන්ද? ඔය වගේ වැඩ කරන්න එපා. එතුමාට හොදටම පුළුවන්කම තිබුණා හාමුදුරුවන්ගේ අතින් පෙට්රෝල් ටික උදුරලා ගන්න. නමුත් එයා කැමරා කළා විතරයි. එක මනුස්සයෙක් විතරයි ලගට හරි ආවේ. (නි)
ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඇයි බැරි වුණේ (මැරෙන තුරු) මාරාන්තික උපවාසයක් කරන්න. (ස)
බුදු දහමට අනුව උන් වහන්සේ කල වැඩේ හරිද කියලා කියලා දෙන්න නොදන්නා කමට අහන්නේ
උන්වහන්සේ ගේ අවසන් ඉල්ලීම, 1. මෙමෙ ධර්මද්වීපයේ ගව ඝාතනය නතරවේවා. 2. ත්‍රස්තවාදය තුරන් වේවා. 3. බලහත්කාරයෙන් ආගම් වලට හරවා ගැනීම ට එරෙහි පනත පාර්ලිමේන්තුවේදී සම්මත වේවා. 4. සර්වාගමික බුදුදහම විනාස කරන පූට්ටු නැති වේවා. 5. බෞද්ධ රටට ගැලපෙන ව්‍යවස්තාවක් නිර්මාණය වේවා (නි)
අදහස් පළ කළා හෝ නැති වුණත් මේ හිමිනම රටට දුන්නේ වැරදි ආදර්ශයක් (නි)
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා! (නි)
හිමියනි, ඔබට නිවන් සුව! (නි)
අදහසක් දෙන්න අමාරුයි (නි)
ඒ කල වැඩේ බලන් ඉන්න බැහැ
හිමියනි, ඔබ වහන්සේට අජරාමර නිවන්සුව පතමු ! (නි)
ලංකාවේ ගවයන් ඇතිකිරීම නතර කළා නම් ප්‍රශ්නය ඉවරයිනේ. එතකොට මරන්නේ කාවද? (නි)
ඉන්දරතන හාමුදුරුවන් නිවන් දකිත්වා! අපි ගව ඝාතනයෙන් වළකිමු. මෙයයි අධිෂ්ඨානය. (නි)
ඔබට නිවන් සුව. ඔබ බලාපොරොත්තු වූ පරිදි ගව ගාතනය තහනම් කිරීමට අප උත්සාහ කරමු. ඔබේ මරණය ගැන මට සැකයක් ඇත. මේ පිටුපස බලල් අතක් ඇත්දෝ මට සිතේ. රජය මේ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුය. (නි)
සිංහලයාගේ මතකය ටික දිනකින් අමතක වන බව අතීතයේ මහා පණ්ඩිත විශාරදයෙක් විසින් පැවසු බව මට සිහිපත් වේ. (නි)
බුදු ගුණ අනන්තයි, ඔබට නිවන් සුව ලැබේවා
සදාචාරය මාධ්‍ය තුලින් විතරක් නෙමෙයි රටෙනුත් පිරිහිලා.මෙතන වැටෙන අදහස් වලින්ම මොලයක් තියෙන අයට වැටහෙයි. (නි)
මම නම් ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ (දී)
බුදු දහමට අනුව දිවි නසා ගැනීම වරදක්
හාමුදුරුවනේ, නිවන් සුව පතමි! කිසිදා හරක් මස් නොකමි. ඒ බව අද සපත වෙමි. නෙතට එනවා කදුළු (නි)
මේකට කැමරා ශිල්පියාට දොස් කියලා වැඩක් නැහැ. මෙම ස්වාමින් වන්සේ දැන ගන්න ඕනෑ යථාර්තය. පව් කරන ඇත්තෝ පව් ගෙවයි , අපි රැඩිකල් වෙන්නේ ඕනෑ නැහැ. (නි)
ස්වාමීන් වහන්ස, ඔබට අමා මහා නිවන් සුව ලැබේවා!!!
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා
ඔන්න දැන් සංඝයා වහන්සේලා නම් හරක් මස් කෑම නතරකරයි (නි)
මේ සිද්දිය දස්කින කොට මට නම් තවම බය හිතෙනවා
මෙහි ගිය "ඡායාරූප ශිල්පියා"ට නීතියෙන් ගැලවෙන්නට හැකිවේවි. එහෙත් ඔහු සහ ඔහුට කොළඹ සිට දුරකතනයෙන් දැනුම්දී පිටත්කළ අය පවා මෙය දැන සිටි බව රහසක් නොවේ. දහසක් තර්ක ඉදිරිපත් කළ හැක. ඒ කුමක් වුවද මාධ්‍යකරුවන් ලෙස වෙස්වලාගෙන මෙවැනි දරුණු පුද්ගලයන් සිටීම ඇග ලොමු ඩැහැ නංවයි. (නි)
ඒ හාමුදුරුවෝ කියුවා වගේ ගිනි තියා ගත්තනේ
මාධ්‍යවේදියෙකු පත්වෙන අසරණ තත්වය පිළිබඳව හොඳම නිදසුනක්. (නි)
මේ ලිපියට මීට වඩා හොද මාතෘකාවක් තිබුනෙම නැද්ද?
