අසල්වැසියකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළැයි කියන පුද්ගලයකුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් දෙදාහේ හොර නෝට්ටු අටක් සොයා ගත් බව කහතුඩුව පොලීසිය කියයි.
හෝමාගම මාගම්මන පදිංචි ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු ළග තිබු බඩු බාහිර පොලිස් භාරයට ගනිද්දී ඔහුගේ මුදල් පසුම්බියේ රුපියල් විසිදාස් පන්සීයක් විය. ඒ අතර දෙදාහේ හොර නෝට්ටු අටක් ද තිබු බවද පොලිසිය කියයි.
තමාට එම නෝට්ටු ලැබුණේ කොට්ටාවේ පුද්ගලයකුගෙන් බවද ඔහු පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල බීඩියක් සොයගත්තත් පත්තරේට පොටෝ එක දාගන්න දඟලනවා. හරිම බොළඳ මිනිස්සු.(නදී)
දැන් හැමදාම හොර නෝට්ටු අහුවෙනවනේ. හරිම භයානකයි. අධිවේගී මාර්ගයට නම් මිනිස්සු යන්නෙම හොර නෝට්ටු අරන්. මහ බැංකුව මොකුත් නොකලොත් නම් අර බැංකු ටෙලර් යන්ත්‍ර වගේ නෝට්ටු චෙක් කරන යන්ත්‍ර හැමතැනම දාන්න වෙයි.(නදී)
එතකොට ගිනි අවිය හොර එකක්ද? නිත්‍යානුකූල එකක්ද? (නි)
එක පොලිස් නිලධාරියෙක් අමුතු විදියට ඉන්නේ මොකද?(නදී)
අයියෝ සල්ලි! (නි)
එක වරදක් කරලා අහුවෙලා,දැන් වරදවල් කිහිපයකට වැරදීකරු වෙලා. ඒ කියන්නේ මොහු ගාව සහ තව ගෙදර පරික්ෂා කළහොත් තව තව දේවල් සොයා ගන්න පුළුවන් වේවි නේද? (නි)