ස්විට්සර්ලන්ත ‐ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි බව කියන ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ ගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් වන ප‍්‍රතිවිරෝධතා ඇත්නම් මාර්තු 18 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන්නැයි අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණය අද(02) පෙත්සම් කරුවන්ට නියෝග කළේය.
ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනකු විසින් පෙත්සම ගොනු කර තිබුණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක , සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලපහ කරන්න තිබුන වැඩ අනේ මන්දා (කෞ)
ද සිල්වා හරියටම හරි (නි)
පාර්ලිමේන්තුවේ කාන්තා ප්‍රතිශතය අඩු කරන්නද කල්පනාව. (ර)
අනේ මන්දා දැන් ප්‍රමාද වැඩිද කියලා (නි)
ගීතා නගාලා වගේ අයවත් පාර්ලිමේන්තු යවලා අපි හදන ව්‍යවස්ථා අම්මපා! කාන්තාවන් යවන එක හොඳයි උගත් හා බුද්ධිමත් අය. (නි)
හරි නම් මෙවැනි ප්‍රශ්න ගැන මාස ගණන් නඩු කියා කියා ඉන්න අවශ්‍ය නැහැ , විදේශ කටයුතු අමාත්‍යශය බැඳී ඉන්නවා පාර්ලිමේන්තුවට සහ අධිකරණයට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න , නම යෝජනා භාර දෙන දිනයේදී අයට ද්විත්ව පුරවැසි බව තිබුන නම් ලංකාවේ ව්‍යවස්තව අනුව ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කම නිකන්ම අහෝසි වෙනවා , ආණ්ඩු ක්‍රම වියව්ස්තව උල්ලංඝනය කර වරදට ඇයට සිර දඩුවම් පවා අත්වෙන්න ඉඩ තිබෙනවා (අ)
නීතිය වැඩ කරන්නේ දැන්. ඇය ඡන්දේ ඉල්ලනකොට වළක්වන්න බැරිවුණේ ඇයි? (නි)