රත්මලාන පෞද්ගලික බෙහෙත් ගබඩාවේ ගින්න නිවා දැමීමට පැය 9ක් පමණ ගතවිය.
උඩ තට්ටුව මුලින්ම ගිනි ගන්නවා දුටු බව මුරකරු පොලිසියට කියා ඇත.
රත්මලානේ පෞද්ගලික බෙහෙත් ගබඩාවක හටගත් ගින්න පැය පහක් යනතුරුත් නිවාගත නොහැකි වූ බවත් අවට පදිංචි දරුවන් ඇතුළු සංවේදී පුද්ගලයන්ට එම පෙදෙසින් ඉවත්වන ලෙස දෙහිවල නගර සභාව ශබ්ද විකාශන මගින් නිවේදනය කරයි.
ගබඩාවේ වහළ මුළුමනින්ම වාගේ පහත්වී ඇති අතර ගින්න නිවීමට එය බාධාවක් වී ඇති බවද ගුවන් හමුදා කඳවුරට ද දුම විහිදෙන බවද කියති.
කොළඹ, දෙහිවල, මොරටුව හා පානදුරේ සිට ගිනි නිවන රථ 11ක් ගින්න නිවීමට කැඳවා ඇත.
ජායාරූප - සිරිමහබෙල්ලන
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - එච්.එම්.ධර්මපාල
වීඩියෝ ළහිරු හර්ෂණ



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතියට ගබඩා නොකිරීම ,ගිනි නිවාරණ පද්ධති නොමැති කම හෝ නිසි නඩත්තුවක් නොමැති කම නිසා අක්‍රිය වීම අපේ ලංකාව ගොඩක් දියුනු නිසා ගබඩාවක් හෝ ආයතන ගිනි අරන් කෝටි ගනණින් පාඩු වුවට දන්නේ නැත.(බ)
ප්‍රවෘත්තිය බලලා විතරක් අදහස් දමන්න එපා සිද්ධිය ගැන අවබෝධයක් නැතුව. අපේ ගිනි භටයන්ගේ පුහුණුව ගැන කතාකරන්න (නි)
කාර්බෝඩ් විරයො කියාගන්නා කට්ටිය මෙතන අැවිල්ලා කෑගහන්නේ නැතුව ඉන්න. විෂ දුමට ගෑස් මාස්ක් නැති නිසා පැය 11 ගියාලු ගිනි නිවන්න. හැදෙන්න ඕනෑ තැන කතා කරන්නෙ නැතුව වටේට තඩි බානවා. මේගොල්ලන් වගේ කට්ටිය තමා දේශපාලනෙත් ඉන්නෙ. එ්කයි අපිත් දුක් විඳින්නෙ. (නි)
මම බලාගෙන ඉන්නේ කොහෙන්හරි මේකට මහින්දගේ නම ගෑවෙනකම්... (නි)
මේක රක්ෂණය ගන්න සිදුකළා වෙන්න බැරිද ?දෙහිවල පැත්තේ ෆාමසියකුත් පහුගිය කාලේ කවුද ගිනිතිබ්බා කියල චෝදනා කළා පසුව සොයාගත්තා එක අයිති කරුවන්ම කරපු එකක් කියල .දැන් දැන් ව්‍යාපාරිකයන් අධික ලාභ ගන්න කරන වැරදි වැඩියි (බ)
දැන් හරි. මීළඟට කියාවි ලංකාවේ බෙහෙත් ගබඩා කරනවට වඩා ඉන්දියාවේ ගබඩා පවත්වාගෙන යනඑක ලබදායකයි. එනිසා ඉන්දියන් බෙහෙත් පාවිච්චි කරන්න කියල? සබන් වලට උනෙත් ඔය වැඩේම තමයි? (ර)
පොලිසියේ තියෙන කැම්පස් ළමයින්ට වතුර ගහන වාහන ඔය වැඩේට ගන්න බැරිද.? (ර)
නිගමනය : එක්කො පුහුණුව මදි නැතිනම් ගිනි නිවිමෙ වාහන එහොලහක් මදි. (ර)
මේ රටේ පාවිච්චි කරන බෙහෙත් වැඩි ප්‍රමාණයක් ඉන්දියන් බෙහෙත් කියලා .(හේ)
අපේ ගිනි නිවන භටයන්ගේ උත්සාහය පැසසිය යුතුයි. එහෙත් ඔවුන්ට පුහුණුව සහ දැනුම මදි බව පෙනේ. වෙනත් රටවල ගිනි නිවීම සම්බන්ධව අවුරුදු දෙකක වැනි කාලයක් හමුදා පුහුණුව වගේ සහ පාටමාලවල් පවත්වයි. ඉදිරියේදී අවශ්‍ය සංවර්ධනයේදී මෙම හිදැස් අප හදා නොගත්තොත් අපට මේ ගමන යා නොහැකිය.(හේ)
කීබෝඩ් වීරයෝ ටික නිගමනවලටත් ඇවිල්ල හමාරයි ගින්න නිවෙන්නත් කලින්ම, සමහරු මේක දේශපාලනයට ගාවගෙන,බෙහෙත් ගබඩාවක් ගිනිගත්තාම එ්කට ළංවෙන්න අමාරුයි,විෂ දුම් පිට වෙන්න පුළුවන්, ගිනි භටයන්ට ගෑස් මාස්ක් එහෙමත් නැහැ පේන විදියටනම්, (බ)
සමහරවිට අදායම් බදු වලින් බේරෙන්න මේවගේ දේවල් වෙන්න පුළුවන් (බ)
මොහොමඩ් පාසිල් ඔබ පුහුණුව පිළිබද කියපු දේ හරි. මොකද මැදපෙරදිග ඉන්න අපි දැකල තියෙනවා මහා විශාල පරිමාණයේ ගිනි ගැනීම්.එ්ත් මෙතරම් වාහන ප්‍රමාණයක් එන්නේ නැති තරම්.ඒ නිලධාරීන් ඉතාමත් හොදින් ආරක්ෂාකාරීව ඔවුන්ගේ කර්තව්‍ය ඉටුකරනවා. මම අපේ රට ගැන වරදක් කියන්නේ නෑ (බ)