අනේ හිමියනි
ඒ ස්වාමින් වහන්සේ දිව්‍ය ලෝකෙට යන්න ඇති (නි)
තිරිසන් සතෙක් වෙනුවෙන් දිවි දුන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
මහණ වෙන්නේ ජාතිය ආරක්ෂා කරන්නද නැත්නම් නිවන දැක අන් අයටත් පෙන්වීමටද කියලා ,අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අපේ හාමුදුරුවෝ අපිව දාලා ගියාට අපි ඔබ වහන්සේගේ අරමුණු වෙනුවෙන් මැරෙන තුරු සටන් කරනවා...... (නි)
ජිවිතයේ වටිනා කම දන්නේ නැද්ද
පව් , හාමුදුරුවන්ව ගිනි තිබ්බා. (නි)
මම දැකලා තියෙනවා ලෝකේ තවත් හිමි වරු ගිනි තියා ගන්න එපා
දැන් පිරවුම්හල් වලින් තෙල් දෙන්නෙත් නැහැ
නැවත මෙවන් විපත් අසන්නට නොලැබේවා (දී)
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ ඝාතනය, අරන්තලා භික්ෂු ඝාතනය , ශ්‍රී දළදා මාලිගාව ළඟ බෝම්බය, දිනපතා සිදුවන ළමා දුෂණය, ස්ත්‍රී දුෂණය, ගැන කතා කරන්න, ගිනි තියා ගන්න එක බෞද්ධයෙක්වත් නැහැ. සියදිවි නසා ගැනීම වීර කමක් නොව, ජීවත්ව අරමුණ වෙනුවෙන් සටන් කිරීමයි වීරකම. ගිනිතියාගෙන අපවත් වුණ හාමුදුරුවන්ව වීරයෙක් කරන්න හදන ' ඉන්ස්ටන්ට් බෞද්ධ කැක්කුම' හැදුන අය එහෙම කළාට නිර්මල බුදු දහම අනුව යන බෞද්ධයෝ මේ ක්‍රියාව අනුමත නොකරයි. බුදු හාමුදුරුවනේ මේ මිනිස්සුන්ට සේරටම කලින් මොලය දෙන්න. (නි)
සත්ව ඝාතනයට එරෙහිවූ ඔබ වහන්සේට නිවන් සුව පතමු (දී)
ගිනිතබා ගැනීම අනුමත කරන්න බැහැ. ඒ වගේම මාධ්‍ය ක්‍රියා කරපු අන්දමත් අනුමත කරන්න බැහැ. මාධ්‍ය බලාපොරොත්තු වුණේ හාමුදුරුවෝ ගිනිතියාගෙන මැරෙන විදිහ රටට පෙන්නන්න. (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (ස)
1994 දී පුලිට්සර් සම්මානය දිනාගත් කෙවින් කාටර් නම් ජයාරූප ශිල්පියා විසින් සිය සම්මානය සඳහා ඉදිරිපත් කළ සුඩානයෙදී ගනු ලැබූ කෑම සොයා යන දරුවකු පසුපස යන ගිජුලිහිනියකුගේ ජායාරූපය සම්බන්ධයෙන් දරුවාට කුමක් සිදුවුනේද යන ප්‍රශ්නය සම්බන්දයෙන් ඇතිවූ සිත්තැවුලෙන් 3 මසකට පසු සිය දිවි හානි කර ගනු ලැබුවා. (නි)
උන්වහන්සීගේ ජීව්ත පරිතාගය වෙනුවෙන් මගේ මුළු පව්ලම හරක් මස් මිලදී ගැනීම නැවැත්තුවා. සියලුම දෙනාටම අප සමග අත්වැල් බදාගන්නෙ මෙන් ඉල්ලා සිටිමු (දී)
හාමුදුරුවනේ, ඔබ වහන්සේ බුදුන් දකිත්වා!ඔබ වහන්සේ ජීවිතය පුජා කලේ අහිංසක සතුන්[ හරක්] දහස් ගණනක් වෙනුවෙනි. පාලකයනි, දැන්වත් ඇස් ඇර බලවු! (නි)
මනුස්ස ආත්මයක් ලබන්නේ හුගක් අමාරුවෙන් බව බුදුදහමේ ඉගැන්වෙනවා.මොන පරමාර්ථයෙන් කලත් මේ අපරාදේ අනුමත කරන්න බැහැ දෙව්රම් වෙහෙර පිටිපස්සේත් සුකරයන් මරණ කොටුවක් තිබුනලු. බුදුහාමුදුරුවෝ සියදිවි නසා ගත්තේ නැහැ, මිට වැඩ හොද ක්‍රමයකට උන් වහන්සේගේ පරමාර්ථය ඉස්ට කරගන්න තිබුනා (දී)
ඉන්ද්‍රතන හිමියන්ගේ ඇඹිලිපිටි අනුරපුර පාගමනේ දී හාමුදුරුවෝ පැහැදිලිව කිවුවා ගවඝාතනය ,අන්‍ය ආගමිකරණය, මත්කුඩු ,මත්පැන් සහ සියලු දුරාචාර වලට විරුද්ධවයි පාගමන යන්නේ කියලා.මිනිස්සු කැමැත්තෙන් ඉන්න ඇති ලයිට් බිලට විරුධව හාමුදුරුවරු ගිනිතියාගන්නකන් දේශපාලන වාසි ගන්න.බැරිවෙලාවත් හාමුදුරුවෝ ලයිට් බිල ගැන සදහනක් කළා නම් ඔය හැම පක්ෂයකම අය නිවේදන නිකුත් කරාවි (නි)
රවී ඔබ හරි.
