ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ලබන ජනවාරි 17 සහ 24 දෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (24) තීන්දු කළේය.
වෙනත් රටක් පුරවැසියකුට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම හෝ කටයුතු කිරීම නීතිවිරෝධී බවට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි දක්වා තිබියදී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දී ධූරයේ කටයුතු කරන්නේ කෙසේ දැයි යන්න සම්බන්ධයෙන් කරුණු විමසන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මෙම පෙත්සම අභියාචානධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ගනු ලැබීය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාගයට ගැණිනි.
ගාල්ලේ කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනෙක් මෙම පෙත්සම ගොනු කළහ.
ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක, සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගීතා අක්කට ගණිතය පැටලීමට හේතුව සා. පෙළ (බ)
මෙතුමියට ගණිතය පැටළෙනවනේ (නි)
සෑහෙන අමාරු දෙයක් මේක විසඳන්න. ඒකයි මේ තරම් කල් යන්නේ. අපි ඉන්නේ ක්‍රිස්තු පූර්ව ගණන් වල කියලා හිතෙනවා මේා දනිකනකොට. (නි)
ශ්‍රි ලාංකික අපගේ ආයු කාලය වසර 500 ක් වන නිසා නඩු ඒ තරම් ඉක්මනින් විසඳීම අවශ්‍ය නොවේ. (නි)
ප්‍රසන්න , මේකට ලබන වසර වෙනතුරු ඉන්නේ ගීතා මන්ත්‍රීවරියට ආණ්ඩුවට එකතුවෙන්න හිත හදා ගන්න ටිකක් කල් දිය යුතු නිසයි . ඇය ආණ්ඩුවට එකතු වුනොත් නඩුව ඉල්ලා අස් කර ගන්න පුළුවන්නේ (බ)
දැන් ගීතා විතරමද මෙහෙම අයට ඉන්නේ? (නි)
ඇයි මේකට ලබන වසර වෙනතුරුම ඉන්නේ? (නි)
ඕකට ලබන වසරේ තීන්දු දෙන්නේ එතරම් කාලයක් යනවද ඔය ගැන දැනගන්න? (නි)
තවත් මේ වගේ අය ඉඳිද්දී ඇයි මේ ගීතට විතරක් නඩු? (නි)
අවුරුදු දෙකක් ගියා ඡන්දේ ඉවරවෙලා. නඩුව ඉවරවෙනකොට පාර්ලිමේන්තුව විසුරුවලා තියේවි. (නි)
ද්විත්ව පුරවැසිභාවයේ සීමාවන් මොනවද කියලා වෙනම නඩුවක් රජයට විරුද්ධව දැමිය යුතුයි. මේකත් මානව අයිතිවාසිකම් කඩකිරීමක්නේ. ලෝකයේ වෙනත් රටවල මෙහෙම නීතියක් නැහැ. එහෙම අය ලෝකයේ වෙනත් පාර්ලිමේන්තුවල ඉන්නවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේක ඉවත් නොකළොත් විදෙස් රට වල ඉන්න ද්විත්ව පුරවැසි ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු සහ නාගරික නියෝජිතයන්ට ප්‍රශ්නයක් වියහැකිය (නි)