අනවසර ගිනි අවි එක් රැස් කිරීමේ වැඩ සටහන සාර්ථකව ක්‍රියාත්මක වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කියයි.
මැයි හය වැනි දා දක්වා ක්‍රියාත්මක එම වැඩ සහටන සඳහා පූර්ණ සහාය ලබා දෙන ලෙස ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
‘ත්‍රස්තවාදය පරාජය කොට රණවිරුවන් දිනා දුන් සාමකාමී දේශය තවදුරටත් බියෙන් සැකෙන් තොරව යහපැවැත්මෙන් පවත්වාගෙන යාමට අනවසර ගිනි අවි පාලනය කළ යුතුයි. පසුගිය කාලයේ වරින් වර රටේ ජනතාව පීඩාවට පත්කළ සිදුවීම් සහමුලින්ම පාලනය කිරීම රජයේ අරමුණයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සඳහා වෙන්කර තිබෙන කාලසීමාවෙන් පසුව රටපුරා අනවසර ගිනිඅවි අතදරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන අතර, රාජ්‍ය බුද්ධි අංශ සහ ජනතාවගෙන් ලැබෙන තොරතුරු උපයෝගී කරගනිමින් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය එම වැටලීම් වලට ඉදිරියේදී සක්‍රියව සම්බන්ධ කර ගන්නවා.‘‘
2016 මැයි මස 06 දින දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථාන වෙත අනවසර ගිනිඅවි භාරදීම සිදුකළ හැකි අතර ඒ සඳහා රජයෙන් ගෙවීමක් ද සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකද කොටියොත් ආයුද බාර දුන්නනේ (බ)
අනේ අම්මපා රටකට ගිය කලක්....(හේ)
පහත සඳහන් ගිනි අවි වලට ගෙවන මුදල දැනගන්න කැමතියි. ටී 56 ගිනි අවි සඳහා, ඒ.කේ. 47 ගිනි අවි සඳහා... ගෙවීම හොඳ නම් හොර අවි ගලාගෙන එ්වි. (නි)