වසර දෙකක් තිස්සේ යතුරුපැදි සොරකම් කර ඇංජිම හා චැසිය හැර සෙසු කොටස් ගලවා අමතර කොටස්වලට විකුණූ බව කියන තිදෙනෙක් පානදුරේ දී අද අත්අඩංගුවට ගනු ලැබූහ.
විදුහල්පතිවරයකුගේ පුතකු ද මේ අතර සිටින බව පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ 50ක යතුරු පැදි මොවුන් විසින් සොරකම් කරන ලදැයි ද, දෙදෙනාම සල්ලාලකමට ඇබ්බැහි වූ බවට තොරතුරු ඇතැයි ද පොලිසිය පවසයි.
යතුරුපැදිවල ඇංජිත් හා චැසි කහතුඩුවහා අවට පෙදෙස්හි ගංගා ඇල දොලවලට දමා ඇති බව ද, එක් ඇලකින් යතුරු පැදි තුනක ඇංජින් සොයා ගත් බව ද පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ගුරුවරු මම දැකලා තිබෙනවා තමගේ පන්ති වල ඉන්න සිසුන්ට දක්වන අවධානය තමන්ගේ දරුවන්ට නැහැ. මේ විදුහල්පතිත් තමන්ගේ පුතා ගැන සෙවිල්ලක් නැතිව රාජකාරියේ යෙදිලා ඉන්න ඇති. (ර)