(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිලිමීටර් 9 වර්ගයේ විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක් එම ජීව උණ්ඩ 15ක් සහිත පතරොම් ගැබක් සමඟ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය,හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.
සැකකාර කාන්තාව පදිංචිව සිටි නිවසේ මේවා සුදු පැහැති උරයක බහා සඟවා තිබිණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් කාන්තාව මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සඟවා තබාගෙන සිටියේ කුමකටදැයි යන්න තවම හෙළි වී නොමැත.
සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සැකකාර කාන්තාව ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd