ස්විට්සර්ලන්ත පුරවැසිභාවය දරමින්ම මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දුන් බව කියන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය පිළිබඳව පැන නැඟී ඇති ප්‍රශ්නය ජනතා පරමාධිපත්‍යය සහ නීතිය පිළිබඳ ප්‍රශ්නයක් වන බැවින් ඒ පිළිබඳ පුළුල් කරුණු විමසා බැලීමක් කරන බව අභියාචනාධිකරණය අද(19) සඳහන් කළේය.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රි ධූරය සම්බන්ධයෙන් අධිකරණය දෙනු ලබන ඕනෑම තීන්දුවක් කිසිදු විරෝධතාවකින් තොරව බාර ගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කළ දැනුම්දීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා මේ බව සඳහන් කළේය.
ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපතිවරයා මේ බව කියා සිටියේය.
පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එම විරෝධතා ලබන දෙසැම්බර් 07 වැනිදා හෝ ඊට පෙර අධිකරණයට ලිඛිතව ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ.ඩබ්ලිව්.බුවනෙක, ෙජ්.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනෙකු ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක , සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිලාභීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ හැකි ප්‍රතිපාදන ලබා දී නොමැති බවය. එසේම වගඋත්තරකාර ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය තමන් ද්විත්ව පුරවැසිලාභියෙක් බවට ඉකුත් වසරේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බවය. එසේ තිබියදී ඇය අදාළ මන්ත්‍රීදූරයේ කටයුතු කිරීම නීතිවිිරෝධී බවත් ,එබැවින් ඇය එම ධූරයේ කටයුතු කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මව්බිමේ ඉපදී මෙහිම පස්වන මහත්මා ගති ඇති ශ්‍රිලාංකිකයින්ට තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට හැකි පාර්ලිමේන්තුවක් තිබීම වඩා හොඳයි. වෙනත් විදේශ රටක පුරවසිභාවයෙන් ආවරණය වී අපේ රටේ සම්පත් හොරා ගැනීමට ඇති අවසරය අහෝසි කලයුතුයි. බහු විවාහය නොඉවසන රටක ද්විත්ව පුරවැසිභාවය ඉවසන්නේද නැත. (අ)
මමත් රට ඉන්නවා අවුරුදු 25. මටනම් පේන්න නැහැ මෙතන රට ඉන්න අපිට කිසි ප්‍රශ්නයක් ඔය ගීත ගේ ප්‍රශ්නයත් එක්ක එකකට සම්බන්දවන .(අ)
ගීතා දේශපාලනය කරන්න පටන් අරගෙන දැන් කාලයක් ගතවුණා. මොනවද කළේ..? බලනකොට රටට කරපු සේවයකුත් නැහැ වගේ පෙනෙන්නේ. ද්විත්ව පුරවැසිභාවය තියෙනවා නම් එයා වැදගත් විදිහට අයින්වුණා නම් හොඳයි නේද? (නි)
ගතින් කොතැන හිටියත් සිතින් රට ගැන හිතනවා නම් ඔය පුරවැසිභාවයත් ලොකු ප්‍රශ්නයක්ද? (නි)
කරුණු හොයලා බලන එක හොදයි. (ර)
ඕක මහලොකු ප්‍රශ්නයක්ද පුරවැසි භාවය නැති කර ගත්තාම ඉවරනේ. (ර)
දීපාල්, ඔබත් ද්විත්ව පුරවැසියෙක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නිගරුනොකොට අනුගමනය කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමයි. (නි)
පුරවැසි ප්‍රශ්නය ගැඹුරින් පිරික්සන්න ඕනෑ පක්ෂ මහ ලේකම් නාමයෝජනා පතට අත්සන් කරන්න පෙර නේද? අනේ අපේ රටේ නීතියට ගිය කලක්! (නි)
එතකොට පළාත් සභාවේද ප්‍රාදේශීය සභාවේද ඉන්නකොට ඔය ප්‍රශ්න තිබුණේ නැද්ද? පාර්ලිමේන්තු නාම යෝජනා දෙනකොට මේවා බලන්න එපායැ (නි)
එක කකුළක් ස්විස්ටර්ලන්තයේ අනෙක් කකුල ලංකාවේ. (අ)
දුමිඳු දැන් විදෙස් පුරවැසිභාවය ඉල්ලලා අස්කරගත්ත කියල ගීතාගේ මන්ත්‍රීකම ආරක්ෂා වෙන්නේ නැහැ , දිවුරුම් දෙන අවස්ථාවේ අස්කරගෙන තිබෙන්න ඕනේ , මොකද මේගොල්ල දිවුරුම් දෙනකොට කියනවා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියල , යම් කෙනෙකු විදෙස් පුරවැසි භාවයක් තබාගෙන පාර්ලිමේන්තු වේ දිවුරුම් දුන්නත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රීකම ස්වයංක්‍රියව අහෝසි වේ. එය දැන දැනම දිගින් දිගට පාර්ලිමේන්තුවරප්‍රසාද භුක්ති විදිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම , සිර දඩුවම් ලැබිය හැකි බරපතල වරදකි (අ)
සමහර රාජ්‍ය ආයතන ලොක්කන්ට ඔය ප්‍රශ්න නැහැ. (ත)
දකුණේ තේරීම.... (ර)
මේ දේවල් දැන් අපිට නම් පාර්ලිමන්ට් ජෝක්ස් වගේ වෙලා (නි)
ගීතා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මැරයන්ට වඩා හොඳයි,(රේ).
