ඉන්දියාවට හොරෙන් රත්තරන් රැගෙන ගිය ශ්‍රී ලාංකික ගැහැණු තිදෙනකු බැංගලෝර් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව ඇතැයි චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියයි.
රත්තරන් ආභරණ කිලෝ 1.16කට අධික ප්‍රමාණයක් ඔවුන් ළඟ තිබී ඇත.
ඉන්දියාවට හොරෙන් රත්තරන් රැගෙන ගිය ශ්‍රී ලාංකික ගැහැණු තිදෙනකු බැංගලෝර් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව ඇතැයි චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියයි.
රත්තරන් ආභරණ කිලෝ 1.16කට අධික ප්‍රමාණයක් ඔවුන් ළඟ තිබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය ලංකාවේ රේගුවට අහු නො වී ගුවන් යානයට නැග්ගේ කොහොමද? මේකෙන් තේරෙන්නේ අල්ලන්ට ඕනා උනාම අල්ලනවා කියන එකද.? අපි රට යනකොට අපේ සාක්කුවේ පොඩි සල්ලියක් තිබුනොත් ඒකටත්, අපි ඉණේ බැඳගෙන යන පටියටත්, සපත්තුවේ තියෙන ගාන්චුවටත් කොළ එළිය පත්තුවෙලා "බික්" ගානවා. ඊට පස්සේ ඔක්කොම මිරිකා මිරිකා බලනවා. මේ වගේ රත්තරන් තොගයක් එහෙම "බික්" ගන්නේ නැතුව ගියේ කොහොමද අප්පා.? මේවා යනකොට "බික්" එක කැඩිලා තිබුනද දන්නේ නැහැ නේ? (ස)
අනේ ඇත්තට, කාන්තාවන්ටත් ගිය කලක්! (නි)
දොඩන්ගොඩ ආනන්ද ඔබ හරියටම හරි (දී)
අල්විස්, සමහරවිට මෙයාලා බස් හෝල්ට් එකේ ඉඳලා කෙලින්ම ගුවන් යානයට නගින්න ඇති.නැත්නම් අපේ රේගුවට අහුනොවී යන්න බැහැ කොහොමත් (නි)
ලංකාවේ රේගුවේ අවංක නිලදාරීන් මෙන්ම අවංක නොවන දවසට ලක්ෂ ගණනින් මුදල් හොයන රෙගු නිලදරින්ද ඉන්නවා . (දී)
ලංකාවේ නම කාල තමයි පස්ස බලන්නේ (දී)
ලාංකික කියල දානවට වඩා, අපිට දැනගන්න ජන වර්ගය දැම්මනම් හොඳයි. මට හරිම පුදුමයි ,අපි දන්න සිංහල ගැහැණු ඉන්දියාවට බිස්නස් කරන්න යන්නේ නැහැනේ.අනිත් කාරණේ, සිංහල අපි ළඟ ඔච්චර රත්තරන් නැහැනේ (දී)
මේ මිනිස්සු මොන ජන වර්ගයට අයත් උනත් කරන්නේ රස්සාවක්. එක හරි කියලා කියන්න උත්සාහ කරනවා නෙවෙයි. මේවා පිටිපස්සේ ඉන්නේ කළුකඩ ජාවාරම් කාර මාෆියා කාරයෝ. උන්ගේ සල්ලි වලට මොනවද කරන්න බැරි.? පහුගිය මාස කීපය තුල නිතරම මෙහෙම කට්ටිය අහුඋනා. ඒ හැම වෙලාවේදීම පහත තැනින් වතුර ගලා ගියා. උස තැනට කවුරුත් ගියේ නැහැ. කවදාවත් යන්නෙත් නැහැ කියල මට හිතෙනවා. (ස)
බලාගෙන යනවිට ලංකාව රං ආකරයක් (දී)
රේගු නිලධාරීන්ට මොකුත් කියන්න එපා. ඒ මිනිස්සු නොහිටින්න ලංකාව ඉවරයි (දී)
රේගු නිලධාරින් හොඳයි. මෙහෙම කට්ටිකට විතරක් යන්න දෙන්නේ නැත්නම් තවත් හොඳයි. (ස)