එකත් ඉවරයි. ඊළඟට මොකක්ද ? රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වෙන පැත්තකට හරවන්න ඊළඟට මොකක්ද වෙන්නේ කියල බලමු. (ස)
ගිනි තියා ගන්නේ නැතුව වෙන විදිහක් නැද්ද තිබ්බේ (දී)
රජිත් ඉතාලි, ඔයා ආනන්තරීය පාප කර්මයක් කියන එකේ තේරුමවත් හරියට දන්නෙ නැති පාටයි (නි)
ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මස් මාංශ ආහාරයට ගැනීම අනිවාර්යයි. ඒ නිසා ගව ගාතනය තහනම් කරන්න එපා. (නි)
මට නම් දුක එයාගේ අම්මා ගැන. ඒ අහිංසක වයසක මනුස්සයට දරු-දුක දීලා. මට නම් වෙනත් කිසිම හැඟීමක් ඇති වෙන්නෙ නැහැ. (නි)
උන් වහන්සේට නිවන්සුව අත්වේවා! (නි)
මේ දිවිනසා ගැනීමෙන් ගව මස් කැම කෙසේවෙතත් ගිහියන්ට ඉවසීම, අන්තගාමීත්වය ගැන හාමුදුරුවන්ට බන කියන්න නම් අවස්තාවක් ලැබුනා. (නි)
අනුමත කරන්න බැහැ කීයටවත්
ප්‍රශ්න විසදා ගැනීමේදී සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත්තොත් නේද හොද? (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
ඇමතිතුමාටත් පොඩි හුවක් ආවා නේ... (නි)
ඔබ වහන්සේ අප අතරේ ඉපදේවා !(අ)
පුවතට වඩා වටින්නේ ජීවිතයයි. එක්තරා රූපවාහිනී නාලිකාවකින් මෙය දකිනකොටම මට කියවුනේ එයයි. නමුත් දැන් සියල්ල සිදුවී හමාරය.... මාධ්‍යවේදීන් තැනට සුදුසු නුවනින් ක්ෂණිකව පියවර ගතයුතුය. (නි)
මැද පෙරදිග ඌරුමස් තහනම්. නමුත් ගවමස් කමක් නැහැ. අපි ඌරුමස් අනුමත කරලා ගවමස් තහනම් කරමු. (නි)
ජීවිතය තණ අග පිනි බිදකි
ප්‍රියා ඔබ කියනවා " මීට දැන් ඇති හොදම පිළියම හරක් ඇමති කෙනෙක් පත් කිරීමයි" කියලා. ඉතින් අපේ රටේ ඉන්න අයගෙන් ඒ සදහා ඔබ යෝජනා කරන්නේ කවුද? (නි)
අපේ රටේ මනුස්සකම නැතිවෙලා ගොඩක් කල්. පිට රට වල අයගේ කොහොමත් නැහැ. අපේ අයගෙත් නැත්තටම නැතිවෙලා ගිහින්.ඒකට මොකෝ? දවස් 365 ම බණ නම් අහනවා (නි)
අපේ හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා.(නදී)
අදහස් දාලා තියෙන සමහර අයට ජාතියක් ජන්මයක් නැහැ වගේ පෙනෙන්නේ. (නි)
මේ හාමුදුරුවෝ කල වැඩේ නම් වරදයි
ඉන්දියාවේ වගේ ලංකාවෙත් ගව ඝාතනය තහනම් කරමු. (නි)
මේ පෙට්ටිය කර තියන් ඉස්සරහින් යන දෙන්නා කරන තරමි කරන්නේ ගන්දස්සාර වැඩමයි.(නදී)
නිවන් සැප පතමි (නි)
ඔය හාමුදුරුවන්ට නිවන් සුව පතන පිරිස අතරට මමත් එක්වෙමි. නමුත් ඔය හාමුදුරුවන්ගේ අතීතය සහ අවසාන ක්‍රියා කලාපය, විශේෂයෙන් සිය දිවි නැතිකරගැනීම කෙරෙහි අවදානය යොමුකරද්දී මෙම හාමුදුරුවන්ට නිවන් සුව ලැබෙයි කියා හිතාගන්න අමාරුයි. හේතුව කිසිම ආගමක් සියදිවි නසාගැනීමට අනුමැතිය දීලා නැත. එම හිමිපාණන්ගේ පවුලේ සාමාජිකයන්ට මෙම කුරිරු අවස්තාව දරාගැනීමට අවශ්‍ය සියලුම ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