දැන් මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය (නි)
දිත්ව පුරවැසියෙකුට මහා බැංකුවේ අධිපති වෙන්න පුළුවන් බැංකුවල සබාපති ,සංස්තාවල සබාපති වෙන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවට යන්න බැහැ කියන එක මහා විහිළුවක්. කොටින්ම කියනවානම්.පිටරට සිටින අයව අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එක මම හිතන විධියට ඉතා අගය කලයුතු දෙයක්. ඔවුන් ගෙන් බොහෝ දෙනෙකුට ඒ රටවල දිගුකලක් ජිවත් වෙලා ලබා ඇති අත්දැකීම් වලින් අපේ රටට වැඩ දායි යමක් කරන්න පුළුවන් වේවි දැන් ඉන්න සමහර නියෝජිතයන්ට වඩා .ඒ විතරක් නොවෙයි මට හිතෙනවා.දුෂණය ,අල්ලස් ,බිෂණය නැතිකරන්න බොහෝ දුරට එය මුල් කර ගන්න පුළුවන්.(රේ්)
පරාක්‍රම, මට ද්ව්ත්ව පුරවැසිභාවයක් නැහැ.මොකද මම පිටරට පුරවැසිභාවය ගත්තේ වෙනත් නමකින්.ඒ නිසා මම බේරුනා.(රේ)
සමහරැ ද්විත්ව පුරවැසිභාවය ගන්නේ සල්ලි හන්ගන්න(රේ්)
ගීතා ගැන ගොඩක් දේවල් දන්න අය ඉන්නවා ! ඔවුන් මෙය විසඳාවි !!! (බ)
එතකොට වෙන්නපුවේ වෙස්ටස් පෙරේරාගේ පුතා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමෙරිකානු පුරවැසි අමාත්‍ය නිරෝෂන් පෙරේරාට මොකද වෙන්නේ (රේ)
අහවල් කෙන් ගෙඩියකටද එහෙනම් සල්ලිත් අරගෙන ද්විත්ව පුරවැසි කම් දෙන්නේ ? කන්න ඕනේ වෙලාවට කබරගොයත් තලගොයා වෙලානේ- චන්ද්‍ර (රේ)
දීපාල් නිරෝෂ් ඔයා ඉල්ලන් කන්නනේ හදන්නේ.අපේ රටේ පිටරට ගිය අයට ලෙඩ දාන්න මොනතරම් නෑයෝ හා මිතුරෝ ලෑස්ති වෙලා ඉන්නවද?(රේ)
හ්ය්බ්‍රිඩ් අධිකරණ ගේන්ඩ දගලන අය ද්ව්ත්ව පුරවැසිභාවය ප්‍රශ්න කිරීම කෙතරම් හස්‍යජන්කද ? (රේ)
නීතියට අනුව කවුරුත් වැඩ කරනවා මේ මොනම ප්‍රශ්නයක් වත් නැහැ නේ.(රේ)
චන්ද්‍ර මේක යෝජනා කලේ ජනතා විමුක්ති පෙරමුණෙන්. සාධාරණ හේතු සහිතව. ද්විත්ව පුරවැසිකම තියෙන කෙනෙකුට රටක පාලනය බර දුන්නොත් ඒ අයට කළු සල්ලි පිටරට යවන්න ලේසි වෙනවා. මම නම් කියන්නේ ඔහුගේ පව්ලේ අයටවත් ද්විත්ව පුරවැසි භාවය නොතිබිය යුතුයි කියල නීතියක් ගෙන ආ යුතුයි. මේ පිටරට කළු සල්ලි යන ක්‍රම වැහුවට පස්සේ මේ නීති ඉවත් කලාට කමක් නැහැ. එත් එක ලේසි දෙයක් නෙවෙයි. චන්ද්‍රටත් පාර්ලිමේන්තු යන්න හිතේ තියෙනවා වගේ.(රේ )
සමහර ආයතන ලොක්කන්ට නම් ඔය ප්‍රශ්න නැහැ. (නි)
දීපාල් හරි (නි)
ගීතාට පමණක් නෙමෙයි මේක හැමෝටම පොදු නීතියක් (නි)
