මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය යෙදෙන ඔහු සුජිත් ප්‍රසංග වෙයි. ඔහු විසින් රචනා කරනු ලැබූ ගීතයක් වන "හීන්වැහි පොදේ තෙමි තෙමී" මේ වන විට එළිදක්වා තිබෙනවා. ඒ පිළිබව සහ ඔහුගේ තොරතුරු පිළිබඳව මෙසේ අපත් සමග පැවසීය.
"ගීත දෙකක් පද රචනය කරලා තියෙනවා. එයින් එකක් "නෙතින් ගිළිහුනු කඳුලු බිඳුවක" සහ දයාන් විතාරණ ගායනා කරන "වසන්තය නිමා කර යා යුතුයි මා" කියන ගීතය. ඊට අමරතව ජානක වික්‍රමසිංහ සහ ඔහුගේ දියණිය ගායනා කරනු ලැබූ යුග ගීතයත් මම විසින් තමයි ලියනු ලැබුවේ. ඒ ගීතය තාම එළියට ඇවිල්ලා නැහැ. ඒක කැසට් එකක් සඳාහා කරපු ගීතයක් නිසා කිසිම මාධ්‍යක් සඳහා දීලා නැහැ. ඊට පස්සේ 98 රුහුණු විශ්ව විද්‍යාල ඉඩොල් බිම නිවාරණ කඳුරැල්ලේ කලා උලෙළේ ඒ අවුරුද්දේ හොඳම ගීත රචකයා මමයි. ඉන්පසු 99 කැළණි විශ්ව විද්‍යාලයේ බිහිදොර අභියස ගීත රචනා තරගයෙන් තුන්වැනි ස්ථානය හිමිවුණා. 2011 වසරේදී ගීත රචනා සංග්‍රයක් කරා "අයාලේ ගිය වසන්තේ" කියලා. ඒක විද්‍යෝදය සම්මාන උළේලේදී හොඳ ඇඟයීමක් තිබුණු ගීත රචනා සංග්‍රහයක්. ඊට පස්සේ පළවෙනි නවකතාව "ලියතඹර" කියලා නව කතා පොතක් එළිදැක්වූවා. මේ අවුරුද්දේ කවි පොතක් එළිදක්වනවා. ජුනි මාසයේදී වගේ තමයි මගේ පළමුවෙනි කවි පොත එළිදැක්වෙන්නේ. තව ඉදිරිවැඩ විදිහට යොවුන් නවකතාවක් එළිදැක්වෙනවා.
"හීන්වැහි පොදේ තෙමි තෙමී" ගීතය ගැන කතා කරනවානම්, දළඳා වහන්සේට ලොකු ගෞරවයක් අපේ හිතේ තියෙනවානේ. ඒ මොනතරම් ගෞරවයක් හිතේ තියෙනවාද?, අපේ මුතුන් මිත්තෝ කුරහන් ගල් වල තියලා බොහොම දුෂ්කර ජීවතයක් ගත කරමින්නේ ඒක රැකගත්තේ. එහෙම රැක ගත්තත් අපේ දළදා වහන්සේව අපට ඕනෑ වෙලාවකට වඳින්න පුදන්න බැහැනේ. ඒකට යම් වෙලාවක් කාලයක් සීමාවක් තියෙනවා. එහෙම තිබුණත් අපිට කවදාවත් ඒ ගැන අහිතක් හිතෙන්නේ නැහැනේ. දළඳා මාලිගාවට ගියහම බලන්න බැරිවුණත්, කොච්චර පෝළිම හිටියත් කවදාවත් අහිතක් හිතෙන්නේ නැහැ. අපට තියෙන භක්තියක් වැඩි වීමක් පමණයි වෙන්නේ. ඉතිං අත්දැකීමක් එක්ක ලියපු සිංදුවක්. දළඳා වහන්සේ අපට තාමත් වටිනවා. ඒ ගෞරවය අපේ හිතින් නැතිවෙන්නේ නැහැ. ඒ පසුබිමත් එක්ක තමයි මෙම ගීතය ලියැවුණේ. ඊට අමතරව රජරට සේවය නවපද මාලාවක් ලෙස පුන්‍ය ඒකනායක මහත්මිය තෝරගෙන එයා තමයි සංගීත කරන්න දර්ශන වික්‍රමතුංගට දීලා තිබුණේ. ඊට පස්සේ එඩ්වඩ් අයියා තමයි ගායනට තෝරගෙන තිබුණේ. මේ ගීතය පටිගත කරන අවස්ථාවේත් මම හිටියේ නැහැ. ඒ දෙන්නේ විශාල කැපවීමක් කරා මේ ගීතය පටිගත කරන්න. රෑ 12 වෙනකන් මමත් නැතුව ඒ දෙන්නාගේ වැඩක් විදිහට භාර අරගෙන කරනු ලැබුවා. ගොඩක් අය කියනවානේ ප්‍රවීණයෝ අලුත් පරපුරට අත දෙන්නේ නැහැ කියලා. ඒ වුණාට එඩ්වඩ් අයියා ලොකු කැපකිරීමක් කරා ඔය සිංදුව කියන්න. එතනදී එයාලාගේ තියෙන් මනුෂ්‍යත්වය හැමදෙයක්ම උපයෝගී කරගෙන මට හොඳ අත්වැලක් දුන්නා."
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගීත රචකයෙකු වූ මාධ්‍යවේදීයා "සුජිත්"