පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හළ බවට කිසිදු ලියකියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව ඇයගේ මන්ත්‍රි ධූරයට එරෙහි රිට් පෙත්සම විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ෙජ්.සී.වැලිඅමුණ මහතා අද (26) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචානධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැළි‚.
ජේ සී .වැලිඅමුණ මහතා මෙසේ ද පැවසීය.
‘‘මෙම පෙත්සමේ පළමු වගඋත්තරකාරිය ගීතා කුමාරසිංහ මහත්මියයි. ඇය ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසියෙක්.ඒ බව සනාථ කිරීමට පෙත්සමෙහි ඇමුණුම් තිඛෙනවා.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිලාභියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැකියි.
පළමු වගඋත්තරකාරිය පසුගිය අගෝස්තු 25 වන දින ඇය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හැරීම සඳහා ස්විට්සර්ලන්ත බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. එහෙත් එම ස්විස් බලධාරීන් ඇය එරට පුරවැසිභාවයෙන් ඉවත් කළ බවට සනාථ කරන කිසිදු ලියවිල්ලක් නැහැ.
ඒ අනුව ඇය තවමත් ද්විත්ව පුරවැසියෙක්.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 වගන්තීන් අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි වූ පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයකට නාම යෝජනා පවා ඉදිරිපත් කළ නොහැකියි.එබැවින් ඇයගේ මන්ත්‍රී ධූරය අහිමි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 24 වැනි දිනට කල් තැබි‚.
COMMENTS
දේශපාලනය පිළිබඳ කිසිම සුදුසුකමක් නැති සමහරු දේශපාලුවන්ගේ අතකොළු වෙමින් ජනතා මුදල් වලින් යැපෙමින් විශාල පාපකර්මයකට දායක වි අැත. (නි)
නොදන්නා දේශපාලනයට විත් ගීතා තමන්ගේ සිනමා ප්‍රතිරූපය කෙළෙසාගත්තා. සමාජ ක්‍රියාකාරිනියක් හැටියට වැඩ කළා නම් දේශපාලකයෙකුට වඩා ඉදිරියෙන් ඉන්න තිබුනා. මේ කාරණාව හැම නළුවෙකුටම හැම නිළියකුටම අදාළයි (නි)
ඇය ශ්‍රී ලංකාවේ උපන් සිංහල කාන්තාවක්. මගේ අදහස නම් ඇයට ලංකාවේ අනිත් අයට හිමි සියලු වරප්රසාද හිමිවිය යුතයි. ඇයි මතක නැද්ද පහුගිය දිනවල එක් පුද්ගලයෙක් ඉහලම තනතුරක් දැරුව කිසිම පුරවසිකමක් නැතිව.(අ)
බොරුව ඇත්ත කිරීමේ පහුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති දැන්වත් වෙනස් විය යුතුයි. නීතිය සැමටම එක සේ ක්‍රියාත්මක විය යුතුයි. (අ)
කව්ද කියන්නේ ගීතා පාර්ලිමේන්තුවට සුදුසු නැහැ කියල..බැලුවොත් කී දෙනෙක් සුදුසු නැද්ද? ගීතා තමන්ගේ ආසනයට හොදට වැඩ කරන කෙනෙක්..අඩු ගානේ පාර්ලිමේන්තුවේ හොදට කතා කරන්න පුළුවන් ගීතට..සුදුසුද නැද්ද කියල බලන්න මොකක් හරි වැඩක් පවරන්න එපැයි..සුදුසු නැත්තම් අගමැති තුමා මොකටද ඒ පැත්තට එන්න කියන්නේ?
මේ නීතිය 2015 හදපු එකක්. ගීතා පුරවැසිකම අරන් තියෙන්නේ ඊට කලින්. (අ)
එතකොට දැන් අළුත් ඇමැති කෙනෙක් ඉන්නවා නේ ඇමරිකන් ග්‍රීන් කාඩ් තියන කෙනෙක් (ම)
දෙලොවටම වැඩක් නැති චරිතයක්. අන්තිමට හැබැයි නියම තැනට ආවා. ඒ වගේ අය වැඩි දෙනෙක් ඉන්න තැනනේ ඔතන. (ම)
අපේ ගීතා අපිට හොඳයි... (නි)
ඇයි මේ ගීතාට පමණක්. තවත් අය ඉන්න බව අප අසා තිබෙනවා. (බ)
මේ ගැනනම් කතා කරලා වැඩක් නෑ.(හේ)
සිනමාව සහ දේශපාලනය කියන්නේ දෙකක් ගීතා අක්කේ (නි)
කියන්නකෝ කවුද කියලා .වෙනත් රට වල පුරවැසි භාවය ගන්නේ ලංකාව හොඳ නැහැ කියලා නේද .? මොනවටද පාර්ලිමේන්තුවට එන්නේ .(හේ)
එතකොට වන් ෂොට්? (නි)
ඇයි මේ අය වෙනුවෙන් මුකුත් කරන්නේ නැත්තේ.(හේ)
කොහොමත් ගැලපෙන්නේ නෑ එක එක්කෙනාට සෙල්ලම් කරන්න හොදයි (බ)
ගීතා යහපලනේට ජැක් ගහල තිබ්බා නම් ඔය නඩු කැලේ (බ)
ධම්ම නරකද පන්සිල් පද පහවත් ඉගෙන ගත්තානම්. (බ)
හරියටම නීතියට අනුව නම් ගීතා අක්කට ලංකාවෙයි ස්විස් රටෙයි දෙකේම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න හැකියාව ලැබෙන්න ඕන . මොකද ඇය රටවල් දෙකකම පුරවැසි භාවය ලබාගෙන තියෙන හින්ද (බ)
ගීතා පාර්ලිමේන්තුවට සුදුසු නැති බව ඇත්ත තමා ඒත් ඇයි ඩලස් අලහප්පෙරුම ගැන කතා නැත්තේ එයත් ඇමෙරිකාවේ පුරවැසියෙක් කියල තමයි අපි අහල තියෙන්නේ ඒ ගැන කියල දෙන්නකෝ දන්නේ නැති නිසා අහන්නේ එයාටත් රිට් අාඥාවක් ඉල්ලනකො (බ)
අනේ එහෙනම් අර කලින් ආණ්ඩුවල සිටි අයගේ ඒ වියදම් ටිකත් අාපහු අරගෙන දුප්පත් මිනිසුනට ගෙවල් ටිකක් හදලා දෙන්නකෝ (නි)