රටේ නීතිය ක්‍රියාත්මකවීමේ වේගය සහ ක්‍රමවේදය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් බවට හොඳම උදාහරණයකි මේ. මේ ප්‍රශ්නය විසඳන්න හරිම පහසුයි. අධිකරණයට පුළුවන් ස්විස්ටර්ලන්ත රජයෙන් ගීතාගේ පුරවැසිභාවය ගැන විමසීමක් කරන්න. පාර්ලිමේන්තුවට පත්වන අවස්ථාවේ ගීතාට විදෙස් පුරවැසිභාවයක් තිබුණා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව ගීතාගේ මන්ත්‍රීකම ඉබේම අහෝසි වෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් පුද්ගලයන්ටත් නීතිය මෙලෙසම ක්‍රියාත්මක වියයුතුය. මෙය දේශපාලන පළිගැනීමක් නොව නීතිය ක්‍රියාත්මකවීමකි.නීති හදන්නේ පාර්ලිමේන්තුවෙනි. පාර්ලිමේන්තුවේම සාමාජිකයන්ම නීතිය ක්‍රියාත්මකවීමේදී දොස්නැඟීම විහිළුවකි (නි)
අපි බලමුකෝ සිද්ධවෙන්නේ මොකක්ද කියලා (නි)
ඕක තමයි ගීතක්කේ කියන්නේ අපි කෙසෙල් ගහට නැග්ගත් ඒකෙත් දෙබලක් කියලා (නි)
අනෙක් අය සම්බන්ධයෙනුත් මේ ප්‍රශ්නය පරීක්ෂා කර බැලුවොත් හොඳයි (නි)
නීතියට කවුරුත් යටයි. (නි)
ද්විත්ව පුරවැසියෙකුට සංස්ථා සභාපතිකමක් දැරීමට නීතියෙන් බාධාවක් නැත. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් දැරීමට තහනම් බව 19වෙනි සංශෝධනයේ පැහැදිලිවම දක්වා ඇත. මගේ පුද්ගලික මතයට සංස්ථා සභාපතිකම් වැනි තනතුරුත් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළයුතුය. නමුත් මෙය පාර්ලිමේන්තු පනතක් ගෙනවිත් සම්මත කරගත යුතුය (නි)
මෙම ප්‍රශ්නයේ කිසිම බැරෑරුම්කමක් නැත. ගීතාට ද්විත්ව පුරවැසිකම තිබේ නම් පාර්ලිමේන්තු අසුන අහිමි වේ. මෙම නීතියට හිස නැමීමට දැන් සියලු දෙනාට සිදු වේ. (නි)
දෙකෙන් මොකක්ද වඩා සුදුසු කියලා තමන්ම තීරණය කළා නම් ඉවරයිනේ (නි)
ඊළඟට ඩලස් ??? (බ)
පුරවැසි ප්‍රශ්නය ගැඹුරින් පිරික්සන්න ඕනෑ තවත් අය ඉන්නවා (නි)
මොනවද ඔට්ටු ගීතා ගොඩ යනවා(රේ)
ශාන්ත - ඩලස් විතරක් නෙවෙයි. මහින්ද සෑම් එහෙමත් ඉන්නවා. (රේ)
එහෙම හරි කමක් නැහැ. සුදුස්සක් වෙනවා නම් හොඳයි (නි)
ඔය ගහන්න හදන්නේ ගීතාට විතරක් නෙමෙයි විදේශ ගත වෙලා ඉන්න සියලුම ලාංකිකයන්ටයි කියල අමතක කරන්න එපා .. ඒ වගේම ඡන්දෙ දින්නෙත් ඒ මිනිස්සුන්ගේ ආකල්ප හින්ද කියලත් අමතක කරන්න එපා .. ආයුෂ හරි අඩුයි කියල දැම්මම පෙනිලා ඉවරයි මේ ටිකට දාපු සෙල්ලම් වල හැටියට . (අ)