සිධුහත් කුමාරයා සාඛ්‍ය වංශය ආරක්ෂා කරන්න ගියේ නැහැ බුදු වුනාට පස්සේ. නිකන් වජ්ජි පුත්තකයෝ වගේ හැසිරෙන්නේ නැතුව නිවන දැක ගන්න ක්‍රමයක් සොයා අපටත් එය පෙන්වා දෙන්න. මේ කරන දේවල් වලින් වෙන්නේ තවත් සිතුවිලි වැඩි කරගෙන සංසාරයේ කරක් ගසන එකයි. (නි)
අනේ අපොයි (දී)
ලංකාවේ අපි හැමෝගෙම හිත් වලට ගින්දරක් දී ගින්දර සමග නික්ම යන හිමිනමට නිවන් සැප ලැබේවායි පතමි (නි)
කනගාටුයි නේද
බුදු දහමේ නැති දේවල් මොකටද? හරක් මස් කන එවුන් කාපුවාවේ, ඇයි එතකොට කුකුලගේ මස් මස් නෙවේද? ඒකත් ප්‍රාණ ඝාතයක් නෙවේද? (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)
තම රට, තම වර්ගයා වෙනුවෙන් ජීවිතය පුජා කළ භික්ෂුන් සිටියහ. භික්ෂුවක් වියට්නම් ජාතිය වෙනුවෙන් එසේ කළේය. අපේ කුඩාපොළ හාමුදුරුවෝ සිංහල ජාතිය වෙනුවෙන් එසේ කළේය. ඉන්ද්‍රරත්න ස්වාමින් වහන්සේ තම ජාතිය වෙනුවෙන් එසේ කළ බව පෙනේ. ඉන්ද්‍රරත්න හාමුදුරුවන්ට උන්වහන්සේ දිවි කැපකළ තම ජාතිය, වීරයෙකු ලෙස සලකනු නොඅනුමානයි (නි)
බුදු පුතණුවනි, ඔබට නිවන් සුව! (නි)
මාධ්‍ය ලොකු ප්‍රචාරයක් දුන්නාද මේ සිද්දියට
ස්වාධීන මතයට ගරු කරමින් අවංකවම තම අදහස් මෙම ලිපියට ගොනු කළ ඔබ ඇත්තෙන්ම අවංක වාර්තාකරුවෙකි (නි)
ඉන්දරතන හිමියනි ඔබවහන්සේට නිවන් සුව අත්වේවා.!(ස)
රටක් වටිනා හිමි නමක් (දී)
ඔබ වහන්සේගේ පාරමිතාව ස්ම්පුර්ණවේවා. අජරාමර නිවන් සුවයම අත්වේවා. (ස)
සම හරක්ගේ අදහස් දැක්කම දුකයි. ඔබ වහන්සේට අමා මහා නිවන් සැප ලැබේවා.(නදී)
මේ හාමුදුරුවන්ගේ අධිෂ්ඨානශීලි බව අගය කරනවා. ඒත් භික්ෂුවක් විදිහට ජීවිතය හානි කරගැනීම අගය කළ හැකිද? හික්මුණු භික්ෂුභාවයක් ලැබීමට නම් බොහෝ කාලයක් පැවිදි ජිවිතය ගත කළ කෙනෙක් වෙන්න ඕනෑ. අඩුම තරමේ වසර 20ක් වත් පැවිදි ජිවිතය ගත කළ කෙනෙක් විය යුතුයි. මම හිතන්නේ මේ හාමුදුරුවන්ගේ පැවිද ජිවිතය ඉතා කෙටි එකක් විය යුතුයි (නි)
මහරුෆ්, ඇත්තට ඔහේලට ගව මස් නැතුව නින්ද යන්නෙ නැද්ද ? (නි)
බෞද්ධයකු වශයෙන් මම ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කළ මේ ක්‍රියාව අනුමත කරන්නේ නැතිමුත් , උන්වහන්සේගේ අධිෂ්ඨාය සහ කැපකිරීම පිළිබද මගේ ගෞරවය සහ උපහාරය පුදනවා. එමෙන්ම මෙවැනි එඩිතර තරුණ ස්වාමින් වහන්සේලා රටට අවැසි විටකදී මෙවන් සිදුවීමක් සිදුවීම පිළිබද කණගාටුයි .... (නි)
ඉතාලියේ රංජිත් මහත්මයා කියනවද බුදු හාමුදුරුවන්ගේ දේශනාවේ කොහොද තියෙන්නේ දිවි නසා ගැනීම ආනන්තරිය පාපකර්මයක් කියල. ඒ කියන්නේ ඔබ තුමා ආනන්තරිය පාපකර්ම මොනවාද කියලත් දන්නේ නැහැ නේද (දී)
අපේ හාමුදුරුවනේ, ඔබට නිවන් සුව! මරික්කාර් අහලා තියනවද බුදු දහමේ තියනවා චේතනාහම් බික්කවේ කම්මන් වදාමි කියලා... (නි)
