ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය නියෝජිත සමුළුව ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවේදී සෙනසුරාදා පැවැත්වෙද්දී දැරියක(13) ද සමඟ ගැමියෙක් වේදිකාව ඉදිරියට පැමිණියේය.
වරාය හා මහාමාර්ග ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කතා කරමින් සිටියේය.
‘ඇමැතිතුමා කතා කරන්න කලින් මට හමුවෙන්න ඉඩක් දෙන්න‘ ඔහු ඉල්ලා සිටියේය.
‘හරි හරි රැස්වීම ඉවරවෙලා අපි කතා කරමු‘ . අමැති කීවේය.
එහෙත් සුමතිපාල නම් වු එම පුද්ගලයා දිගින් දිගටම කතා කරන්නට විය.
ඇමැතිගේ කතාවට දිගින් දිගටම බාධා ඇති විය.
සුමතිපාල :‘අපි හැමදාම තමුන්නාන්සේලාගේ කතා ඇහුවා.දැන් අපේ කතාව අහන්න.අපි එදා ඉදලා හොද ශ්‍රී ලංකා කාරයෝ .අපට සමෘද්ධියත් නෑ .කන්නත් නෑ.ඉන්නත් නෑ.මේ දරුවා තියාගෙන ඉන්නේ මහ පාරේ.‘
එසේ කී සුමතිපාල දරුවා වඩා ගත්තේය.රැස්වීම සංවිධානය කළ බෙන්තර ඇල්පිටිය ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායිකා දකුණු පළාත් සභා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය සිය ආසනයෙන් නැගිට්ටාය.තවත් කිහිප දෙනකු සමඟ එහි පැමිණියාය.එම පිරිස සුමතිපාල රැස්වීමෙන් එළියට රැගෙන ගියේය.එසේ රැගෙන යද්දීත් ඔහුගේ කතාව නතර වුයේ නැත.ඔහුට කම්මුල් පහරක් වැදුණේය.
දරුවාද භීතීයට පත් වු බව එය දුටුවෝ කියති. ඔහුට පහර දුන්නේ නිල ඇඳුමක් ඇද සිටි කෙනෙකියි එහි සිටි අය කියති.
කාගේ හෝ පිල්ලියක් එවලා යැයි තව පිරිසක් කීහ.ඔහුද බිරියද දරුවාද පොලිසියටරැගෙන යනු ලැබුහ.
පොලීසිය ටික වේලාවකින් ඔහු ද දරුවා ද බිරිය ද මුදා හළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ විවිධ රටවල සංචාරය කරලා බැලුවම , ලෝකෙන් උතුම් රට සහ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන අපේ ලංකාවට වඩා ලස්සන උතුම් රටවල් බොහොමයක් තියෙනවා. 1977 ට පෙරනම් ඔය කියමන් ලංකාවට ගැලපුනා. එහෙත් ඒවා අදට ගැලපෙන්නේ නැහැ. (නදී)
ඕවා ඉතින් කොහොමත් ඔහොම තමයි. අහිංසක මිනිසුන්ගෙ ඡන්දෙ අරගෙන අන්තිමට ලොකුකම පෙන්වනවා (නි)
පුදුමයි ඕක කවුරුවත් ෆේස්බුක් එකේ දාලා නැතිවුණොත් (නි)
තම දරුවා ඉදිරියේ පියාට පහර දුන් පුද්ගලයාට එරෙහිව ක්‍රියා කරන්න.සෑම පුද්ගලයෙකුටම තම අදහස් ප්‍රකාශ කිරීමේ වරය ශ්‍රී ලංකා සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙනවා. (නි)
ඔය දේශපාලන (විරුද්ධ පාක්ෂික ) පිල්ලියක් වෙන්න බැරිද? (නි)
පොලිසියේ මහත්වරුනි, මේ පහරදුන් තැනැත්තා අත්අඩංගුවට ගන්න. නැත්නම් පහරදුන් තැනැත්තාටත් වඩා දෝෂාරෝපණය එල්ල වෙන්නේ ඔබටයි. (නි)
මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න අපේ රටේ මිනිසුන්ගේ ඇස් ඇරෙන්න නම් ඔය වගේ කනේ පාරවල් තව වදින්න ඕනෑ (නි)
මා රටට හොඳක් වීම උදෙසා ඡන්දය දුන්නෙක්මි. නුඹලා එදා දිනාදුන් දේශයම අද ඇස් ඉදිරිපිටදීම නරක මිනිසුන්ගේ තෝතැන්නක් ලෙසට නුඹලා විසින්ම පරිවර්තනය කර ඇත්තේය. පීඩාවට පත්වූවෝ තවත් පීඩාවට ඇද දමද්දී පීඩාවට පත්කරන්නෝ ඉහළින් ඔසවා සත්කාර නම්බුනාම දෙති. මා තවදුර නොයමි (නි)
තරිඳු, ඔබ ඔය ප්‍රර්ථනා කරන රට තවම මේ ලෝකයේ බිහිවෙලා නැහැ. බිහිවෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. (නි)
ඡන්දෙ දීලා ගුටිකන්නත් වෙලා? මේකද ආශ්චර්යය? (නි)
ඔය කනේ පහර දුන්නේ සමස්ත ඡන්දදායකයන්ටම නේද? හැබැයි මිනිසුන්ගේ ඉවසීම පැන්න දාට මෙයාලා මොනවා නොකරයිද කියලා දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි (නි)
මේක අහනකොට මට හොඳටම තරහා යනවා. ඒත් අහිංසක අපි මොනවා කරන්නද? (නි)
ලබන ඡන්දෙදි අපි දෙන්නන්කෝ කනේපාර. (නි)
චන්දන මහත්මයා, අපේ රට දාලා අපි කොහේ යන්නද? ඊට වැඩිය හොඳ නැද්ද මේ ක්‍රමය වෙනස් කළා නම්? පිටරටකට ගිහිල්ලා කොච්චර කාලයක් කියලා ඉන්නද? (නි)
මේක තමා දැන් අපේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය. (නි)
කම්මුල් පහර දුන් කෙනාට මම හිටියා නම් දන්නවා කරන දේ (නි)
ඡන්දය දීලා උඩින්ම පත්කරගෙන දැන් කන්කෙඳිරි ගානවා. (නි)
රත්නායක ආරච්චිගේ, එහෙනම් වීඩියෝ කළ කෙනා හොයාගන්නත් නැතිවේවි, සමහරවිට (නි)
පුදුමාකාර දේශපාලනයක්! (නි)
ඔයගොල්ලෝ කියනවා කතා අහලා ඇතිවෙලා කියලා. නමුත් ඡන්දයක් තිබුණහම ඒ අය ඉහළින්ම දිනලා. ඉතින් තව මොනවද කතා? කතාව නවත්වලා අවස්ථාව ලැබුනම ක්‍රියාවෙන් පෙන්වන්නකෝ. (නි)
අර දරුවාට මොන වගේ හැඟීමක් ඇතිවෙන්න ඇද්ද?කන්නත් නැහැ,අඳින්නත් නැහැ, ඉන්න තැනකුත් නැහැ. අහෝ ආශ්චර්යයක තරම! (නි)
"කම්මුල් පහර දුන් කෙනාට මම හිටියා නම් දන්නවා කරන දේ" මොනවා කරන්නද, කම්මුල අත ගගා යනවා හැරෙන්න. (නි)
දයාල්, හොඳට ඇස් ඇරලා බලන්න (නි)
අර චන්ඩි කෙල්ලගෙන් තමා මේ වැඩේ බෝ වී ගෙන යන්නේ. (ස)
අනේ! ඔය අහිංසක මනුස්සයාට සාධාරණයක් කළොත් හොඳ නැද්ද? (නි)
ලෝකයෙන් උතුම් රට ලංකාව වුණත් පිටරටක ජීවත්වෙන්න ගත් තීරණය හරි කියලා හිතෙනවා.මේවා දිහා බලලා සුසුම් හෙලනවා ඇරෙන්න මොනවා කරන්නද අපි වගේ පොඩි මිනිස්සු? අපේ රටේ ගොඩනැගිලි පාරවල් විතරක් නෙමෙයි මනුෂ්‍යයාගේ ජීවන තත්වයත් සංවර්ධනය වෙන දවසක් එනතුරු හීන දකිනවා. (නි)
වාරියපොළ සිද්ධිය වගේ මේ අසරණයවත් අත්අඩංඟුවට පත්වේද දන්නේ නැහැ. (ස)
රෝහිතයි ගීතයි ප්‍රසිද්ධියේ ඒ අහිංසක මනුස්සයාගෙන් සමාව ගත්තේ නැත්නම් අපේ ඡන්දවලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ (නි)
ඔව් වීරසිංහ මහත්තයා, අදහස් ප්‍රකාශ කිරීමේ වරය ශ්‍රී ලංකා සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙනවා තමයි. එ්ත් එ්ක මේ පේජ් එකෙත් නැහැනේ. මේ වගේ වැඩ කරන ඇමතිලා පත් කලේ මේ මිනිස්සුම තමයි නේ. මිනිස්සු මේ වගේ කොන්ද පන තියෙන වැඩ කරන එක ගැන සතුටුයි (නදී)
මෙම පුද්ගලයා තමන්ගේ විරෝධය පළකරන්න කළ දෙය අගය කළයුතුයි. (නි)
ඇස් ගෙඩි වලට හෙන ගහලද මිනිසුන්නේ (නදී)
අහිංසක ජනතාවගේ මනාපයෙන් මෙයාලා රජවෙනවා. එහෙත් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් පත්කළ ජනතා නායකයින් ඇහුම්කන් දෙන්න ඕනෑ ජනතාවගේ ගැටළු වලට මිසක්, ජනතාව ඇහුම්කම් දෙන්න ඕනෑ මොවුන්ගේ පක්ෂ විපක්ෂ මතබේද වලට නෙමෙයි (නි)
මේක කම්මුලට ගහපු කෙනා ගෙදර යවලා ගුටිකාපු කෙනා රිමාන්ඩ් කරන ආශ්චර්යමත් කාලයක් (නි)
හැමදාම කතාව අහගෙන ඉදල ඡන්දෙ දෙනවා. ඊට පස්සේ කතා කරන්නවත් අයිතියක් නැතිව ගුටි කනවා. (නදී)
අපි යනවා අාස්චර්යට. අපිට් ඕනා කැරකෙන රෙස්ටුරෙන්ට්, පාවෙන ගුවන්තොටුපොළ, කැසිනෝ, විසාල සංචාරක හෝටල්, වැනි සුකෝපබෝගී දේවල්. පිස්සු ගැමියෙක්. (නදී)
ඡන්දදායකයිනි, කරුණාකර මේ අහන්න. ඔය පහර දුන්නේ සුමතිපාල මහතාට පමණක් නොවේ. ඔබ සියලු දෙනාටයි. ලබන වාරයේ කතිරය ගසනවිට ඔය කම්මුල් පාර සිහිකර කතිරය ගසන්න. එවිට ඔබේ යුතුකම් ඉටුකළා වෙයි. (නි)
හොඳ වැඩේ. සමහරු ඇමතිලාට කතා කරන්න දන්නේ නැහැ. ඒ උත්තමවරු මේ වගේ අයගේ කතා අහන්න ඕනෑද? (නි)
මේ රටේ මහජනතාවගේ මොළය පෑදේවා! (නි)
සුමතිපාලට විතරක් නෙවි අපිටත් ඔය කතා අහල ඇතිවෙලා මිනිස්සු කතා කරන්න යන්නේ නැත්තේ කනේපාරවල් කන්න බැරිනිසා.(දිල්)
සත්‍ය වශයෙන්ම අද ලංකාවේ බොහෝ පිරිසක් ජිවත් වෙන්නේ බොහොම අමාරුවෙන්, ලංකාව කියන්නේ හැමදාමත් එකම තැන තියෙන රටක් වෙලා දේශපාලනය මේවට වග කියන්න ඕනි (දිල්)
ඕක බොරුවක් වෙන්න බැහැ...(දිල්)
ඒ සිද්දිය වීඩියෝ කරලා , රටේම ජනතාවට පෙන්නන්න තිබුණනේ (දිල්).
සුමතිපාලගේ කතාව ඇත්ත. ඇමතිලා බොරුවට කියනවා ලංකාවේ මිනිස්සු හරිම සතුටෙන් කාල බීල ඉන්නවා කියලා. අඩුම තරමේ කන්න බත් වත් නැහැ. ඊලග ජනාදිපතිවරණයේදී ඔය මහලොකු බලවතුන්ට යන එනමන් නැති වෙනවා නම් නියතයි.(නදී)
මිනිස් හැඟීම් නොතේරෙන අය දේශපාලනයට ආවහම මෙහෙම වෙනවා. හැබැයි එයාලව පත්කරගෙන තියෙන්නෙත් අද ඔය ගුටි කන අසරණයින්ම තමා. පව් අහිංසකයා. (නි)
පොලිසියෙන් අල්ලන්නේ නැද්ද කම්මුල් පාර දුන්න වැඩකාරයා?අපේ ඡන්දෙන් ඇවිල්ලනේ අපිටම සැර දාන්නේ. (නි)
මෙයාලට දුන්නේ කන්නනේ? ඔය දැන් කාල තියෙන්නේ (කට) කන පුරෝලා,(අ)
ඇයි අනේ! කවුරුත් හිටියේ නැද්ද මේක වීඩියෝ කරන්න? එහෙනම් මේකත් වාරියපොළ සිද්ධිය වගේ වේවි (නි)
දැන්වත් හරියට කතිරේ ගහන්න .මෙයාල ජනතාවගේ දුක දන්නේ නෑ(අ)
මේ ගමන මෙහෙම ගියොත් රට ආගාදයට යෑම ස්ථීරයි (අ)
ඔහොම බේරිලා ආපු එකට සතුටු වෙන්න ඕනෑ. (නි)
මේකට තමා ආසියාවේ ආශ්චර්ය කියන්නේ!(අ)
ලාල් පෙරේරා,මේවා මුළු රටටම පෙන්නුවත් මේගොල්ලනට ඡන්දෙ දෙන්න ඕන තරම් පුන්නක්කු කන අය ඉන්නවා! (අ)
මෙයාලගේ දේශපාලනේ ඔහොම තමයි. එක අතකට බැලුවම වැරදිත් නැ. අපි ඡන්දෙ දීල යැව්වේ ඔය කනේ පාර කන්නනේ. ගීතාල දේශපාලනේ දන්නවද. අර යු ටියුබ් එකේ තියෙන්නේ එයාගේ කතාවක් එහෙම දාල හරි අපූරුවට. හොල්ල හොල්ල මල්ගස් වටේ කැරකෙන එකයි, දේශපාලනේ යි කියන්නේ දෙකක්. මෙයාලට ටිකට් දෙන්න තරම් මේ රටේ දේශපාලනේ පහත් වෙලානේ. (අ)
කෝච්චියේ වැඩ කරද්දී ඇමතිතුමාට ඕන තරම් කාලේ තිබුන නේද?(අ)
මේ තමයි මහින්ද චින්තන්යෙන් ජනතාවට ලැබුනේ දැන් මිනිස්සුන්ට වැලේ වැල් නැහැ (අ)
දුප්පත් අසරණ මිනුස්සුන්ගේ කරුමෙට දේශපාලකයන්ට ඔවුන්ගේ දුක තේරෙන්නේ නැහැ. බඩේ රැලි බෙල්ලට එනකම් රට කාල තවත් මිනිස්සුන්ව රවට්ටනවා..(අ)
අවස්ථාව ලැබුන වෙලාවේ දරු පවුලත් අරගෙන පිටරට ගිය එක කොච්චර හොඳයිද කියලා හිතන්නේ මේවා ඇහෙනකොටයි. (නි)
