IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගිනි සිළුවෙන් අලි පැටියෙක් එයි

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ  මහනුවර  කුණ්ඩසාල ආසනයේ  පරාජිත  අපේක්ෂක හා හිටපු සංවිධායක දේශිය වෛද්‍යය ඒ ජී හේරත් බංඩා  මහතා පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික සංවිධානයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී  මහ ලේකම්  තිස්ස අත්තනායක මහතාගේ අතින් අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

2013 මෙවර පළාත් සභා මැතිවරණයේදී මධ්‍යම පළාතේ කුණ්ඩසාලේ  ආසනයට ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයෙන් තරග වැදී ඔහු පරාජයට පත්විය.

පක්ෂයේ නම ප්‍රජාතන්ත්‍රවාදී වුවත් එහි නායකත්වයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක්  නොමැති  බවත් හැකි නම්  කුණ්ඩසාලේ ආසනයට ඇවිත්  සාමාජිකයින් 500 ක් කැඳවා රැස්වීමක් පවත්වන ලෙසත්  ඔහු පක්ෂ නායකත්වයට අභියෝග කළේය.

 

 



අදහස් (0)

ගිනි සිළුවෙන් අලි පැටියෙක් එයි

සැමුවෙල් Wednesday, 23 October 2013 08:29 AM

මොකද මේ රනිල් මහත්තයාගේ ෆොටෝ එක විතරක් වර්ණවත්? (නි)

:       0       0

සුමිත් Tuesday, 22 October 2013 08:10 PM

ඔය පින්තුර වල ඉන්න කට්ටියටත් කලකිරිලා මුණු දැක්කම ඒක පෙනෙනවා ......පක්ෂයේ මහා ලේකම් තුමත් ......අනේ අපොයි.(නදී)

:       0       0

ගුණේ Wednesday, 23 October 2013 08:54 AM

යූඑන්පී පාක්ෂිකයන්ගේ හා පක්ෂ ප්‍රබලයන්ගේ වෙලාව හොඳයි. නායකයෙක් නැතුව නන්නත්තාර වෙලා හිටපු වෙලාවේ මෙතුමාගේ පැමිණීම ලොකු ජයග්‍රහණයක්. රවී කරුණානායක කියපු විදියට නායකත්ව මණ්ඩලයට අලි කකුල් හතර හරි. (ස)

:       0       0

මිගිද Tuesday, 22 October 2013 08:35 PM

බල තණ්හාවට ඡන්දෙ ඉල්ලලා පැරදුනා. ඒකට උපවාස කරාම පක්ෂයෙන් තහනම් කරා. ජෙනරාල් ෆොන්සේකාට ගැලපෙන්නේ නැහැ මේවගේ රටේ වේද්දු(නදී)

:       0       0

සීල Tuesday, 22 October 2013 08:47 PM

මේ වෙද මහතා උපවාසයක් කලා මනාපේ ඡන්ද ගණන් කලා වැරදියි කියලා. ඒක කියන්න තිබුනේ මැතිවරණ කොමසුරන්ට, පක්ෂෙට නොවේ.මේකෙන් තේරෙනවා මේ මනුස්සයා 'රටේ වෙදෙක්' බව. ඒකෙන් උනේ එයා හිටපු පක්ෂේ සුද්ද උන එක විතරයි. බොහොම හොදයි වේද මහත්තයෝ.(නදී)

:       0       0

දයා අලහකෝන් Wednesday, 23 October 2013 09:35 AM

නරියෙකුත් ඔහොම කීවලු පෙර දවසක. (ස)

:       0       0

ෆාරු Wednesday, 23 October 2013 09:42 AM

දයාසිරිව තරුවක් කළේ අපිමයි. (නි)

:       0       0

සනත් Tuesday, 22 October 2013 09:18 PM

ඇති යන්තම්. ඔන්න එ.ජා.පෙ. අද ඉඳලා ජය මාවතට පිවිසුනා.මේ තරම් කාලයක් පරදින්න හේතුව මේ වගේ ප්‍රබල ගිනි සිළුවක් පක්ෂයේ නොතිබුන නිසානේ. (නි)