මෙවැනි සිදුවීම් ලෝකවාසීන්ට දැනගැනීම සඳහා දර්ශනය කෙතරම් සංවේගජනක වුවත් එහි රුප රාමු එම අවස්ථාවේ ලබා ගැනීම මාධ්‍යවේදියෙකුගේ වගකීමකි (නි)
සිද්ධිය නම් අනුමත කරන්නේ නැහැ.ඒත් හාමුදුරුවන්ගේ අවසන් ප්‍රකාශ හා ක්‍රියාව දකින්න සලස්සපු කැමරා ශිල්පියා නිසා මිනිසුසුන්ට එතන සිදුවුන සත්‍ය සිද්ධිය පේනවා. මම හිතන විදිහට කැමරා කරලා තියෙන්නේත් ගොඩක් ඈත ඉදන්, එම ශිල්පියා නිසා හාමුදුරුවන්ගේ ආත්ම ගෞරවයවත් රැකෙනවා. එසේ නොවන්නට කුණුකතා කියක් ඇත්දැයි සිතා බලන්න ඔය සිද්ධියට. “අසන දකින දේ පිළිබඳ සිහිබුද්ධියෙන් බලත්වා“ (නි)
අප රටේ සිදුවන මිනිස් ඝාතන, ස්ත්‍රී දුෂණ වලට එරෙහිව තමයි මුලින්ම නැගී සිටින්න ඕනෑ. එල්ලුම් ගහ ගෙනෙන්න බල කරන්න දැන් හොදම කාලයයි (නි)
හාමුදුරුවෝ ගිනි ගනිද්දී පින්තුර අරගන්න කැමරාව හසුරවා ගන්න ගත්ත වෙලාවත් එක්කලා බැලුවොත් ජීවිතේ බේරගන්න තිබුණා (නි)
ගව මස් කන්න විතරයි බෞද්ධයන්ට හොද නැත්තේ. අනිත් කරන හැම දෙයක්ම හරි. හැම ජරා වැඩක්ම මේ ලංකාවේ වෙනවා ඒවාට සද්ද නැහැ. කුකුල්ලු, එළුවෝ,මාළු කෝටි ගණන් , මිනිස්සු මරනවා මේවට කෑ ගහන්න එකෙක් වත් නැහැ . රටේ ලොක්කෝ මංකොල්ල කන ඒවා, පොඩි ළමයි දුෂණය කරන ඒවා පෙනෙන්නේ නැහැ. සිය දිවි නසා ගන්න අය වීරයෝ, රට වෙනුවෙන් ජීවිත පුජා කරපු අයව බල්ලෝ ගානට දාලා. ලංකාවේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. මිනිස්සුන්ගේ මෝඩ කමට බෙහෙත් නැහැ . (නි)
බුදු හාමුදුරුවෝ වැඩ විසු ආරාමය ලගත් තිබ්බානේ උරෝ මරණ තැනක්, (දී)
සතුන් වෙනුවෙන් ජීවිතය කැප කර පාරමිතා පුරන ඔබ මතු නිවන් දකිනවා
බෞද්ධ රාජ්‍යය මේ ලක්දිව බව මුළු ලෝකයට නැවත පසක් කල ඔබ වහන්සේට නිර්වාණය හිමි වේවා! (නි)
ඔබ වහන්සේ නිවන් දකිනවා
ඔබ වහන්සේට අජරාමර නිවන් සුව පතමු! (නි)
ඔබ වහන්සේ ජීවිතය පවා පුදදී කියුවේ ගව ඝාතනය නවත්තන්න කියලා අපි ඒ වදන අකුරටම ක්‍රියාත්මක කරනවා (දී)
ඊයේ ඉන්දරතන හිමියන්ගේ අවසන් කටයුතු සිදුවුණා.මම උන්වහන්සේට උතුම් සම්බෝධිය ලැබීමට මා කළ කුසලුත් හේතුවේවායි පතමි. (නි)
ඔබ වහන්සේගේ ක්‍රියාවෙන් මුළු ලොවම සිංහලයන්ගේ එඩිතරභාවය නැවතත් පසක් වන්නේය. මෙය දුටු බෞද්ධයන් නැවතත් ගව මස් වල දන්නේනම් ඔවුන් සැබවින්ම[ ගවයෝය.(නදී)
කෙසේ වෙතත් ඔබ වහන්සේගේ මෙම දිවි පිදුම සැමගේ ඇස් ඇරවන්නක් වුණා. ගව ඝාතනය තහනම් කරමු.(ස)
මේ සිදිය පිටු පස තව කවුරු හෝ ඉන්නවා
නිවන් සුව අත් වේවා! (නි)