තනියෙම ගිහින් කතාකලාට වැඩක් නෑ.දැන් ඉතින් ඔය කතා අපි ගොඩක් කල් අහනවනේ.දැන් ඕව අහල වැඩක් නෑ .දැන් තියෙන්නේ මිනිස්සුන්ට එකතුවෙලා ඔය හොර මැති ඇමතිලව පන්නල දාන්න.හොද පාඩමක් උගන්වන්න.සමගිය බලය වේ කියල කතාවකුත් තියෙනවනේ.(අ)
දුප්පත් ජනතාවට ඔහොම කරන එක හරිද ?(අ)
සමහරු දේශපාලනයට ආවේ ඔය පළාතේ කාන්තාවන්ට ගැමියන්ට විමුක්තිය උදා කරනවා කියාගෙන නේද ? දැන්වත් ඒ පළාතේ මිනිස්සුන්ගේ මොලේ පෑදෙයිද ? (නදී)
රුවන්තිකා,හොදයි අප මේ මට්ටයෝ ටික පැන්නුව කියමුකෝ.දැන් මොකෙක් හරි එකෙක් ඔකේ වාඩි කරවන්නත් එපාය. නූපන් එකෙකුත්,මල එකෙකුත් හැරෙන්න හොරා නොකන එකෙක්ව මැටියෙන් තමයි අබන්න වෙන්නේ. ඉන්න එවුන් නය තුරුස් බේරගන පරම්පරා ගණනකට හොයාගන ඉන්නේ. වෙන එකෙක් ආපුවම නය තුරුස් බේරගන්න ඉදිරි පරම්පරාවට හොයන්නයි ගහන්න වෙන්නේ ඩබල් එකේ,දැනටම අපි පස්ස බිම ඇනගන ඉන්නේ.වෙනසක් වුණොත් හතර රියන් ගච්චාමි . (අ)
සුමතිපාලට විතරක් නෙවේ, බහුතරයකට කරන්න වෙලා තියෙන්නේ ඕක තමයි, ගුටි කන්න බැරිකමට මිනිස්සු කට වහගෙන ඉන්නවා. මට පුදුමේ ඡන්දයක් අවොත් මේ හොරු ටික ආයිත් පාර්ලිමේන්තුවේ. (අ)
ලංකාවේ ඔලමොට්ටල චන්දදායකයින්ට ඔහොම කනේ පාරක් නෙමේ ගහන්න ඕන. (ස)
රුවන්තිකා කියන කතාව හරි. දැන් අවශ්‍ය දේශපාලුවන්ගේ බලය සීමා කිරීමයි. වෙන රටවල වගේ දේශපාලනයට කිසිම සම්බන්ධ තාවයක් නැති අමාත්‍යංශ නිලධාරීන් සිටිය යුතුයි. ඒවගේම පුරවැසි කමිටු පිහිටුවන්න ඕන ටෙන්ඩර් ගන්න විට. එතකොට කොමිස් ගැහිල්ලත් නවතියි. මේ දේශපාලු ජරාව හිතන් ඉන්නවා ඇති මහජනයාට කනේ පාරවල් දීල නැවත බලය ගන්න. (අ)
මේ වගේ නරුමයින්ව පත් කරනවට කන් අඩියට නෙමෙයි ඔලු ගෙඩියටයි තඩිබාන්න තිබ්බේ. (ස)
ඔය කම්මුල් පාර කාපු මිනිහ ඊළග පාර චන්දයත් ඔය හොරුන්ටම දෙයි.පරම්පරාවම හොරුන්ටනෙ චන්දෙ දීලා තියෙන්නෙ. (ස)
කවදා හරි මිනිස්සුන්ගේ විරෝධය මේවිදියට පටන්ගන්යි එදාට ගහන්නේ ඔබලට (අ)
ලංකාවේ ඔවැනි දෙසපාලුවන්ට සාප වේවා. (අ)
මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ඔය කතා අහලා මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැහැ (නදී)
මම කාලයක් තිස්සේ රට ඉන්නේ. ලොකු කලකිරීමකින් ඉන්නේ දරු පවුල එක්ක ජීවත් වෙන්න නැති වීම ගැන. ලංකාවට එන්න බය නිසා මෙහෙට වෙලා ඉන්නවා. දරුවන්ගේ අනාගතේ ගැන හිතලා. මේක මහා පුදුම කාලකන්නි කාලයක්. රටේ ජනතාවට මම කියන්නේ දැන්වත් ඇස් ඇරලා බලන්න. අත ලොස්සකට ඇර මේ යන ගමන කාටද සෙතක් වෙලා තියෙන්නේ. අම්මේ තාත්තේ ඔයාලගේ දරුවන්ගේ අනාගතේට මොකද වෙන්නේ. මටනම් හිතාගන්නවත් බෑ. (නදී)
දේශපාලුවන්ට ඕනෙම වේදිකාවකට නැගල ඕනෙම බොරුවක් කියන්න පුළුවන්. ඒවාට අත්පුඩි ගහන්න මෝඩ රැළකුත් ඉන්නවා. සත්‍ය කතා කරන අහිංසක ජන්ද දායකයින් ජන්දයත් දීල ගුටිත් කනවා. දැන් ඔය කනට ගහපු අතින්ම වැඳගෙන ගෙදරට එයි මහමැතිවරණය පටන් ගත්තට පස්සේ සුමතිපාල මහත්මයෝ. (නදී)
මෙතන දෙපැත්තම වැරදියි. වේදිකාවේ කතාවක් කරනවිට එයට බාධා කිරීමත් වැරදියි. එසේ කළ පළියට ඔහුට ගහලා පොලිසියට ගෙනයාමත් වැරදියි. (නි)
"ගැහුවේ නැහැ...ඒ අත අරගෙන කම්මුලේ තියාගත්තා" වෙන්න බැරිද? (නි)
අද දේශපාලනය බල්ලට ගිහිල්ලා. දේශපාලකයන්ව මිනිස්සු ගණන් ගන්නේ නැහැ. බොරු පොරොන්දු දීලා. (නදී)
රෝහිතයි ගීතයි ප්‍රසිද්ධියේ ඒ අහිංසක මනුස්සයාගෙන් සමව ගතයුතු බවයි මගේ හැඟීම. (නි)
මේ මනුස්සයා ඉවසල බැරිම තැනයි කතා කරලා තියෙන්නේ. දැන් ඉතින් කම්මුල් පාරක් විතරයි ලැබුනේ. (නි)
හොඳ වැඩේ කතාවට බාධා කරන්න ගියාට (නි)
සිරස්තලය දකිනකොටම මට යමක් මතක් වුණා (නි)
මේ මැතිවරණයෙන් පාඩමක් උගන්වමු (නි)
ඉන්න තැනක් නැහැ? කන්න නැහැ? වෙන්න බැහැ. ආසියාවේ ආශ්චර්ය වුණාම එහෙම වෙන්න බැහැ. (නි)
අපේ රටේ මිනිස්සු ඡන්දෙත් දීලා තව ඉල්ලගෙනත් කනවා (නි)
අයේ ජීවිතේට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගෑවෙන කාටවත් මම චන්දෙ දෙන්නෙ නෑ. (නදී)