ගීතයක පසු බිම් දර්ශන රූගත කිරීමට සීගිරිය කායන්වල වෑකන්දට අද උදේ තිරික්කලයක් රැගෙන එනු ලැබීය.
තවත් දෙදෙනකු සමග තිරික්කල දක්කන්නා තිරික්කලය වෑ කන්දේ දක්කාගෙන යද්දී කලබල වු ගොනා වැවට පැන්නේය.
තිරික්කලයේ සිටි තිදෙනාද වැවට වැටුණාහ.
තිරික්කලය සමග ගොනා උඩ එමින් යට යමින් සිටියදී වැවට බට ගැමියෝත් නළුවෝත් සෙසු අයත් ලණුව කපා ගොනා බේරා ගැනීමට පැය භාගයක් පමණ වෙහෙසුණහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගොනා හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්! ෂුවර් එකටම ඔය ගොනා නාට්‍යයේ තිරරචනයට කැමති නැතුව ඇති! (අ0
නළු නිළියන්ගේ විකාර දැකල සිය දිවි හානි කරගන්න හිතෙන්න ඇති. දුප්පත් ගොන්හාමි (අ)
ගොනාටත් වැවට බැහැලා පොඩි රංගනයක් කරන්න හිතෙන්න ඇති. (අ)
මොකක්ද මේ වැවට බැස්ස ගැමියෝ කියන්නේ. (නදී)
සින්දුව අහල පිස්සු හැදෙන්න ඇති. නැත්නම් මේ අපූරුවට ඉන්න ගොන් තඩියට එකපාර මොකද උනේ? (නදී)
ගොනාට වුනත් පෙරහුරුවක් දිය යුතුයි. ඌට තදවෙන්න ඇති. (ස)
මෙන්න ලංකාවේ අභිමානය, එන්න යාලුවේ අපි රෙඩ් ක්‍රොස් එකේ කොල්ලෝ ඔයාල තමා අපිට වටින්නේ. කරමු අපේ රට සුර පුරයක්. (නදී)
පසුබිම් ගීතය ගොනාට අල්ලන්න නැතිව ඇති. (ස)
ගොනාට හරියට සලකලා නැහැ, ජිවිතේට ගොනාගේ ඇඟට වතුර ටිකක් නොදමා දක්කන්න ඇති, වැවේ වතුර දැකපු ගමන් ගොනා කුලප්පු වුනා. (නදී)
මොන නවීන කරණය තිබුනත් ලංකාවේ තාමත් සත්තුන්ගෙන් වැඩ අරගෙන හම්බ කරනවා සතුන්ට හිරිහැර කරනවා . (නදී)
ටෙලි නාට්‍ය වසංගතයේ ප්‍රතිචාරයට ස්තුතීයි (නදී)
මම දන්නා තිරික්කල වලට වහලවල් නෑ.(නදී)
ගීතයක් නිර්මාණය කිරීමට අපුරු අදහසක් (නදී)
නළුවාගේ දර්ශනය ගොනා කලාවත්ද (අ)
සින්දුවේ ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ නේද? (නි)
සින්දුවේ නම මොකක්ද ද දන්නේ නෑ...
ඔයින් ගියා ඇති! (නදී)
පව් .... ගොනා ට ගොනා කියනවා... ගොන් වැඩය කල අයට ගොනා කියන්නේ නැතුව ..... පව් අනේ ....(නදී)
කිඹුලෙක්වත් හිටියා නම් තමා වැඩේ ඔයින් ගිය හොදටම ඇති.(නදී)
පවු අහිංසක සත්තු.ගොනා කොච්චර වෙලා තනියම දගලන්න ඇද්ද? (නි)
නළුවන්ගේ නිළියන්ගේ පිස්සු විකාර දැකලා ගොනා කුලප්පු වෙලා ඒවා බලාගෙන ඉන්න බැරි තැන වැවට පනින්න ඇති. (නි)
දැන් මේ තියෙන හරයක් නැති නවීන සිංදුවක්නේ කියන්න ඇත්තේ. ඒක අහගෙන අමාරුවෙන් යනවට වඩා වැවට පැනල මැරෙන එක සැපක් කියල ගොනාට හිතෙන්න ඇති. (නදී)
ගොන්නු ඔහොම තමා(නදී)