හැම දෙයකටම බලපාන්නේ චේතනාව. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනාවට අනුව සියල්ල සිදුවේවි. රට විනාශ වෙනවිට ඒ ගැන කටයුතු නොකලොත් කියාවි පින්බත් කකා පන්සල් වලට වෙලා ඉන්නවා රට ගැන හොයන්නේ නැහැ කියා.රට ගැන කතා කලොත් කියාවි නිකන් දෙන දේ කාලා ඉන්න බැරුව ධර්මයට පටහැනිව කටයුතු කරනවා කියා.කිසිකෙනෙක් සිතන්නේ නැහැ අද රටට සිදුවෙන විනාශය ගැන.මේවට බනින මහාචාර්ය හිමිවරුත් සිටිනවා ලක්ෂ ගණන් වැටුප් ලබන. ඒ අයට රට ගැන සසුන ගැන සිතන්න වුවමනාවක් නැහැ.බැනුම් අහමින් හරි හාමුදුරු අපේ රටේ නොසිටින්න සිංහල රටක් අද ලෝකෙම නැහැ.හොදට ඉතිහාසය කියවන්න දහම් පොතපත කියවන්න යථාර්තය අවබෝධ වේවි.කුඩාපොළ හාමුදුරුවන් නිශ්ශබ්දව එදා සිටියා නම් අද සිංහලයා,සිංහල රට කොහෙද කියා අමතක කරන්න එපා සිහලුනේ. බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)
අමා මහා නිවන් සුව අත් වේවා! (නි)
මෙය දිවිනසා ගැනීමක්
බුදු දුහම කියල නැ. එපා දේවල් නවත්වන්න ගිනි තියා ගන්න කියලා. හාමුදුරුවෝ දක්ෂ වෙන්න ඕන බුදු දහමන් ඒවා නවත්තන්න. (ස)
ප්‍රාණඝාතය වලක්වන ලෙස ඉල්ලා තම ජීවිතය කැපකොට තිරිසන් සතුන් වෙනුවෙන් හඩක් නගා දැයෙන් සමුගත් ඔබ වහන්ස්සේට නිවන් සැප ලැබේවා! නිකම්ම නොවේ. මතු බුදුන් දැක නිවන් දකීවා! (නි)
ගව ඝාතනය වලකමු..... ඔබ වහන්සේට නිවන් සැප ලැබේව! (ස)
ඉන්ද්‍රරතන හිමියනි, ඔබට නිවා සුව ලැබේවා! මේ කළ වීර ක්‍රියාවෙන් සමාජයට ආදර්ශයක් ලැබේවා! සාදු සාදු සාදු (නි)
මම මින් ඉදිරියට හරක් මස් නොකමි. (ස)
බුදු සසුනට නිගා කරන්නේ අන්‍ය ආගමිකයන් නොව කහ සිවුරු ඇදගත් අයම බව විටෙක මනාව පැහැදිලි වේ. (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලෑබේවා! (නි)
මේ සිද්දිය දැකපු පොඩි ළමයි ගින්දරට පුදුම බයක් තියෙන්නේ
ජංගම තාක්ෂණ දුරකථන දියුණු කාලයේ ඡායාරුප ශිල්පියාට වරද පැටවීම ඉතාමත් අසාධාරණයි (නි)
ජිවීතන් අනියතන් මරණන් නියතන් ... (නි)
මමනම් උන් වහන්සේ ගිය මග යනවා (දී)
ඔබ වහන්සේට නිවන් සුව ! (ස)
අපිත් මේ මරණයට වග කියන්න ඕනේ (දී)
ඒ දර්ශනය මැවී මැවී පේනවා (දී)
හාමුදුරුවන්ට නම් නිවන් සැප හිමි වේවා. එත් මේ වගේ අන්තගාමී දේවල් නම් අනුමත කරන්න බැ. (ස)
අසංග, මාක් , සෑම් වගේ නුගත් පිස්සන්ට අනුකම්පා කරන්න අපේ ක්‍රිස්තියානි අයට නම් පිස්සු (නි)
අපි උන්වහන්සේ කියූ දේ අනුගමනය කරමු (දී)
ඔබට උතුම් වූ නිවන් සුව අත් වේවා (දී)
ගරුතර හාමුදුරුවනේ, බුදුන්ගේ නාමෙන් ධර්මයේ නාමෙන් දේශපාලනෙන් ඉවත් වෙන්න. අසෝබන විදියට උද්වේගයෙන් යම් යම් දේ කරනවට වැඩිය හාමුදුරුවරු වගේ ඉවසීමෙන් දෙයක් කරන්න. වෙනස් වීම වලක්වන්න බුදුන් වහන්සේවත් උස්සාහ කලේ නැහැ. රටේ රාජ්‍ය ආගම බුද්ධාගම වෙච්චි රටක හාමුදුරුවරු ගිනි තියාගන්නවා දකින්න අපි පව් කාරයෝ වෙලා. මේ හාමුදුරුවෝ නිවනේ සැනසේවා. (නි)
යහපත් චේතනාවෙන් කල වැඩක් බව පේනවා (දී)
සදාචාරය සමතනකම ගිලිහිලා...