:       0       0

කුසුම් Tuesday, 22 October 2013 09:23 PM

අත්තෙන් අත්තට පනින කුරුල්ලා.... අල්ලට වැටෙද්දී චොහොර කුරුල්ලා.... තමයි ඉතින්. (නි)

:       0       0

සනත් - ඇෆ්ඝනිස්ටනය. Wednesday, 23 October 2013 09:56 AM

එ .ජා ප. යත් දැන් අනිත් පක්ෂ වල අය ගන්න පටන් අරගෙන වගේ. (ස)

:       0       0

සාන්ත Wednesday, 23 October 2013 10:15 AM

පරාද වුන කෙනෙක් නම් යු එන් පී එකට ගන්නම ඕන... (ස)

:       0       0

නිමල් Tuesday, 22 October 2013 10:16 PM

ප්‍රතිපතියක් නැති මිනිසුන්ට ඡන්දෙ ඉල්ලන දුන්නේ ඇයි? ජෙනරාල් සරත් ෆොන්සේකා කියන්නේ ප්‍රායෝගිකව වැඩ පෙන්වූ කෙනෙක්. මුළු ලංකාවම දන්නවා එතුමාගේ දක්ෂතා (නි)

:       0       0

මායා Tuesday, 22 October 2013 10:19 PM

මහනුවරටත් ලැජ්ජා කරනවා. අහෝ දුකකි! (නි)

:       0       0

නුවන් Wednesday, 23 October 2013 10:31 AM

දිනන්න ඕනෑ නම් දිනන්න පුළුවන් පැත්තකට යන්න ඕනෑ. (නි)

:       0       0

ආනන්ද Tuesday, 22 October 2013 10:28 PM

අනේ පවු. අලියට ගිය කලක්! (නි)

:       0       0

දොඩන්ගොඩ Tuesday, 22 October 2013 10:30 PM

සරත් ෆොන්සේකාගේ පක්ෂය තුලත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. කොහොමත් ලංකාවේ 3 වන පක්ෂයකට ඉඩක් නැහැ (නි)

:       0       0

නන්දන Wednesday, 23 October 2013 10:52 AM

මේ වගේ දේවල් වල තේරුමක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

රනී Tuesday, 22 October 2013 11:33 PM

හොඳ හස්තිරාජයෙක් තමයි දයාසිරි (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 23 October 2013 12:13 PM

අනේ අපේ විපක්ෂයට ‍ගිය කල? (නි)

:       0       0

එදිරිසිංහ Wednesday, 23 October 2013 01:35 AM

සාකච්ඡා වට කීයක් කළාද දැන්? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 23 October 2013 02:29 AM

දිනුවානම් මල්මාලා බදින්නේ.... පැරදුනහම හොටු සෙම පෙරමින්නේ.... අනේ මෙහම අය මොකටද ගන්නේ.... ඔවුන්ගේ හැටි වෙද නලාව දන්නේ.... (නි)

:       0       0

සුදත් Wednesday, 23 October 2013 02:55 AM

මේ අයම නේද සරත් ෆොන්සේකා දිනවන්න හැදුවේ.ඇයි එයා හොද නැද්ද දැන්? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 22 October 2013 06:40 PM

පුළුවන් නම් දිනලත් පෙන්වන්න (නි)

:       0       0

දහම් Wednesday, 23 October 2013 04:07 AM

මේක හරක් වැඩක් ද අලි වැඩක්ද (අ)

:       0       0

කුමාරණ Tuesday, 22 October 2013 06:46 PM

ෆොන්සේකා මහතාණනි අඩුම තරමේ සීරුවෙන් හිට ගන්නවත් පුළුවන් අයට වගකීම් භාරදෙන්න.(නදී)

:       0       0

මානෙල් Wednesday, 23 October 2013 04:40 AM

මේ වගේ අඳ බාලයන්, ජෙනරාල් තුමාට ගැලපෙන්නේ නැහැ. මුණ බැලුවම පේනවා. ගිය එකමයි හොඳ. මට දුක යුඑන්පි එක ගැනයි. දක්ෂ අලි පක්ෂෙන් යනවා බුරුවො ඇතුලට එනවා. (අ)

