ස්විට්සර්ලන්ත ‐ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි බව කියන ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත‍්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන පෙබරවාරි 10 වැනිදා ගොනු කරන්නැයි අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ පෙත්සම කැඳවිණි.
ගාල්ල කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතර දෙනෙක් විසින් මෙම පෙත්සම ගොනු කළහ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක , සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝය.
පෙත්සම්කරුවන් සිය පෙත්සමින් කියා සිටින්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිලාභීන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කළ හැකි ප‍්‍රතිපාදන ලබා දී නොමැති බවය. එසේ තිබියදී ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත් අගෝස්තු 17 වැනිදා පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ බවයි.
ද්විත්ව පුරවැසිලාභියකු බව කියන මන්ත‍්‍රීවරියට එම ධූරයේ කටයුතු කළ නොහැකි බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
එසේම වගඋත්තරකාර ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය තමන් ද්විත්ව පුරවැසිලාභියකු බවට ඉකුත් වසරේ ඉංග‍්‍රීසි පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කර ඇති බවත්ය. එසේ තිබියදී ඇය අදාළ මන්ත‍්‍රී ධූරයේ කටයුතු කිරීම නීති විරෝධී බවත් ,එබැවින් ඇය එම ධූරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලනයට අනවශ්‍ය චරිත (බ)
යහපාලනය යටතේ පැරදුන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දුන්නා නම්, ද්විත්ව පුරවැසිකම මන්ත්‍රීකමට බාධාවක් නොවේ. මන්ද මහජන ඡන්දයෙන් ඡන්ද ලබා දිනා ඇති නිසා (නි)
ඕක පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා රටම දන්නවා. (ර)
රොක්සි, ඔබ කියනා පරිදි ගීතා පමණක් නොව තව බොහෝ දෙනෙකු කලක සිට පාර්ලිමේන්තුවේ මැති ඇමතිකම් සහ මන්ත්‍රී ධූර දරන්න සුදුසු අය නොවේ. එහෙත් අපේ අවාසනාවට එවැනි අය අද පාර්ලිමේන්තුවේ (නි)
ප්‍රියාන් - පිටි පස්සේ ඉන්නේ හා ඉස්සරහ ඉන්නේ කවුද කියන එක වැදගත් නැහැ, නීතිය ඉදිරියේ දී තමන් නිවැරදි නම් එච්චරයි. (අ)
ගීතාට අඩුතරමින් රඟපාන්නවත් පුළුවන්. දියවන්නාවේ සමහරුන්ට පුළුවන් මොනවාද? (නි)
රොක්සි, මමත් ඔබ සමඟ එකඟයි. නමුත් ලංකාවේ දේශපාලන කරන්න රඟපෑමත් අවශ්‍යයි නේද? (නි)
ගීතා දක්ෂ නිළියක් බවට කිසිම විවාදයක් නැහැ. හැබැයි පාර්ලිමේන්තුවට සුදුසු කෙනෙක් යැයි මට නම් හිතන්න අමාරුයි. (නි)