IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගීතා කුමාරසිංහට ආසනය අහිමි වෙයි?

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේද පුරවැසිකම ලබා ඇති හෙයින් ඇයට මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීමට නොහැකි වෙතියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥවරු කියති.

පසුගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඇය 63955 මනාප ඡන්ද ලබා තේරී පත්වූවාය.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එන්.මොහොමඩ් මහතා පවසනුයේ කුමාරසිංහ මහත්මිය නාමයෝජනා බාර දෙන අවස්ථාවේ බලපැවැත්වූ නීතිය අනුව එම ප්‍රශ්නය මතු කළත් ඇගේ නාම යෝජනාව අවලංගු කළ නොහැකි බවයි. නාම යෝජනා අවලංගු කැරෙනුයේ කරුණු හතරක් මත බවත් මොහොමඩ් මහතා කියයි. එනම්, නාම යෝජනා ලැයිස්තුවේ අපේක්ෂකයා අත්සන් කර නොමැති වීම, පක්ෂ ලේකම් අත්සන් කර නොමැති වීම, අවශ්‍ය ප්‍රමාණයේ අපේක්ෂකයන් නොමැති වීම හා දිවුරුම් දී නොමැති වීම යන කරුණු මතයි.

ශ්‍රී ලංකාවේ දැනට බලපවත්වන 1981 මැතිවරණ පනතෙන් ඇයට හෝ වෙනත් අයකුට නාම යෝජනා බාර දීමේදී ප්‍රශ්නයක් පැන නොනගින බවත් ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහ මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

‘මේක මොන විකාරයක්ද? මෙහෙම දෙයක් ගැන කිසිම නඩුවක් නෑ. පුළුවන්නම් ඔප්පු කරන්න කියන්න. නීත්‍යනුකූලව හරි පියවරවල් අරගෙනයි මම මෙතැනට ආවේ. මගේ සැමියා නිසා මට ස්විට්සර්ලන්ත පුරවැසි භාවය අවුරුදු 30ක් තිබුණා. ඒ රටේ නීතියක් හැටියට මිසක් මම කිසිම දිනක වෙනත් රටක පදිංචිවෙලා ඉඳලා නැහැ. ස්විට්සර්ලන්ත පුරවැසි භාවය විදියට ලැබුණෙත් පාස්පෝට් එකක් විතරයි. මගේ පුරවැසි භාවය මම මේ වසරේ ජූනි මාසය මුලදී ඉවත් කර ගත්තා. 19 වැනි ව්‍යවස්ථාව සම්මත වුණේ මැයි මාසයේ. එක එක ඕපාදූප වෙබ් අඩවිවලින් මට මඩ ගහනවා. ජනතාව ප්‍රතික්ෂේප කරපු, ජාතික ලැයිස්තුවෙන් පත්වෙන්න බලා ඉඳලා ඒකත් බැරිවුණු එක්තරා අපේක්ෂකයෙක් මට ලෙඩක් දාන්න මේවා ප්‍රචාරය කරනවා. මම එයාට කියනවා එන්න නීති මගින් කටයුතු කරන්න කියලා. මම ලියකියවිලි සහිතව ඔප්පු කර පෙන්නවා. මේක අපේ රටේ ජනතාව වෙනුවෙන් මම කරපු පරිත්‍යාගයක්. ඇයි මට විතරක් මඩ ගහන්නේ. තව අය ඉන්නවා වෙනත් රටවල පුරවැසි භාවය තබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වෙලා ඉන්න. එක්සත් ජාතික පක්ෂයෙත් ඉන්නවා සමහරු‘

තමා සතුව ඇති ලියකියවිලි ඕනෑම මොහොතක අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඇය සඳහන් කළාය.

එහෙත් දින 100 රජයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් ඔහු හෝ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් දැරීම නුසුදුසු බව එම නීතියේ පැහැදිලිවම සඳහන් කර ඇත.

මැතිවරණ කාර්යාලයෙන් වරදක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය භාරය බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය කියයි.

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියක ලෙස පත්වූ බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව ගැසට් කර ඇත්තේ 1981 පනත යටතේය. 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් එම සංශෝධනය 1981 පනතට මෙතෙක් එක්වී නැති හෙයින් ඇගේ නම ගැසට් කර ඇත්තේද ඒ අනුව බවත් දැනගන්නට ඇත.

මේ අතර සන්ධානයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පරාජයට පත්වූ පළාත් සභා මන්ත්‍රී හා අකුරැස්ස සංවිධායක මනෝජ් සිරිසේන මහතාද පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නම් ගීතා කුමාරසිංහ මහත්මියට අත්වීමට නියමිත ඉරණම ඔහුටද හිමිවිය හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශ්ලේෂකයෝ කියති.