:       0       0

අමිල කටුනායක Tuesday, 22 October 2013 06:49 PM

අලියා නොකන දැල්ලක් ඇවිල්ලා (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 23 October 2013 05:15 AM

මම හිතනවා ෆොන්සේකා මහතා මෙයා ගිය එක ගැන සතුටු විය යුතුයි කියා. අනික එක්සත් ජාතික පක්ෂය මෙවැනි අය මල් මාලා දමා පිළිගතයුතු නැහැ කියන එකයි මගේ අදහස. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 22 October 2013 06:55 PM

ඔයාලත් එක්ක ගිහිල්ල නම් මේ කපේට දිනන්නේ නැහැ. නායකත්වයේ වෙනස එන කන් ඉම්මු.(නදී)

:       0       0

සත්‍යා Wednesday, 23 October 2013 05:25 AM

දී ඇති පාඨක ප්‍රතිචාර දෙස බලනකොට යු එන් පී එකට වඩා අනාගතයක් සරත් ෆොන්සේකා ගේ පක්ෂයට තිබෙන්න පුළුවන් කියන හැඟීමක් ඇතිවෙනවා. ඒක හරි හැටියට කළමනාකරණය කරගන්න සරත් ෆොන්සේකා උනන්දු වෙන්න ඕනෑ. (නි)

:       0       0

ඉන්දික ක්‍රිෂාන්ත Tuesday, 22 October 2013 07:05 PM

පුළුවන් නම් දයාසිරි නැවත අරගෙන පෙන්නන්න (නි)

:       0       0

රනේ Tuesday, 22 October 2013 07:07 PM

කබලෙන් ලිපට ?(නදී)

:       0       0

බංඩා Tuesday, 22 October 2013 07:08 PM

තමුන් කැහි ගැනී දීල හොටු ගැනී අරන් වගේ (නදී)....

:       0       0

මධු Wednesday, 23 October 2013 01:24 PM

අපේ අහවලා හලාල් වලට පක්ෂව කතා කරන නිසා දැන් මගේ මනාපය නැහැ. (නි)

:       0       0

ගුණරත්න Wednesday, 23 October 2013 06:16 AM

හැමදම පරදින නිසා දැන් පැරදුන අයට එන්න තියෙන්නේ මෙහෙට තමා. (නි)

:       0       0

කුමාරී වල්ගම්පාය Tuesday, 22 October 2013 07:33 PM

මේ වාගෙ විහිලු මහදැන මුත්තාගෙ පොතේවත් මම දැකල නෑ.(නදී)

:       0       0

කපිල Wednesday, 23 October 2013 07:15 AM

ටිකක් ඉන්නකෝ. ජනාධිපතිවරණය එනතුරු. (නි)

:       0       0

රණා Wednesday, 23 October 2013 07:38 AM

එක් කෙනෙක් හරි අලුතින් ආවා වුණත්, හැබැයි දවසකට 100ක්වත් පිට පනිනවා. (නි)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 22 October 2013 07:51 PM

අපරාදේ ජීවිත කාලේ..අපරා..දේ ජිවිත කාලේ ..(නදී)

:       0       0

ගුණේ Tuesday, 22 October 2013 07:52 PM

එනකොට ඔයාට ඡන්දය දීපු 500 අරගෙනද ආවේ?(නදී)

:       0       0

ඇඩෝනිස් Wednesday, 23 October 2013 08:15 AM

මේ ගැට වලට උත්තරීතර මණ්ඩලයවත් සජිත් හෝ කරුවත් අහුවෙන්න එපා. (නි)

:       0       0

තල්ප Tuesday, 22 October 2013 08:08 PM

අනේ අප්පෝ එක්සත් ජාතික පක්ෂය දැන් අලි එලවලා නරි ඇතුලට ගන්න කාලයක් ඇවිත් තියෙන්නේ .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site