මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නියම නායකයෙකු නම් එකම වේදිකාවට ගොඩවී පාක්ෂිකයන්ට ශක්තිය දිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද(18) ඩාර්ලි පාරේ නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ හැටියට අපේ පුර්ණ සහයෝගය පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැලියටයි. අපි නිදහස් පක්ෂයේ තරුණයන්ට ආරාධනා කරනවා ගාල්ල සමනල ක්‍රීඩාගණයට පැමිණෙන්න කියා. විවිධ පටු ආකල්ප හා බලය රැක ගැනීම සඳහා විවිධ පුද්ගලයින් ගේ මැයි රැලිවලට යන්න එපා, අපේ පක්ෂයේ නංගිලා මල්ලිලාට කියන්නේ විවිධ කණ්ඩායම් වලට බෙදී දේශපාලන වශයෙන් අනාථයෝ වෙන්න එපා.‘ යැයිද කී ඔහු මඟුල් ගෙදර අයට මඟුල් කියන්න පමාවීම ප්‍රශ්නයක් නැතිබව ද කීවේය.
පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ එක දවසේ මගුල් ගෙවල් කිහිපයකට යා නොහැකි බවත් තමාට ආරාධනා ලැබුණු ඒකාබද්ධ විපක්ෂයේ මගුල් ගෙදරට යන බවත්ය. එසේම අද ඔහුට ෆැක්ස් මගින් හා ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වන ලෙස ආරාධනා යවා ඇති බවත් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ට හැමදාම මගුල්. අපිට අවමගුල්. (බ)
මෙයා මොනවද ජනාධිපතිවරණය කාලේ කිව්වේ ? නියම ශ්‍රීලනිප පාක්ෂිකයෝ දන්නවා මොකද වෙන්නේ කියල ? මෙයාල හදන්නේ එජාප උගුලට හසුවෙලා පක්ෂය නැතිකරන්න. මහා මැතිවරණයේදී අසුවුන අසුවිල්ල නැවත අසුවෙන්නේ නෑ (බ)
කමක් නෑ ඒත් ඔබ (බ)
කමක් නෑ , එ්ත් ඉක්මනට හරියට පිලයි වංශයයි තෝරා බේරා ගන්න හදුනාගන්න , එහෙම නොවුනොත්? (බ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයෝ කවදත් තම නායකයා හැටියට පිළිගන්නේ මහින්ද ජනාධිපති තුමා පමණි (බ)
හූවෙන් ප්‍රවේශම් වෙනු (බ)
මෙයාලට ඕනේ වෙලාවට එන්නෛ එපා වෙලාවට පැත්තක කරන්නි නෙමෙයි මහින්ද ඉන්නේ, මුන්ට වටින් නැති වුනාට මහින්ද අපිට වටිනවා. මොකටද මහින්ද ඉල්ලන්නේ ජනාධිපති ගෙනල්ල බලය පෙන්නන්නකො. (බ)
ඔබතුමාට ජය ශ්‍රී මැතිඳුනි! අපි අනිවාර්යයෙන්ම එනවා (නි)
එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන විදියට වැඩ කළේ මෛත්‍රී මැතිවරණ කාලේදී. මතක නෑ වගේ. (බ)
ඔබතුමන්ලා මොනව කිව්වත් ශ්‍රී.ල.නි.ප වත්මන් නායකතුමාව ජනාධිපති කළේ එ.ජා.පය ප්‍රමුඛ කණ්ඩායම. ඉතින් එතුමා ගේ පූර්ණ ආශිර්වාදය සහ සහයෝගය එ.ජා.පය ටයි. පසුගිය මහ මැතිවරනයේදී අප එය හොදින්ම දුටුවා. අද තිබෙන්නේ එ.ජාප. ආණ්ඩුවක්. තමුන්නාන්සේලා කරන්නෙ එම ආණ්ඩුවට සහාය දැක්වීමයි. ඒ නිසා නියම ශ්‍රීලංකා කාරයො කිසි කෙනෙක් ඔය කියන මැයි රැලියට එන්නෙ නැහැ. පක්ෂයක ප්‍රතිපත්ති තියෙන්නෙ පාටෙවත් ලකුණෙ වත් නෙවෙයි. පාක්ෂිකයන්ගෙ හදවත් තුලයි. (බ)
මෙන්න බයවෙලා. පොඩි ළමයි කඩේ යවනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා ඊයෙම කිව්වානේ ආරාධනා කරපු නැති නිසා විපක්ෂයේ ආරාධනාව පිලිගත්තා. ආයෙ ආරාධනා පිලිගන්න බැහැ ඒ නිසා කියලා.(බ)
දැන් ඉන්න මැති ඇමැතිවරුන්ට උවමනාවටත් වඩා මහින්ද ශක්තිය දී ඇත . ජනපතිගෙන් ශක්තිය ලබාගන්න (බ)
මේ වගේ හාල් කැලි වලට උත්තර දෙන්න ඕන නැහැ මෙයාලට ජන පදනමක් නැහැ .නිකන් ප්‍රසිද්ධියට කෑ ගහනවා. (බ)