සදාචාරයක් නැහැ දැන් .
ගව ඝාතනය වලක් වන්න සැවොම එකතු වෙන්න (දී)
මේවා පාප කර්ම (දී)
අහන්නත් ඕන ප්‍රශ්නයක්ද, ලුම්බිණි? තල්ලු කරගෙන යන්න පෙට්ටියේ රෝද නැති නිසයි උස්සාගෙන යන්නේ. (ස)
කවුද මේකට වග කියන්න ඕනේ
නිවන් සුව ලැබේවා ! (ස)
කනගාටු දායක පුවතක් (දී)
ඔබ ඔබ ගැනම විශ්වාස තබන්න. කාගේවත් බලපෑම් උඩ හෝ කාටවත් දනවන්න ජීවිතේ විනාස කරගන්න එපා. ජීවතේ විනාස කරගැනීම මහා පාපයක්. (ස)
මිනිස්සු නම් ගොඩාක් කම්පා උනා
යලි යලිත් මේ රටේම ඉපදී සාසනය වෙනුවෙන් කටුතු කිරීමට ලැබීවා (දී)
හිමියනි, ඔබට නිවන් සුව! (ස)
මේ ප්‍රශ්නය ප්‍රාදේශීය සභාවත් එක්ක විසදා ගන්න තිබ්බා
හාමුදුරුවනේ මේක දේශපාලන ප්‍රශ්නයක්
ඔබ වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා!! ඉන්ද්‍රරතන හිමියන්ට කරන ගෞරවයක් වශයෙන්, කරුණාකර අහිංසක සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් වලකින්න. ශ්‍රී ලංකාවෙන් ගව ගාතනය තුරන් කිරීමට පියවර ගැනීම සිංහල බෞද්ධයන් වන අපගේ යුතුකමක් ලෙස සිතන්න. (ස)
ගිනි තිබ්බද තියා ගත්තාද
හිමියන්ට කරන ගෞරවයක් වශයෙන්, කරුණාකර අහිංසක සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් වලකින්න. (ස)
මුලින්ම කියන්නම් අපවත් වූ හාමුදුරුවන්ට අපහාසයක් කරන්න නෙමේ මේක ලියන්නේ. අපේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා තම පණ තමන් විසින් නහ ගන්නවා කියන්නේ ආනන්තරීය පාප කර්මයක් කියලා. නූගත් කෙනෙක් මේ වගේ දෙයක් කර ගත්තා නම් අපිට කරබාගෙන ඉන්න තිබුනා. ඒත් නිතර බණ අහන බණ දේශනා කරන උගත් හාමුදුරුනමකගේ මෙවැනි සියදිවි නසාගැනීමක් බෞද්ධයෙක් හැටියට මම අනුමත කරන්නේ නැහැ (නි)
දිවි නහගන්නවට වඩා වෙනත් විසදුමක් සොයන්න තිබුනා. මොකද? හාමුදුරුවෝ අපවත් වුණුබව හරක් දන්නේ නෑනේ. මස් කන අය මෙය නවත්වන්නේ නෑනේ. පුළුවන් විදියට බන කියල මිනිසුන් මස් කන එක වලක්කන්න වැඩ කරන්න තිබුනා. මේ රටේ ප්‍රගමනයට විතරක් නෙමේ තව ගොඩක් අපරාද වලක්වන්න තියෙනවා. (ස)
දැන් හාමුදුරුවන් ව විකුණන මිනිස්සුන්ට තව ටික දවසකින් හැම ඒකම අමතකයි. හරක් විතරක් ද? තිරිසන් සත්තු මරන උන්, මස් විකුණන උන් , මස් කන උන් තමයි නියම තිරිසන්නු. හෘද සාක්ෂියට අනුව කුණු මස් කන ඔබ නිවැරදි දැයි සිතන්න. වීර හිමියනි ඔබට නිවන්සුව නියතයි.(ස)
ජීවිතයක වටිනාකම දැන ගන්න
කව්රු මොනදේ කිවුවත් අද මෙහෙම හරි සම්ම්බුද්ධ ශාසනය රැකිලා තියෙන්නේ එදත් අදත් මේවගේ ජීවිත පුජ කරපු කහ සිවුර අඳින ස්වාමීන් වහන්සේලා නිසා නැත්නම් අද ලංකාවත් එක්තරා බංගලාදේශයක් නැත්නම් ඉන්දුනිසියාවක් තමා, ඒටික නොතේරෙන තවත් බෞද්දයෝ කොටසක් තාමත් ඉන්නවනේ. (ස)
