පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට නොයෙල් මුදලිගේ නමින්ද විදෙස් ගමන් බලපතක් අනාවරණය වූයේ ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය විට ඔහුගේ නිවසේදී බව අධිකරණයේ සාක්කි දෙමින් කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කී අතර අධිකරණයට පෙර ඉදිරපිත් කළ වාර්තාවල ඔහු දක්වා ඇත්තේ ගුණරත්නම් අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආ පසු එය අනාවරණය වූ බව යැයි අද අධිකරණයේ දී කියැවිණි.
එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්කි දුන් නිලධාරියා කීවේ වීසා කාලය දිගු කිරීමට ගුණරත්නම් යොමු කළ අයැදුම ප්‍රතික්ෂේප කළ බව ඔහුට දැනුම් නොදුන් බවයි. සාමාන්‍යයෙන් එලෙස දිගු නොකරන්නේ නම් ඒ බව දැනුම් දෙන බවත්, ගුණරත්නම් දේශපාලනය කරන නිසා ඔහු පිටුවහල් කරන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් ලිඛිතව දැන්වීයැයි ද එම ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේදී ඔක්කොම නිවැරදියි. අපි තමයි වැරදි (නි)
ශ්‍රී ලංකාවේ ඉපදුනද අද ඔහු විදේශිකයෙකි. ඔහුට නීතිවිරෝධී ලෙස ලංකාවේ රැඳීසිටිය හැකිද? එසේ රැඳෙමින් ජනතාව කුපිත කරමින් දේශපාලනය කළහැකිද? (නි)
අපි ඉතින් මේවට මොනවා කියන්නද? (නි)
පොලිසියත් මෙහෙම කියනවා නම් ඉතින් අපි කිවුවහම මොකෝ (නි)
සමීර මහත්තයෝ, මේ රටේ දේශපාලකයන් අතර උවමනාවටත් වඩා වැරදි තිබෙනවා. නමුත් මේගොල්ලෝ කරන්නේ මේගොල්ලන්ගේ අඹු දරුවන් විදෙස් රටවල සුවයෙන් කල්ගෙවද්දී ,මෙහි පැමිණ පුහු සමාජවාදයක් අසහනයට පත් ජනතාවට පෙන්වමින් ජනතාව කුපිත කරවන එක. එය හරිද? මේගොල්ලන්ට අඹුදරුවන් සමඟ මෙහිම වසමින් අයිතිවාසිකම් සටන් මෙහෙයවන්න බැරිද? (නි)
වමේ දේශපලනය කිරීම නිසා ජීවිතයට ආ තර්ජන නිසා ඔහු රටින් පිටවුණේ. එහෙම ජීවිතය බේරාගෙන රටින් ගිය අය බොහෝ ඉන්නවා. එහෙම රටින් පිටවුණාම ඒ රටවල් වල පාසල් වලට ළමයින් යවලා උගන්වන්න වෙනවා. එහෙම නැතුව විදේශ රටවල සුවයෙන් ඉන්න හැම මිනිහෙක්ම විදේශ ගතවෙන්නේ නැහැ. එතනම තියෙනවා ලංකාවේ මිනිසුන්ට එහෙම නිදහසක් නැහැ කියන අර්ථය. ඒ වෙනුවෙන් තමයි කුමාර් ගුණරත්නම් දේශපාලන අරගලයක නිරතවෙලා ඉන්නේ (නි)
නිමල් ලලිත මහත්තයෝ ජනතාව කියන්නේ කවුරුහරි කිවුවට කුපිත වෙන සත්තු නෙමෙයි. හේතුවක් නිසයි කුපිත වෙන්නේ, එකට හේතුව නැති නොකර මිනිස්සු හිරකාරට වැඩක් නැහැ (බ)
මේවා ඉතින් අපිට අහලා අහලාම දැන් පුරුදුවෙලා (නි)