කොළඹ මහ නගර සභාවේ ගිනි නීවීම් සේවා හා ජීවීත ගලවා ගැනීමේ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කැරැණු ‘ගිනි නිවීමේ සතියට‘ සමගාමීව රාජ්‍ය ආයතන හා පෞද්ගලික කාර්යාල සේවකයින් දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික පුහුණුවක් කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිට අද පැවැත්විණි.
රාජකාරී ස්ථානයකදි හදිසියේ සිදුවන ගිනි ගැනීමක් නිවා දැමීමට ගත යුතු ක්‍රියා මාර්ග ,ගින්නෙන් ජීවීත ගලවා ගැනීමට භාවිතා කළ යුතු ක්‍රම වේද මෙන්ම ගිනි නීවීමේ උපකරණ භාවිතය පිළිබඳව මෙහිදී ගිනි නිවීමේ නිලධාරීන් විසින් කාර්යාල සේවකයින් දැනුම්වත් කරන ලදී.
ලෝක වෙළද මධ්‍යස්ථානය අවට බැංකු ,රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන කිහිපයකම සේවකයෝ එම පුහුණුව ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වසර 25/30 කට පමණ පෙර වොක්ෂෝල් වීදියේ සතොස මෝටර්ස් හිදී ගිනි නිවීමේ පෙරහුරුවක් පැවැත්වුවා. ටයර් ගොඩකට ගිනි තබා එය නිවීම කලයුතු අකාරය පෙන්වීම තමා එහි අරමුණ . නමුත් එන්ජින් තෙල් , ඩීසල් ආදිය වැටී ඇති තාර පොලව ගිනිගෙන හතර අතටම ගිනිදැල් වේගයෙන් පැතිරෙද්දී ගිනි නිවන හමුදාවේ අය තමන් අත තිබු සිලින්ඩර් වලින් ඒක නිවන්න අසාර්ථක උත්සාහයක් ගත්තා. හොද වෙලාවට වාහන සර්විස් කරන තැන හිටපු සේවකයා හයි ප්‍රෙෂර් වතුර අල්ලලා ඒක පාලනය කලා. ගිනි නිවන හමුදාව තමුන්ගේ බඩුත් අකුලාගෙන හිමින්ම මාරු උනා. අපේ ගිනි නිවීමේ පාඩමත් එතනින් ඉවරයි.(නදී)
ගිනි නිවන මිනිසුන්ගේ ප්‍රමාණය ගිනි තියන මිනිසුන්ගේ අනුපාතය ට සාපේක්ෂව ඉතාමත් සුළුයි.(බඩ) ගින්නට පිදුරු දමන අය ගේ සාර්ථකත්වය සංවර්ධනයේ දර්ශකාංශ වලින් පැහැදිලිව පේනවා. (දී)
ඉතාම හොද හරිම අගය යුතු කළ යුතු වැඩක්.(දිල්)
හොද වැඩක් . නමුත් හැමදාම ඇත්ත ගින්නකදී කවුරුත් නැහැ අවට මිනිසුන් එකතුවෙලා තමයි ගින්න නිවන්නේ. (අ)
ගිනි නිවනවාට වඩා,ගින්දර ඇති කිරීමේ වැඩේනම් ඉක්මනටම ඉගෙන ගනීවී නේද? (අ)
ඉතා හොද වැඩක් ! මෙහි ව්ඩියෝ එකක් ජනතාව පෙන්නන්න. ඒ විතර නොවේ පෙට්‍රෝල් ගින්නකට co2 සහ ජලය යෙදු විට ගින්න පැතිරෙන ආකාරයත් පෙන්නන්න (දී)
මම හිතුව බඩගින්න කියාලවත්ද.? (දී)