සන්ධානය මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 5ක් දිනාගත් අතර මනෝජ් සිරිසේන මහතා  එම ලැයිස්තුවේ 7 වැනියාය. (28723) ඔහු ඕස්ට්‍රේලියා පුරවැසියකු නිසා ඡන්දයට ඉදිරිපත් විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනා බාර දුන් අවස්ථාවේ මූලික විරෝධයක් මතු කරමින් කියා සිටියේය.

එහෙත් තේරීම් බාර නිලධරයා එම විරෝධය පිළි නොගත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතිගතවූ නීතිය 1981 මැතිවරණ පනතට එක්නොවී තිබීම නිසා බව දැනගන්නට ඇත.

තේරීම් බාර නිලධරයා එහිදී විරෝධතා කරුවනට පැවසූයේ ඔහු මන්ත්‍රීවරයකු වුවහොත් උසාවියකින් ඔවුනට සාධාරණය ඉෂ්ට කරගත හැකි බවයි.

දැන් ප්‍රශ්නය මතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින සිරිසේන මහතාගේ පළාත් සභා මන්ත්‍රී ධූරය වලංගුද යන්න බව නීති අංශවල කථාබහට ලක්වී තිබේ. ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින කිසිවකුටත් ඡන්දය පවා දීමට නොහැකිය. කුමාරසිංහ මහත්මියත් සිරිසේන මහතාත් පසුගිය ඡන්දයේදී සිය ඡන්දය පාවිච්චි කර ඇත්නම් එයද නීති විරෝධී ක්‍රියාවක් බව 19 වැනි සංශෝධනයේ දැක්වේ.

ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මනාප ලැයිස්තුව අනුව මීළඟට සිටිනුයේ හිටපු ඇමැති පියසේන ගමගේ මහතාය. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 47,247කි.

 

 

 



අදහස් (0)

ගීතා කුමාරසිංහට ආසනය අහිමි වෙයි?

අමරදාස Saturday, 29 August 2015 01:24 PM

19 වැනි ව්‍යවස්ථාව සම්මත වුණේ මැයි මාසයේ නම් පුරවැසි භාවය ඉවත් කර ගත්තේ ජූනි මාසය මුලදී නම් ඉතින් ඔබ මැතිවරණයකට ඉදිරිපත් වීමට නුසුදුස්සෙක් වෙලානේ. ගීතා නෝනා විතරක් නෙවෙයි අපේ අර මාතර ඩලස් මහත්තයට ඇමෙරිකානු පුරවැසි කමත් ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවේ පුරවැසි කමත් තියෙනවලු නේද ? එහෙම නම් එයාලටත් මේ නීතිය අදාලයි නේද? (නදී)

:       0       0

මංජු Friday, 28 August 2015 03:20 PM

එතුමිය ඉතාම හොඳින් මේ ප්‍රශ්නයට මුහුණ දී ඇති අතර පරාද කුජිතයන්ට මෙතනින් ගොඩවන්නට නොහැකි බවද දන්වා සිටිමි (නදී)

:       0       0

සත්‍යපාල Friday, 28 August 2015 08:43 AM

ඒකත් එයා බලා ගනියි (අ)

:       0       0

ප්‍රියන්ත Friday, 28 August 2015 09:37 AM

එතකොට ගම්මන්පිල මහතාට මොකද වෙන්නේ..? ... එයාට ඔස්ට්‍රලියාවේ පුරවැසිකම තියෙනවානෙ. (අ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 28 August 2015 09:57 AM

ගීත බබෙක් නෙමෙයි..මේ තර්කයට කට්ටිය එන බව නොදැන කටයුතු කලා වෙන්න බැහැ...එතුමිය අතේ තුරුම්පු ඇති.කට්ටිය කට ඇරන් බලන් හිටියට වැඩක් වෙන එකක් නැහැ.ගීත කියන්නෙ බෙන්තර ගගෙන් එගොඩ වැල්ලේ හොදට තෙම්පරාදු වුණු කෙනෙක්. (අ)

:       0       0

ද.ග.දයාරත්න Friday, 28 August 2015 09:59 AM

පළාත් සබා මන්ත්‍රී කමයි පාර්ලිමේන්තු මන්තිකමයි දෙකම නැති වෙයිද? (අ)

:       0       0

යසිරු Friday, 28 August 2015 11:38 AM

අපොයි ඔව් යහපාල ඒවාට උපදේශන සපයන්නත් කට්ටිය ඉන්න බව මුළු. රටම දන්නවා. ඒ හරිය මොකටද (අ)

:       0       0

සෝබනා Friday, 28 August 2015 11:40 AM

ඩලස් අලහපෙරුමට ඇමරිකා පුරවැසිබාවය නැද්ද ? (නදී)

:       0       0

මොහොමඩ් Friday, 28 August 2015 01:29 PM

ගීතා ගාල්ලේ බව අමතක කරන්න එපා නිකමටද කියන්නේ බෙන්තර ගගෙන් එහා අැහැ ඇරපු බලල පැටියෙක්වත් එපය් කියලා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site