(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශ්‍රාම ගිය සහ සේවය හැර ගිය ගුරුවරුන් පළාත් පාසල්වලට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ වසරට වෙන්කළ මුදල් පළාත් සභාවල පවතින හෙයින් ඒ පිරිස බඳවා ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව පළාත් සභාවලට දැනුම්දෙන බවද සඳහන් කළේය.
මෙලෙස බඳවාගැනීම් කළහොත් ගුරු ඌනතාවය යම් ප්‍රමාණයකට මගහරවා ගත හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා කීවේය.
මේ සියලු දෙනා බඳවාගත් පසුද තවත් 26000ක පුරප්පාඩු බව පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා අධිකරණ නියෝගය නොතිබුණේ නම් සියලු දෙනා බඳවාගෙන අවසන් කළ හැකිව තිබූ බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර එලවපු ඔබලා වගේ අය යන්නැති නිසා තමයි නිදහසේ ගෙදර ගියපු මිනිස්සුන්ටත් එන්න වෙලා තියෙන්නේ...!
සේවය හැරයාම කියන්නේ වගකීමක්... පැවරීමට නුසුදුසු කමක් කියලා මතක් කරන්න අවශ්‍ය නැහැ. එනිසා විශ්‍රාමගිය අය බඳවා ගත්තාට සේවය හැරගිය අයට අවස්ථාව දීම සුදුසු නැහැ...
ගොන් වැඩ, රට රැකියා නැති උපාධිධාරීන් කුලී වැඩ කරනවා. පෙන්ෂන් ගිය අය සේවයට හොයන්න ඇමැති කෙනෙක්...
ආර්තික ගැටලු තිබෙන මේ වෙලාවේ මේක කොච්චර සහනයක්ද? දෙපැත්තටම...
19/20 විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම වසර 5ක් ප්‍රමාදයි... ඉතින් පුරප්පාඩු පිරෙන්නේ කොහොමද? බඳවා ගැනීම් කඩිනම් කරන්න...
ඇමැතිතුමා, අමුඩෙ තියනවා කියලා සරම ගලවලා දාන්න එපා... අනවශ්‍ය ගුරුවරුන් රාශියක් දුවන්නම් වාලේ ගුරුකමට බඳවාගෙන ඔවුන්ගෙන් නියමිත ආකාරයට වැඩ කරවා ගැනීමට නොහැකි බව දැනදැනත් තවත් ගුරුවරියන් 35000ක් බඳවාගෙන මහජනතාව හූරලා මිරිකලා ගන්න බදුමුදල්වලින් ඔවුන් සප්පායම් කරන එකද එකම බලාපොරොත්තුව...! බොරු වැඩ කරන්නේ නැතිව දැනට දෙපාර්තමේන්තුවේ සිටින ගුරුවරු 250000 ළමයි 4000000ට අනුපාතිකව බෙදා හැරලා ළමයින්ගේ අධ්‍යාපන කටයුතු නියම විදිහට කරවීමේ වැඩ සැලපැස්මක් හදන්න. නැතිව බහුබූත නටලා අධ්‍යාපනය හදන්න බැරිබව ආචාර්ය උපාධියක් ඇති අය ඔලුවෙන් කල්පනා කර බලන්න.
ඒක හොඳ විසඳුමක් වේවි...!
මට දැන් වයස අවුරුදු 36 යි. පසුගිය ගුරු විභාගයට පෙනී සිටීමට තිබියදී එය නැවැතුණා. දැන් අවුරුදු 35ට අඩු අය ගත්තොත් අපිට මොකද වෙන්නේ..?
ඒක ගොඩක් හොඳයි... දරුවන්ට සාර්ථකව උගන්වයි.