ඔබ වහන්සේගේ එඩිතරකම ලෝකෙටම ආදර්ශයක්. (ස)
ඉන්ද්‍රරතන හාමුදුරුවනේ ඔබට නිවන් සුව ! (ස)
අපේ හාමුදුරුවන්ට අජරාමර නිවන්සුව ලැබේවා. (ස)
හාමුදුරුවන්ට නිවන් සුව පතන්නවා. ඒත් මේ ක්‍රියාව අනුමත කරන්න එපා. (දී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
මීට දැන් ඇති හොදම පිළියම හරක් ඇමති කෙනෙක් පත් කිරීමයි (නි)
අද දවසත් එක්ක ඔන්න වෙසක් මාසේ ඉවරයි. අද දවසෙත් ලංකාවේ ගොඩක් මස් කඩ ඇරලා තිබුනා. අර අසරණ බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ව ජිවිතෙන් වන්දි ගෙවන්න සිදු වුණා. ලබන මාසේ පොසොන්. බලමු මොනවද වෙන්නේ කියලා. (නි)
මම දන්නා තරමට නිවන් යන්න පුළුවන් නුවණ දියුණු කරපු අයට විතරයි. (ස)
ශෝකජනක අවස්ථාවක්. ඒ වගේම මේ වගේ සිදූවීම් බෞද්ධ රටක් හැටියට ලංකාව තුල සිදුනොවීමට රටපාලනය කරන්නන් දැනගත යුතුයි. සියදිවි නසාගැනීම්, ප්‍රාණඝාත අකුසල් රටෙන් තුරන් කිරීමට අපි උත්සාහ ගනිමු. (නි)
නිරායුධව යුද වැදිලා කළා සසර තරණය. නිවන් දකිත්වා! (නි)
ඉන්ද්‍රරතන හිමියන්ට කරන ගෞරවයක් වශයෙන්, කරුණාකර අහිංසක සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් වලකින්න. උන් වහන්සේට නිවන් සුව ලැබේවා ! (ස)
කනගාටු දායක පුවත් වලින් එකක්
ඔබ මුළු රටම අවදි කර රට ජාතිය ආගම වෙනුවෙන් දිවිපිදුවා....අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා. (ස)
සිරි ලාල් ඔයා කියන විදියට ගවයන් ඇති කිරීම නැවැත්තුවොත් අනාගතේ බලාගන්න දෙන්නේ කාටද ?
මේ වගේ තනිකර හැඟීම් වලට විතරක් වහල් වෙච්ච මිනිස්සු ඉන්නකම් මේ රටවල් හදන්න බැහැ. (ස)
ජිවිත දානය වටිනවා
ඇයි මේ හාමුදුරුවරු පෙට්ටිය උස්සාගෙන යන්නේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔබට නිවන් සුව හිමයනේ (අ)
දැන් එතකොට හරක් මරණ එක විතරද පව්? මේ රටේ නිරපරදේ මිනිස්සු කොයි තරම් මැරෙනවද? ඊට වැඩ කොයි තරම් අය මැරි මැරි උපදිනවද ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව. ඒ ය වෙනුවෙන් ගිනි තියාගන්න කව්රුත් නැද්ද? (ස)
සැබෑ බෞද්ධයෝ නම් ගව ගාතනය නතර කිරීමට නොව ගව මස් නොකා ඉන්න අධිෂ්ඨාන කරමු. (නි)
මනෝහරන් ඔය කියන අතීතයේ පණ්ඩිතයා කවුද ? (ස)
අපරාදේ ජිවිතයක්
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
නිවන්සුව පතමි. සියල්ල දුකකි. එහෙත් අපේ ජාතිය අවදි කරන්න ඔබ වහන්සේ ගත්ත උත්සාහය අගය කරමි. (ස)
අපේ රටෙය් මිනිස්සු තනිකර කරන්නේ පිස්සුෙ.. (ස)