කරන්දෙනියේ පාරක් හදා දෙන ලෙස ඉල්ලමින් ගැමියන් මහා මාර්ග අවහිර කරමින් පැය 8 ක් තිස්සේ පැවති උද්ඝෝෂණය අද සවස 6.00 ට පමණ අවසන් විය.
පාර හදා දීමට මහා මාර්ග නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල මහතා පොරොන්දු වු බව ගීතා කුමාරසිංහ මහත්මිය ගැමියන්ට කීවාය.
ගීතා කුමාරසිංහ මහත්මිය දුන් පොරොන්දුව පිළිගත් ගැමියෝ උද්ඝෝෂණය අත් හලහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඕක වෙනකම් මෙතුමියට පෙනිසිටින්න සහ වගකියන්න වෙයි වගේ,(අ)
ඔන්න වැඩ. කොරලම පෙන්නමු. ජය දෙගොල්ලන්ටම. (නි)
නියමයි
ගීතා වනාහී සම්මාන්නනීය නිලියක් වගේම, වැඩකට රජයේ ප්‍රතිපාදන නැත්නම්, අතේ සල්ලි වලින් හෝ වැඩේ කරන්න පසුබට නොවෙන , ඇඹරෙන්නෙ නැති කාන්තාවක්. කරන්දෙනියටත් තරුවක් පායලා වගේ !!! (නි)
මොනවා වුනත් ඇය දන්නවා අවස්ථාවට අනුව කළ යුතු දේ (නි)
වාස් මහත්තයෝ ගීතා නෝනා හොදට වැඩ කලේ අපේ පළාතේ ඉන්න කොට ඇතුල්කෝට්ටේ බොරුනම් අහන්නකො.(නදී)
හැබැයි කෝපි කෝප්පෙන් ගහගන්න එහෙම බැහැ හරිද.... (නි)
යමු යමු පෙරටම යමු (නි)
රිදී තිරයේ කතාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
දැන් ඉතින් ලැජ්ජාවට හරි පාර හදලා දේවි. (නි)
කෝපී බොන්නේ නැති තැන් වලදී ගීතා අක්කා හරි හොදයි.(නදී)
මම ගීතක්කා නම් ඒ අයට පාර හදාදෙන්න අතේ තියන අන්තිම සතෙත් වියදම් කරනවා. අපි හෙට මැරෙයිද කවුද දන්නේ? (නි)..
පුළුවන් මිනිහා කරයි, බැරි මිනිහා කරන හැටි උගන්වයි (නි)
මෙයාට ගාල්ල මතක් උනේ වයසට ගියාම. අපේ අයටත් ලැජ්ජා නෑ නේ මේ වගේ අයට ඡන්දෙ ඉල්ලන්න දෙන්න. මෙයාලව පාර්ලිමේන්තු යවල මොනවද බලාපොරොත්තු වෙන්නේ?(නදී)
මේ වගේ සුළු දේකටත් ඇමැතිවරුම මැදිහත් වෙන්න ඕනෑ නම් මොන එහෙකටද කෝටි ගණන් වියදම් කර කර ප්‍රාදේශීය සභා මන්ත්‍රීලයි පළාත් මන්ත්‍රීලයි කියලා ජාතියක් අපි නඩත්තු කරන්නෙ? ඒවා නිකම්ම සුදු අලි බව තමයි මේකෙන් නැවත නැවතත් තහවුරු වෙන්නේ. අනේ අපේ සල්ලි. (නි)
මෙයා ගැමියන් අතරට ගියේ කොහොමද? අද ගමේ මිනිස්සු ලෙහෙසියෙන් ෂේප් කරගන්න අමාරුයි.(නදී)
මෙයා පරාද වෙච්ච වෙලාවේ අඬපු හැටි මට තවමත් මතකයි. (නදී)
බබා අඬන්න ගත්තම සූප්පුවක් කටේ ගහපුවම ඒක නවත්වනවා .(නදී)
උද්ගෝෂණ මවන්නෙත් නැතිකරන්නෙත් එකම පිරිසක්. (නි)
අපේ ගීතා අක්කට ජයවේවා!(නදී)
මේ දර්ශනය සමහරවිට ඇයගේ ඉදිරි චිත්‍රපටි දර්ශනයකට වුණත් යොදාගන්න පුළුවන් (නි)
ගීතාගේ ආසනේ ඇල්පිටියනේ. එයා කොහොමද මෙතෙන්ට සෙට් වුණේ? (නි)
පොරොන්දුවක් මත රැදුන පොරොන්දුවක් කරන්දෙනියේ අය විශ්වාස කළාද? (නි)
ගීතා අක්කා හිතන්නේ එහෙම තමයි (නි)
මෙයා මාරම විනෝදයක් දෙන්නේ බෙන්තරින් එහා ඉන්න අයට. (නදී)
පාලම යට.
මන් හිතන්නේ මේ නළු නිලියන් දේශපාලනයට බැහැලා පාර්ලිමේන්තුවත් සිනමාවක් කරන්න හදන්නේ. මම නම් වලින් කියා දොස් පවසන්නේ නැහැ. ඒත් මේ කරන්නේ විහිළුවක් මගේ මතයේ හැටියට.(නදී)
ගීතා නෝනා ඇල්පිටියට ට පායපු පුන් සඳක්. අපේ නෝනා මෙහට හොඳට වැඩ කරනවා.(නදී)