හැමෝම හිතට ගන්න , පළමුව ආරක්ෂාව කියලා. ඒ නිසා කරන කාරියට සරිලන උපාංග තියාගන්න. මෙතන පිහියක් හොයාගන්න කොපමණ කාලයක් ගතවුණාද? පළමුව ඒ ගැන හිතන්න. (නි)
දැන් තියන ගොඩක් සින්දු ගොනෙකුටවත් අහගෙන ඉන්න බැහැ. ගොනාට මැරෙන්න හිතෙන්න ඇති සමහරවිට .මටත් සමහර සින්දු ඇහුවම කළකිරීමක් ඇතිවෙනවා. ගොනා පවු. (නි)
ගොන්හාමි වැවෙන් ගොඩට ආවනෙ පණ පිටින් ඒ ඇති ..!! (ස)
අමර.., සාමා ආවේ නැද්ද..? විහිළුවක් කරේ හොදේ, මේ ඔයාගේ අදහසට මට හොදටම හිනා..!!(නදී)
මේ සිංදුවට වෙන හොද මාතෘකාවක් දාන්න පුළුවන් දැන් මේ සිද්ධිය නිසා (නි)
කොහොම හරි අහිංසක සතා බෙරුනනේ ඒ ඇති (අ)
ගොනාගේ වැඩේ නිසා සින්දුව ප්‍රසිද්ධ වෙයි වගේ (නි)
අහිංසක සතා වතුරේ දගලද්දී බොහොම අමාරුවෙන් පිරිමි තුන්දෙනෙක් වතුරට බැස්සා. කරත්තේ ගන්න නම් කට්ටිය ගියා. ඒ ඔක්කොම කලින්ම බැස්සා නම් අර ගොනා එච්චර වද විදින්නේ නැහැ. කොහොමත් දැන් තියන ගොඩක් සින්දු ගොනෙකුටවත් අහන් ඉන්න බැ කියල ගොනා නොකිය කියපු හැටි තමා මේ.(නදී)
දැන් තියෙන්නේ ඒ රූප රාමුවලට අලුත් සිංදුවක් ලියන්න.(නදී)
මේ වෙච්ච සිද්දිය විෂුවල් එකට දැම්ම නම් නියමෙට හරි සින්දුවට.(නදී)
කෙසේවෙතත් වලිගය උස්සාගෙන ඉන්න ගොන්හාමිත් හරිම ලස්සනයි (නි)
කාගෙද වන් ගොස්සා, සීගිරි වැවටම පැන්නා.(නදී)
ගොනෙක් කවදාවත් ගොන්නුන්ව පටවාගෙන කරත්තේ දක්කන්න කැමති නෑ...ඌට නැට්ටටම තද වෙන්න ඇති.....පව් අහිංසක ගොන්හාමි. (ස)
මොනවා උනත් අපේ ලංකාවේ මිනිසුන් හරිම දක්ෂයි. හැම දේටම උදව් කරුනවා. ඒ වගේම කරුණාවත් තියෙනවා. (නදී)
නළුවාගේ ගද ඉවසන්න බැරුව නාවන්න ගඟට දාලා.(නදී)
එක්කෝ ගොනාගේ නැටුමට සරිලන සංගීතය නොතිබීම එහෙමත් නැත්නම් මෙහි සම්පූර්ණ ගීතය රූගත කිරීම සඳහා අධ්‍යක්ෂකතුමා ඉතා සුළු ගානක් ගෙවන්න තිරික්කලයේ අයිතිකාරයට පොරොන්දු වෙන්න ඇති. කෝපයට පත් ගොනා ඔහුවත් මරාගෙන තමනුත් මැරෙන්න තීරණය කරලා ඇති? (නදී)
මොනවා උනත් අසරණ සතා බේරාගත්තු අයට ගොඩක් පින්සිද්ද වෙනවා(දිල්)
මිනිස්සු කියන්නේ උසස් මනසක් සහිත කියන එකත් එක කරුණක්. යම් කරුණක් සම්බන්දයෙන් පැතිකඩයන් විශාල සංක්‍යාවකින් දකින්න එයාල දක්ෂ වෙන්න ඕනා. සත්ව හිංසාව, යුග ගැලපුම ආදියත් ඒවා අතර තියෙනවා. (නදී)
දෙයියෝ සාක්කි (අ)
කාන්තාවෝ ඇඳගෙන හිටි ඇදුම් දැකලාවත් සතා කුලප්පු වුණාවද්ද? (නි)
හරිම හිනා යන සිද්ධියක් (නි)
ගොනාත් කරන්නේ ගොන් වැඩම තමා(නදී)
ඕවා හැමදාම වෙන සුළු අනතුරු (නදී)
ඔන්න මාමෙ ගොනා පැනපි! (අ)